යෙදුමෙන් කියවන්න

අත්‍ථත‍්තසුත‍්තං

10. 1. 10.

10. 1. 10.

අත්‍ථත‍්තසුත‍්තං

අත්‍ථත්ත සූත්‍රය

2285. අථ ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: කින‍්නු ඛො භො ගොතම, අත්‍ථත‍්තාති. එවං වුත‍්තෙ භගවා තුණ‍්හී අහොසි. කිං පන භො ගොතම, නත්‍ථත‍්තාති. දුතියම‍්පි ඛො භගවා තුණ‍්හී අහොසි. අථ ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො ආයස‍්මා ආනන්‍දො අචිරපක‍්කන‍්තෙ වච‍්ඡගොත‍්තෙ පරිබ‍්බාජකෙ භගවන‍්තං එතදවොච: කින‍්නු ඛො භන‍්තෙ භගවා වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස පඤ‍්හං පුට‍්ඨො න ව්‍යාකාසීති.

2285. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: භවත් ගෞතමයෙනි, කිමෙක් ද, ආත්මය ඇද්දැ? යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද ආත්මය නැද්දැ? යි. දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැගී ගියේ ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වච්ඡගොත්ත පිරිවැජ්ජා ගිය නො බෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, පුළුවුස්නා ලද්දාහු වච්ඡගොත්ත පිරිවැජ්ජාගේ පැන කුමක් හෙයින් නො විසදූසේක් දැ? යි .

අහඤ‍්ච ආනන්‍ද, වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස අත්‍ථත‍්තාති පුට‍්ඨො සමානො අත්‍ථත‍්තාති ව්‍යාකරෙය්‍යං, යෙ තෙ ආනන්‍ද, සමණබ්‍රාහ‍්මණා සස‍්සතවාදා, තෙසමෙතං ලද‍්ධි අභවිස‍්ස. අහඤ‍්ච ආනන්‍ද, වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස නත්‍ථත‍්තාති පුට‍්ඨො සමානො නත්‍ථත‍්තාති ව්‍යාකරෙය්‍යං, යෙ තෙ ආනන්‍ද, සමණබ්‍රාහ‍්මණා උච‍්ඡෙදවාදා, තෙසමෙතං ලද‍්ධි අභවිස‍්ස. අහඤ‍්ච ආනන්‍ද, වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස අත්‍ථත‍්තාති පුට‍්ඨො සමානො අත්‍ථත‍්තාති ව්‍යාකරෙය්‍යං, අපිනු මෙතං ආනන්‍ද, අනුලොමං අභවිස‍්ස ඤාණස‍්ස උප‍්පාදාය. සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති. නො හෙතං භන‍්තෙ. අහඤ‍්ච ආනන්‍ද වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස නත්‍ථත‍්තාති පුට‍්ඨො සමානො නත්‍ථත‍්තාති ව්‍යාකරෙය්‍යං, සම‍්මූළ‍්හස‍්ස ආනන්‍ද, වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස භිය්‍යො සම‍්මොහාය අභවිස‍්ස: අහුවා මෙ නූන පුබ‍්බෙ අත‍්තා, සො එතරහි නත්‍ථීති.

ආනන්‍ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්‍ද යම් ඒ මහණ බමුණු කෙනෙක් ශාශ්වත වාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්‍ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, ආනන්‍ද, යම් ඒ මහණ බමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්‍ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්‍ද, සියලු ධම්යෝ අනාත්මයහ යි විවසුන් නැණ ඉපදීම පිණිස මෙය මට සුදුසු වූයේ දැ? යි. වහන්ස, මෙය නොවේ ම ය. ආනන්‍ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, මුළා වූ වච්ඡගොත්ත පිරිවැජ්ජාට ‘පෙර මට ඒකාන්තයෙන් ආත්මය වූයේ ය, එය දැන් නැතැ’යි බෙහෙවින් මුළා වීම පිණිස වූයේ යි.