යෙදුමෙන් කියවන්න

කුතූහලසාලාසුත‍්තං

10. 1. 9.

10. 1. 9.

කුතූහලසාලාසුත‍්තං

කුතූහලශාලා සූත්‍රය

2284. අථ ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: පුරිමානි භො ගොතම දිවසානි පුරිමතරානි සම‍්බහුලානං නානාතිත්‍ථිය සමණබ්‍රාහ‍්මණානපරිබ‍්බාජකානං කුතූහලසාලායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි.

2284. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: භවත් ගෞතමයෙනි, පළමු ඉතා පළමු දවස්හි කුතූහල ශාලාවෙහි එක් රැස්ව හුන් බොහෝ වූ නන්තොටු මහණ බමුණු පිරිවැජ්ජයන් අතර මේ අතුරු කථාව පහළ විය.

අයං ඛො පූරණො කස‍්සපො සඞ‍්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස‍්සි තිත්‍ථකරො සාධුසම‍්මතො බහුජනස‍්ස. සොපි සාවකං අබ‍්භතීතං කාලකතං උප‍්පත‍්තීසු ව්‍යාකරොති: අසු අමුත්‍ර උප‍්පන‍්නො අසු අමුත්‍ර උප‍්පන‍්නොති. යො පිස‍්ස සාවකො උත‍්තමපුරිසො පරමපුරිසො පරමපත‍්තිපත‍්තො, තම‍්පි සාවකං අබ‍්භතීතං කාලකතං උප‍්පත‍්තීසු ව්‍යාකරොති: අසු අමුත්‍ර උප‍්පන‍්නො, අසු අමුත්‍ර උප‍්පන‍්නොති.

මේ පූරණකස්සප තෙමේ සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හෙතෙමේ ද “අසෝ පුඟුලා අසෝ තැන්හි උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උත්තමපුරිස වූ පරමපුරිස වූ උතුම්පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ ද, ඉකුත් කලුරිය කළ ඒ සව්වා ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ”යි උපත්හි ලා පවසයි.

අයම‍්පි ඛො මක‍්ඛලි ගොසාලො -පෙ- අයම‍්පි ඛො නිගණ‍්ඨො නාතපුත‍්තො -පෙ- අයම‍්පි ඛො සඤ‍්ජයො බෙල‍්ලට‍්ඨිපුත‍්තො -පෙ- අයම‍්පි ඛො පකුධො කච‍්චායනො -පෙ- අයම‍්පි ඛො අජිතො කෙසකම‍්බලො සඞ‍්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස‍්සී තිත්‍ථකරො සාධුසම‍්මතො බහුජනස‍්ස. සොපි සාවකං අබ‍්භතීතං කාලකතං උපපත‍්තීසු ව්‍යාකරොති: අසු අමුත්‍ර උපපන‍්නො, අසු අමුත්‍ර උපපන‍්නොති. යොපිස‍්ස සාවකො උත‍්තමපුරිසො පරමපුරිසො පරමපත‍්තිපත‍්තො, තම‍්පි සාවකං අබ‍්භතීතං කාලකතං උපපත‍්තීසු ව්‍යාකරොති: අසු අමුත්‍ර උපපන‍්නො අසු අමුත්‍ර උපපන‍්නොති.

මේ මක්ඛලී ගෝසාල තෙමේත් ... මේ නිගණ්ඨනාතපුත්ත තෙමේත් ... මේ සඤ්ජයබෙල්ලට්ඨිපුත්ත තෙමේත් ... මේ පකුධකච්චායන තෙමේත් ... මේ අජිතකේසකම්බල තෙමේත් සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හේ ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ උතුම්පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ නම් ඉකුත් කලුරිය කළ ඒ සව්වා ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි උපත්හි ලා පවසයි.

අයම‍්පි ඛො සමණො ගොතමො සඞ‍්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස‍්සී තිත්‍ථකරො සාධුසම‍්මතො බහුජනස‍්ස. සො’පි සාවකං අබ‍්භතීතං කාලකතං උපපත‍්තීසු ව්‍යාකරොති: අසු අමුත්‍ර උපපන‍්නො, අසු අමුත්‍ර උපපන‍්නොති. යො පිස‍්ස සාවකො උත‍්තමපුරිසො පරමපුරිසො පරමපත‍්තිපත‍්තො, තම‍්පි සාවකං අබ‍්භතීතං කාලකතං උපපත‍්තීසු න ව්‍යාකරොති: අසු අමුත්‍ර උපපන‍්නො, අසු අමුත්‍ර උපපන‍්නොති. අපි ච ඛො නං එවං ව්‍යාකරොති: “අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, විවත‍්තයි සඤ‍්ඤොජනං, සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සා”ති. තස‍්ස මය‍්හං භො ගොතම අහුදෙව කඞ‍්ඛා අහු විචිකිච‍්ඡා කථන‍්නාම සමණස‍්ස ගොතමස‍්ස ධම‍්මො අභිඤ‍්ඤෙය්‍යො.

මේ මහණ ගොයුම් තෙමේත් සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හේ ද “අසෝ පුඟුලා අසෝ තැන්හි උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උතුම් පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ නම් ඉකුත් කලුරිය කළ ඒ සව්වා “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි උපත්හි ලා නො පවසයි. වැලි දු “තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලුසුන් කෙළේ ය. මැනවින් මානය දුර ලීමෙන් දුක් කෙළෙවර කළේ” ය යි ඔහු ගැන මෙසේ පවසයි. භවත් ගෞතමයෙනි, ඒ මට කෙසේ නම් මහණගොයුම්හුගේ දහම දතයුතු දැ යි, සැකයෙක් වූයේ ම ය. විමතියෙක් වූයේ ම ය.

අලං හි තෙ වච‍්ඡ, කඞ‍්ඛිතුං අලං විචිකිච‍්ඡිතුං. කඞ‍්ඛනීයෙ ච පන තෙ ඨානෙ විචිකිච‍්ඡා උප‍්පන‍්නා. ස උපාදානස‍්ස ඛො’හං වච‍්ඡ උපපත‍්තිං පඤ‍්ඤාපෙමි නො අනුපාදානස‍්ස; සෙය්‍යථාපි වච‍්ඡ, අග‍්ගි සඋපාදානො ජලති, නො අනුපාදානො; එවමෙව ඛො’හං වච‍්ඡ සඋපාදානස‍්ස උපපත‍්තිං පඤ‍්ඤාපෙමි, නො අනුපාදානස‍්සාති. යස‍්මිං පන භො ගොතම සමයෙ අච‍්චි වාතෙන ඛිත‍්තා දූරම‍්පි ගච‍්ඡති, ඉමස‍්ස පන භවං ගොතමො කිං උපාදානස‍්මිං පඤ‍්ඤාපෙතීති. යස‍්මිං වච‍්ඡ සමයෙ අච‍්චි වාතෙන ඛිත‍්තා දූරම‍්පි ගච‍්ඡති, තමහං වාතූපාදානං වදාමි. වාතොහිස‍්ස වච‍්ඡ තස‍්මිං සමයෙ උපාදානං හොතීති.

වච්ඡ, තා විසින් සැක කරන්නට සුදුසු ම ය. විචිකිච්ඡා කරන්නට සුදුසු ම ය. තොපට සැක කටයුතු තන්හි විචිකිච්ඡාව උපන. වච්ඡ, මම උපාදාන ඇත්තහුගේ උපත පනවමි. උපාදාන රහිත වූවහුගේ (උපත) නො පනවමි. වච්ඡ, යම් සේ ගින්න දර සහිත වූයේ දිලේ ද, දර රහිත වූයේ නො දිලේ ද, වච්ඡ, එසෙයින් ම මම උපාදාන සහිත වූවහුගේ උපත පනවමි. උපාදාන රහිතයාගේ (උපත) නො පනවමි යි. භවත් ගෞතමයෙනි, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද භවත් ගෞතම තෙමේ මෙයට කිමෙක් උපාදාන ය යි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද, එයට මම වාතූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි සුළඟ එයට උපාදාන වේ යි.

යස‍්මිඤ‍්ච පන භො ගොතම, සමයෙ ඉමඤ‍්ච කායං නික‍්ඛිපති, සත‍්තො ච අඤ‍්ඤතරං කායං අනුප‍්පන‍්නො හොති, ඉමස‍්ස පන භවං ගොතමො කිං උපාදානස‍්මිං පඤ‍්ඤාපෙති? යස‍්මිං ඛො වච‍්ඡ සමයෙ ඉමඤ‍්ච කායං නික‍්ඛිපති, සත‍්තො ච අඤ‍්ඤතරං කායං අනුප‍්පන‍්නො හොති, තමහං තණ‍්හූපාදානං වදාමි. තණ‍්හාහිස‍්ස වච‍්ඡ, තස‍්මිං සමයෙ උපාදානං හොතීති.

භවත් ගෞතමයෙනි, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්ත්‍වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, භවත් ගෞතම තෙමේ මොහුට කිමෙක් උපාදාන යයි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක මේ කයත් බහා තබාද, සත්ත්‍වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, එයට මම තණ්හූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි ඔහුට තණ්හාව උපාදාන වේ යි.