ආයතනසුත්තං
10. 1. 7.
10. 1. 7.
ආයතනසුත්තං
ආයතන සූත්‍රය
2282. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: කින්නු ඛො භො මොග්ගල්ලාන, සස්සතො ලොකොති? අව්යාකතං ඛො එතං වච්ඡ භගවතා: “සස්සතො ලොකො”ති. කිං පන භො මොග්ගල්ලාන, අසස්සතො ලොකොති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා: “අසස්සතො ලොකො”ති. කින්නු ඛො භො මොග්ගල්ලාන, අන්තවා ලොකොති? අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා: “අන්තවා ලොකො”ති. කිං පන භො මොග්ගල්ලාන, අනන්තවා ලොකොති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා “අනන්තවා ලොකො”ති.
2282. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීය: භවත් මොග්ගල්ලානයෙනි කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡයෙනි ‘ලෝකය ශාශ්වත ය’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි කිම ලෝකය අශාශ්වත දැ?යි. වච්ඡයෙනි, ‘ලෝකය අශාශ්වත ය’යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය අන්තවත් දැ? යි. වච්ඡයෙනි, ‘ලෝකය අන්තවත් ය’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය අනන්තවත් දැ?යි. වච්ඡයෙනි, ‘ලෝකය අනන්තවත් ය’යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
කින්නු ඛො භො මොග්ගල්ලාන, තං ජීවං තං සරීරන්ති? අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා: “තං ජීවං තං සරීර”න්ති. කිං පන භො මොග්ගල්ලාන, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා: “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”න්ති. කින්නු ඛො භො මොග්ගල්ලාන, හොති තථාගතො පරම්මරණාති? අව්යාකතං ඛො එතං වච්ඡ භගවතා: “හොති තථාගතො පරම්මරණා”ති. කිං පන භො මොග්ගල්ලාන, න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා: “න හොති තථාගතො පරම්මරණා”ති. කින්නු ඛො මොග්ගල්ලාන, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති? අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා: “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති. කිං පන භො මොග්ගල්ලාන, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
භවත් මොග්ගල්ලානයෙනි, කිම ඒ ම ජීවය, ඒ ම ශරීරය දැ?යි. වච්ඡයෙනි, ‘ඒ ම ජීවය, ඒ ම ශරීරය’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ජීවය අනෙකක් ද? ශරීරය අනෙකක් දැ?යි. වච්ඡයෙනි, ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්වයා මරණින් මතු වේ’ ය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්වයා මරණින් මතු නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්වයා මරණින් මතු නො වේ’ ය යන මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්වයා මරණින් මතු වේ, නො ද වෙයි’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වෙයි’ යන මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
කො නු ඛො භො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා?
භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ලෝකය අන්තවත් යයි හෝ ලෝකය අනන්තවත් යයි හෝ ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි හෝ ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි හෝ සත්ත්වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ” යයි හෝ යම් හෙයකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ?යි.
කො පන භො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො යෙන සමණස්ස ගොතමස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි, අසස්සතො ලොකොතිපි, අන්තවා ලොකොතිපි, අනන්තවා ලොකොතිපි, තං ජීවං තං සරීරන්තිපි, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්තිපි, හොති තථාගතො පරම්මරණාතිපි, න හොති තථාගතො පරම්මරණාතිපි, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති?
භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද මහණගොයුම්හු “ලෝකය ශාශ්වත යයි දු, ලෝකය අශාශ්වත යයි දු, ලෝකය අන්තවත් යයි දු, ලෝකය අනන්තවත් යයි දු, ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි දු, ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි දු, සත්ත්වයා මරණින් මතු වේ යයි දු, සත්ත්වයා මරණින් මතු නො වේ යයි දු, සත්ත්වයා මරණින් මතු වේ නො ද වේ යයි දු, සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ” යයි දු යම් හෙයෙකින් මෙසේ විසඳීමෙක් නො වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ?යි.
අඤ්ඤතිත්ථියා ඛො වච්ඡ, පරිබ්බාජකා චක්ඛුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සන්ති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සන්ති. කායං -පෙ- මනං: එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සන්ති. තස්මා අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා.
වච්ඡයෙනි, අන්තොටු පිරිවැජියෝ ඇස ... “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කය ... සිත “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
තථාගතො ච ඛො වච්ඡ, අරහං සම්මාසම්බුද්ධො චක්ඛුං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. කායං -පෙ- මනං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. තස්මා තථාගතස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති.
වච්ඡයෙනි, අර්හත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි ඇස “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. කය ... සිත “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේගේ “ලෝකය ශාශ්වත ය යි දු ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි ද මෙසේ පැවසීම නො වෙයි.
අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: කින්නු ඛො භො ගොතම, සස්සතො ලොකොති? අව්යාකතං ඛො එතං වච්ඡ, මයා: “සස්සතො ලොකො”ති -පෙ- කිං පන භො ගොතම, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං මයා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
ඉක්බිති වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: භවත් ගෞතමයෙනි, කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡ, “ලෝකය ශාශ්වත ය” යි මෙය මා විසින් නො පවසන ලදි. භවත් ගෞතමයෙනි, කිම සත්ත්වයා මරණින් මතු නො ම වේ, නොම නො වේ දැ?යි. වච්ඡය, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යි මේ ද මා විසින් නො පවසන ලදි.
කො නු ඛො භො ගොතම හෙතු කො පච්චයො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති; “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා? කො පන භො ගොතම, හෙතු කො පච්චයො යෙන භොතො ගොතමස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි -පෙ- නෙව හොති තථාගතො පරම්මරණාතිපී”ති?
භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වත යයි දු ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයෙකින් මෙසේ පැවසීමෙක් නො වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
අඤ්ඤතිත්ථියා ඛො වච්ඡ, පරිබ්බාජකා චක්ඛුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති” සමනුපස්සන්ති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති” සමනුපස්සන්ති. කායං -පෙ- මනං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති” සමනුපස්සන්ති. තස්මා අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා.
වච්ඡ, අන්තොටු පිරිවැජ්ජෝ ඇස … “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කය ... සිත “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජියන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
තථාගතො ච ඛො වච්ඡ, අරහං සම්මාසම්බුද්ධො චක්ඛුං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. තස්මා තථාගතස්ස එවං පුට්ඨස්ස එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි, අසස්සතො ලොකොතිපි, අන්තවා ලොකොතිපි, අනන්තවා ලොකොතිපි, තං ජීවං තං සරීරන්තිපි, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්තිපි, හොති තථාගතො පරම්මරණාතිපි, න හොති තථාගතො පරම්මරණාතිපි, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති.
වච්ඡ, අර්හත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ වනාහි ඇස “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකී. කන ... නැහැය … කය … සිත “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකී. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන්ගේ “ලෝකය ශාශ්වත යයි දු, ලෝකය අශාශ්වත යයි දු, ලෝකය අන්තවත් යයි දු, ලෝකය අනන්තවත් යයි දු, ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි දු, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි දු, සත්ත්වයා මරණින් මතු වේ යයි දු, සත්ත්වයා මරණින් මතු නො වේ යයි දු, සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යයි දු, සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ” යයි දු මෙසේ පැවසීමක් නො වෙයි.
අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යත්ර හි නාම සත්ථුස්ස ච අත්ථෙනත්ථො ව්යඤ්ජනෙන ව්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විහායිස්සති යදිදං අග්ගපදස්මිං. ඉදානාහං භො ගොතම, සමණං මහාමොග්ගල්ලානං උපසඞ්කමිත්වා එතමත්ථං ආපුච්ඡිං. සමණොපි මෙ මොග්ගල්ලානො එතෙහි පදෙහි එතෙහි ව්යඤ්ජනෙහි එතමත්ථං ව්යාකාසි, සෙය්යථාපි භවං ගොතමො. අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යත්ර හි නාම සත්ථුස්ස ච සාවකස්ස ච අත්ථෙනත්ථො ව්යඤ්ජනෙන ව්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විහායිස්සති, යදිදං අග්ගපදස්මින්ති.
භවත් ගෞතමයෙනි, අරුමයෙකි. භවත් ගෞතමයෙනි, පුදුමයෙකි. යම් හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්ත්ථයෙන් අර්ත්ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි). භවත් ගෞතමයෙනි, මම දැන් මුගලන් මහණහු වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. මුගලන් මහණ ද භවත් ගොයුම්හු මෙන් මේ අරුත මේ පද වලින් මේ ව්‍යඤ්ජන වලින් මට පැවසීය. භවත් ගෞතමයෙනි, අරුමයෙකි. භවත් ගෞතමයෙනි, පුදුමයෙකි. යම් හෙයකින් දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්ත්ථයෙන් අර්ත්ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි) යි.