යෙදුමෙන් කියවන්න

ඛන්‍ධසුත‍්තං

10. 1. 8.

10. 1. 8.

ඛන්‍ධසුත‍්තං

ඛන්‍ධ සූත්‍රය

2283. අථ ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: කින‍්නු ඛො භො ගොතම, සස‍්සතො ලොකොති? අව්‍යාකතං ඛො එතං වච‍්ඡ මයා: “සස‍්සතො ලොකො”ති -පෙ- කිම‍්පන භො ගොතම, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති? එතම‍්පි ඛො වච‍්ඡ, අව්‍යාකතං මයා: “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති.

2283. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: භවත් ගෞතමයෙනි, කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡ, “ලෝකය ශාශ්වත ය” යි මෙය මා විසින් නො පවසන ලදි ... භවත් ගෞතමයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡ, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද මා විසින් නො පවසන ලදි.

කො නු ඛො භො ගොතම, හෙතු කො පච‍්චයො යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං පුට‍්ඨානං එවං ව්‍යාකරණං හොති: “සස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා?” කො පන භො ගොතම, හෙතු කො පච‍්චයො යෙන භොතො ගොතමස‍්ස එවං පුට‍්ඨස‍්ස න එවං ව්‍යාකරණං හොති: “සස‍්සතො ලොකොතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපී”ති?

භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ .... සත්ත්‍වයා මරණින් මතු නො ම නො වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයෙකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිමැ, ප්‍රත්‍යය කිමැ යි? භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වත ය යි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයකින් මෙසේ පැවසීමෙක් නො වේ නම්, එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.

අඤ‍්ඤතිත්‍ථියා ඛො වච‍්ඡ, පරිබ‍්බාජකා රූපං අත‍්තතො සමනුපස‍්සන‍්ති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං; වෙදනං අත‍්තතො සමනුපස‍්සන‍්ති, -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සන‍්ති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. තස‍්මා අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං පුට‍්ඨානං එවං ව්‍යාකරණං හොති: “සස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා.

වච්ඡ, අන්තොටු පිරිවැජ්ජෝ රූපය ආත්ම ය යි හෝ ආත්මය රූප ඇත්තකැ යි හෝ ආත්මයෙහි රූපය පවතී ය යි හෝ රූපයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. වේදනාව ආත්මය යි හෝ ... දකිත්. සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.

තථාගතො ච ඛො වච‍්ඡ, අරහං සම‍්මාසම‍්බුද‍්ධො න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. න වෙදනං අත‍්තතො සමනුපස‍්සති -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. තස‍්මා තථාගතස‍්ස එවං පුට‍්ඨස‍්ස න එවං ව්‍යාකරණං හොති: “සස‍්සතො ලොකොතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපී”ති.

වච්ඡ, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත වනාහි රූපය ආත්මය යි නො දකී. ආත්මය රූප ඇත්තකැ යි හෝ නො දකී. ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකී. රූපයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. වේදනාව ආත්මය යි නො දකී ... සංඥාව … නො දකී ... සංස්කාර … නො දකී. විඥානය ආත්මය යි නො දකී. ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකී. ආත්මයෙහි විඥානය පවතී ය යි හෝ නො දකී. විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන්ගේ “ලෝකය ශාශ්වත යයි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු මෙසේ පැවසීමක් නො වේ.

අථ ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො උට‍්ඨායාසනා යෙනායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා මහාමොග‍්ගල‍්ලානෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං එතදවොච: කින‍්නු ඛො භො මොග‍්ගල‍්ලාන, සස‍්සතො ලොකොති? අව්‍යාකතං ඛො එතං වච‍්ඡ, භගවතා, “සස‍්සතො ලොකො”ති -පෙ- කිං පන භො මොග‍්ගල‍්ලාන, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති? එතම‍්පි ඛො වච‍්ඡ, අව්‍යාකතං භගවතා “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති.

ඉක්බිති වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැඟිට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කී ය: භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය ශාශ්වත දැ? යි. වච්ඡයෙනි, ‘ලෝකය ශාශ්වත ය’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි ... භවත් මොග්ගල්ලානයෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ’ යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.

කො නු ඛො භො මොග‍්ගල‍්ලාන, හෙතු කො පච‍්චයො යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං පුට‍්ඨානං එවං ව්‍යාකරණං හොති: “සස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති”වා? කො පන භො මොග‍්ගල‍්ලාන, හෙතු කො පච‍්චයො යෙන සමණස‍්ස ගොතමස‍්ස එවං පුට‍්ඨස‍්ස න එවං ව්‍යාකරණං හොති: “සස‍්සතො ලොකොතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපී”ති?

භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත ය” යි හෝ ... “සත්ත්‍වයා මරණින් මතු නො ම නො වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයෙකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිම? භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වතයයි” දු ... “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයකින් මෙසේ පැවසීමෙක් නො වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.

අඤ‍්ඤතිත්‍ථියා ඛො වච‍්ඡ, පරිබ‍්බාජකා රූපං අත‍්තතො සමනුපස‍්සන‍්ති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සන‍්ති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. තස‍්මා අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං පුට‍්ඨානං එවං ව්‍යාකරණං හොති: “සස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා.”

වච්ඡයෙනි, අන්තොටු පිරිවැජ්ජෝ “රූපය ආත්ම ය යි හෝ ආත්මය රූප ඇත්තකැ යි හෝ ආත්මයෙහි රූපය පවතී ය යි හෝ රූපයෙහි ආත්මය පවතී” යයි හෝ දකිත්. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥානය ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.

තථාගතො ච ඛො වච‍්ඡ, අරහං සම‍්මාසම‍්බුද‍්ධො න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. න වෙදනං -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. තස‍්මා තථාගතස‍්ස එවං ඵුට‍්ඨස‍්ස න එවං ව්‍යාකරණං හොති: “සස‍්සතො ලොකොතිපි, අසස‍්සතො ලොකොතිපි, අන‍්තවා ලොකොතිපි, අනන‍්තවා ලොකොතිපි, තං ජීවං තං සරීරන‍්තිපි, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්තිපි, හොති තථාගතො පරම‍්මරණාතිපි, න හොති තථාගතො පරම‍්මරණාතිපි, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපි, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපී”ති.

වච්ඡයෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වූ කලී රූපය ආත්මය යි නො දකිත්. ආත්මය රූප ඇත්තකැ යි හෝ නො දකිත්. ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකිත්. රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකිත්. වේදනාව ... නො දකිත්. සංඥාව … නො දකිත්. සංස්කාර.... නො දකිත්. විඥානය ආත්මය යි නො දකිත්. ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකිත්. ආත්මයෙහි විඥානය පවතී ය යි හෝ නො දකිත්. විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේගේ “ලෝකය ශාශ්වත ය යි දු ලෝකය ආශාශ්වත යයි දු ලෝකය අන්තවත් යයි දු ලෝකය අනන්තවත් යයි දු ඒ ම ජීවය යි දු ඒ ම ශරීරය යි දු ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි දු සත්ත්‍වයා මරණින් මතු වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යි දු මෙසේ වැදෑරීමක් නො වේ.

අච‍්ඡරියං භො මොග‍්ගල‍්ලාන, අබ‍්භුතං භො මොග‍්ගල‍්ලාන, යත්‍ර හි නාම සත්‍ථු ච සාවකස‍්ස ච අත්‍ථෙනත්‍ථො ව්‍යඤ‍්ජනෙන ව්‍යඤ‍්ජනං සංසන්‍දිස‍්සති සමෙස‍්සති න විහායිස‍්සති යදිදං අග‍්ගපදස‍්මිං. ඉදානාහං භො මොග‍්ගල‍්ලාන, සමණං ගොතමං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං ආපුච‍්ඡිං. සමණොපි මෙ ගොතමො එතෙහි පදෙහි එතෙහි ව්‍යඤ‍්ජනෙහි එතමත්‍ථං ව්‍යාකාසි, සෙය්‍යථාපි භවං මොග‍්ගල‍්ලානො. අච‍්ඡරියං භො මොග‍්ගල‍්ලාන, අබ‍්භුතං භො මොග‍්ගල‍්ලාන, යත්‍ර හි නාම සත්‍ථු ච සාවකස‍්ස ච අත්‍ථෙනත්‍ථො ව්‍යඤ‍්ජනෙන ව්‍යඤ‍්ජනං සංසන්‍දිස‍්සති සමෙස‍්සති න විහායිස‍්සති යදිදං අග‍්ගපදස‍්මින‍්ති.

භවත් මොග්ගල්ලානයෙනි, අරුමයෙකි. භවත් මොග්ගල්ලානයෙනි, පුදුමයෙකි, යම් හෙයකින් යම් මේ දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද, ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි). භවත් මොග්ගල්ලානයෙනි, මම දැන් මහණගොයුම්හු වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. මහණ ගොයුම්හු ද භවත් මුගලන්හු මෙන් මේ පදවලින් ම, මේ ව්‍යඤ්ජනවලින් ම මේ අරුත මට පැවසූහ. භවත් මොග්ගල්ලානයෙනි, අරුමයෙකි. භවත් මොග්ගල්ලානයෙනි, පුදුමයෙකි, යම් හෙයෙකින් යම් මේ දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි) යි.