සභියසුත්තං
10. 1. 11.
10. 1. 11.
සභියසුත්තං
සභිය සූත්‍රය
2286. එකං සමයං ආයස්මා සභියො කච්චානො ඤාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙනායස්මා සභියො කච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සභියෙන කච්චානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො ආයස්මන්තං සභියං කච්චානං එතදවොච:
2286. එක් කලෙක ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවෝ ඤාතිකා ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩවෙසෙති. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන්ට මෙය කී ය:
කින්නු ඛො භො කච්චාන හොති තථාගතො පරම්මරණාති. අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා “හොති තථාගතො පරම්මරණා”ති. කිං පන භො කච්චාන න හොති තථාගතො පරම්මරණාති. එතම්පි ඛො වච්ඡ අව්යාකතං භගවතා “න හොති තථාගතො පරම්මරණා”ති. කින්නු ඛො භො කච්චාන හොති ච න ච හොති තථාගතො පරම්මරණාති. අව්යාකතං ඛො එතං වච්ඡ භගවතා “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති. කිං පන භො කච්චාන නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති එතම්පි ඛො වච්ඡ අව්යාකතං භගවතා “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
භවත් කච්චානයෙනි, කිමෙක් ද සත්ත්වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
කින්නු ඛො භො කච්චාන, හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො අව්යාකතං ඛො එතං වච්ඡ භගවතා “හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කිං පන භො කච්චාන, න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා “න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කින්නු ඛො භො කච්චාන, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො අව්යාකතං ඛො එතං වච්ඡ භගවතා “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කිං පන භො කච්චාන, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො එතම්පි ඛො වච්ඡ අව්යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කො නු ඛො භො කච්චාන හෙතු කො පච්චයො යෙන තං අව්යාකතං සමණෙන ගොතමෙනාති.
භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, යම් හෙයකින් එය මහණ ගොයුම්හු විසින් නො වදාරන ලද නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ? යි.
යො ච ආවුසො, හෙතු යො ච පච්චයො පඤ්ඤාපනාය: රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා, සො ච හෙතු සො ච පච්චයො සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අපරිසෙසං නිරුජ්ඣෙය්ය. කෙන නං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, “රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීති නාසඤ්ඤීති වා”ති.
ඇවැත්නි, “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ පැනවීමට යමෙකුත් හේතු ද යමෙකුත් ප්‍රත්‍යය ද ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් පනවන්නෙක් “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ කවර හේතුවකින් ඔහු පනවන්නේ ද? (නො පනවන්නේ මැයි.)
කීවචිරං පබ්බජිතො’සි භො කච්චානාති න චිරං ආවුසො, තීණි වස්සානීති. යස්සපස්ස ආවුසො, එතමෙත්තකෙන එත්තකමෙව තම්පස්ස බහු. කො පන වාදො එව අභික්කන්තෙති.
භවත් කච්චානයෙනි, පැවිදි වූ ඔබට කෙතෙක් කල් දැ යි? ඇවැත්නි, වැඩි කලෙක් නැත. තෙවසෙකැ යි. ඇවැත්නි, මෙතෙක් (සුළු) කලෙකින් යමෙකුගේ දේශනාව මෙය වන්නේ නම් මෙපමණක් වූ ම ඒ ද ලොකු දේශනාවක් වන්නේ ය. ඉතා මනාප දේශනායෙහි ලා කතාවෙක් ම නැතැ”යි.
අව්යාකතවග්ගො පඨමො.
පළමු වැනි අබ්‍යාකත වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
ඛෙමා අනුරාධොපගතං සමුදය පෙම ආරාමං, ආයතන ඛන්ධං කුතුහලසාලා අත්ථත්තො සභියෙන චාති.
ඛේමා, අනුරාධ, උපගත, සමුදය, පේම, ආරාම, ආයතන, ඛන්ධ, කුතූහලසාලා, අත්ථත්ත, සභිය සූත්‍ර යයි එකොළොසෙකි.
අබ්යාකතසංයුත්තං සමත්තං.
අබ්‍යාකත සංයුත්තය නිමි.
සළායතනවග්ගෙ සංයුත්ත උද්දානං:
සළායතන වර්ගයෙහි සංයුත්ත නාමාවලිය:
සළායතන වෙදනා මාතුගාමො ජම්බුඛාදකො සාමණ්ඩො මොග්ගල්ලානො චිත්තො ගාමණී සඞ්ඛතං අබ්යාකතන්ති
සළායතන, වේදනා, මාතුගාම, ජම්බුඛාදක, සාමණ්ඩ, මොග්ගල්ලාන, චිත්ත, ගාමණී, අසඞ්ඛත, අබ්‍යාකත සංයුත්ත යයි සංයුත්ත දසයෙකි.
දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨඞ්ග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.
දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා යි.
සළායතනවග්ගො නිට්ඨිතො.
සළායතන වර්ගය නිමි.