යෙදුමෙන් කියවන්න

1. අබ්‍යාකතවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. අබ්‍යාකත වර්ගය

1. ඛෙමාසුත‍්තවණ‍්ණනා

1. ඛෙමා සූත්‍ර වර්ණනාව

අබ්‍යාකතසංයුත‍්තස‍්ස පඨමෙ ඛෙමාති ගිහිකාලෙ බිම‍්බිසාරස‍්ස උපාසිකා සද‍්ධාපබ‍්බජිතා මහාථෙරී “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවිකානං භික‍්ඛුනීනං මහාපඤ‍්ඤානං යදිදං ඛෙමා”ති එවං භගවතා මහාපඤ‍්ඤතාය එතදග‍්ගෙ ඨපිතා. පණ‍්ඩිතාති පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතා. වියත‍්තාති වෙය්‍යත‍්තියෙන සමන‍්නාගතා. මෙධාවිනීති මෙධාය පඤ‍්ඤාය සමන‍්නාගතා. බහුස‍්සුතාති පරියත‍්තිබාහුසච‍්චෙනපි පටිවෙධබාහුසච‍්චෙනපි සමන‍්නාගතා.

අබ්‍යාකත සංයුත්තයේ පළමුවැන්නෙහි - ඛේමා = ගිහි කල බිම්බිසාර (මහරජු) ගේ මෙහෙසිය වූ උපාසිකා තොමෝ සැදැහැයෙන් පැවිදි වූවාය. එම මහා ස්ථවිර තුමිය “මහණෙනි. මගේ භික්ෂූණී ශ්‍රාවිකාවන්ගේ මහා ප්‍රඥාවන්ත තැනැත්තියන් කෙරෙන් මේ “ඛේමා” භික්ෂුණිය” අග්‍රවන්නීය”යි භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් වූ ප්‍රඥාවන්ත භාවයෙන් අග්‍රස්ථානයෙහි තබන ලද්දීය. පණ්ඩිතා - පණ්ඩිත භාවයෙන් යුක්ත වූවාහු බ්‍යත්තා = ව්‍යක්ත භාවයෙන් යුක්ත වූවාහු මෙධාවිනී = ඥානයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූවාහු බහුස්සුතා = ධර්මය ඉගෙනීමෙන්ද, සත්‍යය ඉගෙනීමෙන් ද යුක්ත වූවාහු

ගණකොති අච‍්ඡිද‍්දකගණනාය කුසලො. මුද‍්දිකොති අඞ‍්ගුලිමුද‍්දාය ගණනාය කුසලො. සඞ‍්ඛායකොති පිණ‍්ඩගණනාය කුසලො. ගම‍්භීරොති චතුරාසීතියොජනසහස‍්සගම‍්භීරො. අප‍්පමෙය්‍යොති ආළ‍්හකගණනාය අප‍්පමෙය්‍යො. දුප‍්පරියොගාහොති ආළ‍්හකගණනාය පමාණගහණත්‍ථං දුරොගාහො. යෙන රූපෙන තථාගතන‍්ති යෙන රූපෙන දීඝො රස‍්සො සාමො ඔදාතොති සත‍්තසඞ‍්ඛාතං තථාගතං පඤ‍්ඤපෙය්‍ය. තං රූපං තථාගතස‍්ස පහීනන‍්ති තං වුත‍්තප‍්පකාරරූපං සමුදයප‍්පහානෙන සබ‍්බඤ‍්ඤුතථාගතස‍්ස පහීනං. රූපසඞ‍්ඛාය විමුත‍්තොති ආයතිං රූපස‍්ස අනුප‍්පත‍්තියා රූපාරූපකොට‍්ඨාසෙනපි එවරූපො නාම භවිස‍්සතීති වොහාරස‍්සපි පටිපස‍්සද‍්ධත‍්තා රූපපණ‍්ණත‍්තියාපි විමුත‍්තො. ගම‍්භීරොති අජ‍්ඣාසය ගම‍්භීරතාය ච ගුණගම‍්භීරතාය ච ගම‍්භීරො. තස‍්ස එවං ගුණගම‍්භීරස‍්ස සතො සබ‍්බඤ‍්ඤුතථාගතස‍්ස යං උපාදාය සත‍්තසඞ‍්ඛාතො තථාගතොති පඤ‍්ඤත‍්ති හොති, තදභාවෙන තස‍්සා පඤ‍්ඤත‍්තියා අභාවං පස‍්සන‍්තස‍්ස අයං සත‍්තසඞ‍්ඛාතො හොති තථාගතො පරං මරණාති ඉදං වචනං න උපෙති න යුජ‍්ජති, න හොති තථාගතො පරං මරණාතිආදිවචනම‍්පි න උපෙති න යුජ‍්ජතීති අත්‍ථො.

ගණකො = නිවැරදිව ගණන් කිරීමෙහි දක්ෂ වූ මුද්දිකො = ඇඟිලිවල ලන මුදු ගණනයෙහි දක්ෂ වූ සඞ්ඛායකො = අහර පිඬු ගණනයෙහි දක්ෂ වූ, ගම්භීරො = යොදුන් අසූහාර දහසක් ගැඹුරු වූ අප්ප මෙෙය්‍යා = මැනීමට, ගණනය කිරීමට අපහසු තරම් අධික වූ දුප්පරියොගාහො = මැන ගැනීමට මිම්මක් භාවිත කිරීමට අපහසු වූ යෙන රූපෙන තථාගතං = දික්වූ, කෙටි වූ, කළු වූ, සුදුවූ, යන තත්ත්වයන්ගෙන් යුක්තවූ යම් රූපාකාරයකින් තථාගතයන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරන්නේද යත් තං රූපං තථාගතස්ස පහීනං = හේතුව දුරුවීම නිසා සර්වඥ වූ තථාගතයන් වහන්සේගේ (ද) පෙර කියන ලද ආකාර ඇති රූපය ප්‍රහීන විය. රූප සඞ්ඛ යා විමුත්තො = මතු කල්හි ද රූපයක් වන්නේය යන අදහසින් රූප හා අරූප කොටසින් ද මෙබඳුම රූපයක් වන්නේ යයි යන ව්‍යවහාරයෙන් ද සන්සිඳීමක් වන බැවින් රූපයාගේ පැවැත්මෙන් ද මිදුණේ වෙයි. ගම්භීරො = අදහස්හි ගැඹුරු බැවින් ද, ගුණයෙහි ගැඹුරු බැවින් ද “ගම්භීර” යයි යෙදේ. ගැඹුරු ගුණ ඇත්තාවූ, සිහි ඇත්තාවූ ඒ තථාගතයන් වහන්සේට යම් කරුණක් නිසා “සත්ව සංඛ්‍යාත වූ තථාගතයන් වහන්සේ” යයි ව්‍යවහාර වේද, එය නොමැති වීමෙන් එම ව්‍යවහාරයේ අභාවය දකින්නහුට මේ සත්ව සංඛ්‍යාත වූ හොති තථාගතො පරම්මරණා (හෙවත් තථාගතයන් වහන්සේ මරණින් පසු පවතින්නේ වේය) යන මේ කියමන ඇති නොවේ. නොයෙදේ න හොති තථාගතො පරම්මරණා (හෙවත් තථාගතයන් වහන්සේ මරණින් පසු නො පවතින්නේ වේය) යන කියමන ද ඇති නොවේ, නොයෙදේ යනු (ගමභීරො යන්නෙහි) අර්ථය වේ.

සංසන්‍දිස‍්සතීති එකං භවිස‍්සති. සමෙස‍්සතීති නිරන‍්තරං භවිස‍්සති. න විරොධයිස‍්සතීති න විරුද‍්ධං පදං භවිස‍්සති. අග‍්ගපදස‍්මින‍්ති දෙසනාය. දෙසනා හි ඉධ අග‍්ගපදන‍්ති අධිප‍්පෙතා.

සංසන්‍දිස්සති යනු එකක් බවට පත්වන්නේය යන අදහසයි. සමෙස්සති නිතර සිදුවන්නේය යන විහායිස්සති = සතුරු වූ ශබ්දයක් නොවන්නේය. අග්ග පදස්මිං = දේසනාව වනාහී මෙහි “අග්ග පද” යයි අදහස් කෙරේ.

2. අනුරාධසුත‍්තවණ‍්ණනා

2. අනුරාධ සූත්‍ර වර්ණනාව

දුතියං ඛන්‍ධියවග‍්ගෙ විත්‍ථාරිතමෙව, අබ්‍යාකතාධිකාරතො පන ඉධ වුත‍්තං.

දෙවැන්න ඛන්‍දිය වර්ගයෙහි විස්තර කරන ලද්දේමය. අබ්‍යාකත අධිකාරයෙන් (හෙවත් ප්‍රකාශ නොකළ කොටස් අඩංගු අධිකාරයෙන්) මෙය කියන ලදී.

3-8. උපගතසුත‍්තාදිවණ‍්ණනා

3-8. උපගත ආදි සූත්‍ර වර්ණනා

තතියෙ රූපගතමෙතන‍්ති රූපමත‍්තමෙතං. එත්‍ථ රූපතො අඤ‍්ඤො කොචි සත‍්තො නාම න උපලබ‍්භති, රූපෙ පන සති නාමමත‍්තං එතං හොතීති දස‍්සෙති. වෙදනාගතමෙතන‍්තිආදීසුපි එසෙව නයො. අයං ඛො ආවුසො හෙතූති අයං රූපාදීනි මුඤ‍්චිත්‍වා අනුපලබ‍්භියසභාවො හෙතු, යෙනෙතං අබ්‍යාකතං භගවතාති. චතුත්‍ථාදීනි උත‍්තානත්‍ථානෙව.

තුන්වැන්නෙහි - රූපගත මෙතං = මෙහි රූප මාත්‍රය පමණක්ම වේ. මෙහි රූපයෙන් තොර වූ කිසියම් සත්ත්වයෙක් නම් නැත්තේය. රූපය ඇති කල්හි වනාහී නාම මාත්‍රවූ මෙය පවතී යයි දැක්වේ. වෙදනාගතමෙතං යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. අයං ඛො ආවුසොහෙතු මෙය රූප ආදියෙන් තොරව නොලැබිය හැකි තත්ත්වයකිය යන්න භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දකි. සිවු වැන්න ආදිය පහසු අරුත් දරන්නේ වේ.

9. කුතූහලසාලාසුත‍්තවණ‍්ණනා

9. කුතූහලශාලා සූත්‍ර වර්ණනාව

නවමෙ කුතූහලසාලායන‍්ති කුතූහලසාලා නාම පච‍්චෙකසාලා නත්‍ථි, යත්‍ථ පන නානාතිත්‍ථියා සමණබ්‍රාහ‍්මණා නානාවිධං කථං පවත‍්තෙන‍්ති, සා බහූනං “අයං කිං වදති, අයං කිං වදතී”ති කුතූහලුප‍්පවත‍්තිට‍්ඨානතො කුතූහලසාලාති වුච‍්චති. දූරම‍්පි ගච‍්ඡතීති යාව ආභස‍්සරබ්‍රහ‍්මලොකා ගච‍්ඡති. ඉමඤ‍්ච කායං නික‍්ඛිපතීති චුතිචිත‍්තෙන නික‍්ඛිපති. අනුපපන‍්නො හොතීති චුතික‍්ඛණෙයෙව පටිසන්‍ධිචිත‍්තස‍්ස අනුප‍්පන‍්නත‍්තා අනුපපන‍්නො හොති.

නව වැන්නෙහි - කුතුහල සාලායං = කුතූහල සාලා නමින් වෙනම ශාලාවක් නැත. යම් ශාලාවෙක වනාහී විවිධ වූ තීර්ථකයෝ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද නා නා විධ කථාවන් පවත්වත් ද, “මේ තෙමේ කුමක් කියයි ද, මේ තෙමේ කුමක් කියයිද” යනුවෙන් බොහෝ දෙන ප්‍රශ්න කරත් ද, මෙසේ බොහෝ දෙනාට කුහුල උපදවන තැනක් බැවින් “කුතුහලසාලා” යයි කියනු ලැබේ. දුරම්පි ගච්ඡති = ආභස්සර නම් බ්‍රහ්ම ලෝකය දක්වා වුවද යයි. ඉමඤ්ච කායං නික්‍ඛිපති චුති චිත්තය හේතු කොට ගෙන බහා තබයි. අනුප්පන්තො හොති චුති චිත්තයෙහි ම ප්‍රතිසන්ධි චිත්තය නූපන් බැවින් අනුප්පන්නො හොති (හෙවත් නො ඉපදුනේ වෙයි) යයි යෙදිණ.

10. අත්‍ථත‍්තසුත‍්තවණ‍්ණනා

10. අත්ථත්ත සූත්‍ර වර්ණනාව

දසමෙ තෙසමෙතං සද‍්ධිං අභවිස‍්සාති තෙසං ලද‍්ධියා සද‍්ධිං එතං අභවිස‍්ස. අනුලොමං අභවිස‍්ස ඤාණස‍්ස උප‍්පාදාය සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති යං එතං “සබ‍්බෙ ධම‍්මා අනත‍්තා”ති විපස‍්සනාඤාණං උප‍්පජ‍්ජති, අපි නු මෙ තස‍්ස අනුලොමං අභවිස‍්සාති අත්‍ථො.

දස වැන්නෙහි - තෙසමෙතං ලද්ධි අභවිස්ස = ඔවුන් ගේ විශ්වාස සමග මේ එක් දෙය සිදු විය. -පෙ- අනුලොම් ලෙස සිදු විය. -පෙ- නුවණ පහළ වීම සඳහා ධර්මයන් අනාත්මය යනුවෙන් (ඉගැන්වෙන) යමක් වේ නම් එය සියළු ධර්මයන් ම අනාත්ම වේ යන විදර්ශනා ඥානය උපදවයි. කෙසේ වුව ද මෙහි අනුලෝම තත්ත්වය සිදුවන්නේය යන අර්ථය වේ.

11. සභියසුත‍්තවණ‍්ණනා

11. සභිය සූත්‍ර වර්ණනාව

එකාදසමෙ එතමෙත‍්තකෙන එත‍්තකමෙවාති ආවුසො යස‍්සාපි එතං එත‍්තකෙන කාලෙන “හෙතුම‍්හි සති රූපීතිආදි පඤ‍්ඤාපනා හොති, අසති න හොතී”ති බ්‍යාකරණං භවෙය්‍ය, තස‍්ස එත‍්තකමෙව බහු. කො පන වාදො අතික‍්කන‍්තෙති අතික‍්කන‍්තෙ පන අතිමනාපෙ ධම‍්මදෙසනානයෙ වාදොයෙව කො, නත්‍ථි වාදො, ඡින‍්නා කථාති.

එකොළොස් වැන්නෙහි - එත්තකෙන එත්තකමෙව = ඇවැත්නි, යම් කිසි දෙයකට වනාහී මෙය මෙපමණ කලකින් හේතුවක් ඇති වූ කල්හි, රූපයක්ය යන ආදී ප්‍රඥප්තියක් ඇති වේද, හේතුවක් ඇති නොවූ කල්හි රූපයක්ය යන ප්‍රඥප්තියක් ඇති නොවේයයි ප්‍රකාශ වන්නේද ඔහුට බෙහෙවින් මේ ප්‍රමාණයන්ම ඇති වන්නේය. කොපන වාදො අභික්කන්තෙ = ප්‍රියජනක වූ කල්හි වනාහී බොහෝ මනාප වූ ධර්මදේශනා පිළිවෙළෙහි කිනම් වාදයෙක්ද? ඒ පිළිබඳව විවාදයක් නැත. කථාව සිඳී ගියේය.

අබ්‍යාකතසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අව්‍යාකත සංයුත්තය සමාප්තයි.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය සළායතනවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සාරත්‍ථප්පකාසීනි නම් වූ සංයුත්ත නිකාය අට්ඨ කථාවෙහි සළායතන වර්ග වර්ණනාව මෙතෙකින් නිමියේය.