ආරාමසුත‍්තං
10. 1. 6.
10. 1. 6.
ආරාමසුත‍්තං
ආරාම සූත්‍රය
2281. එකං සමයං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාකොට‍්ඨිතො බාරාණසියං විහරන‍්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා මහාකොට‍්ඨිතො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා මහාකොට‍්ඨිතෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං මහාකොට‍්ඨිතං එතදවොච: කින‍්නු ඛො ආවුසො කොට‍්ඨිත, හොති තථාගතො පරම‍්මරණාති? -පෙ- කිංපනාවුසො, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති ඉති පුට‍්ඨො සමානො එතම‍්පි ඛො ආවුසො, අව්‍යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති වදෙසි. කො නු ඛො ආවුසො, හෙතු කො පච‍්චයො යෙන තං අව්‍යාකතං භගවතාති.
2281. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ දැ? යි ... ඇවැත්නි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ? යි. මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි මෙය ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියවු. ඇවැත්නි යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද නම් එයට හේතු කිම, ප්‍රත්‍ය කිමැ? යි.
රූපාරාමස‍්ස ඛො ආවුසො, රූපරතස‍්ස රූපසම‍්මුදිතස‍්ස රූපනිරොධං අජානතො අපස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති; න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති, නෙව හොති න නහොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති. වෙදනාරාමස‍්ස ඛො ආවුසො, වෙදනාරතස‍්ස වෙදනාසම‍්මුදිතස‍්ස වෙදනානිරොධං අජානතො අපස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති -පෙ- සඤ‍්ඤාරාමස‍්ස ඛො ආවුසො -පෙ- සඞ‍්ඛාරාරාමස‍්ස ඛො ආවුසො -පෙ- විඤ‍්ඤාණාරාමස‍්ස ඛො ආවුසො, විඤ‍්ඤාණරතස‍්ස විඤ‍්ඤාණසම‍්මුදිතස‍්ස විඤ‍්ඤාණනිරොධං අජානතො අපස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති.
ඇවැත්නි, රූපයෙහි ඇලෙන, රූපයෙහි ඇලුණු, රූපයෙහි සතුටු වූ, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද සිත් වේ. ඇවැත්නි, වේදනාවෙහි ඇලෙන, වේදනාවෙහි ඇලුණු, වේදනාවෙහි සතුටු වූ, වේදනා නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද වේ … ඇවැත්නි, සඤ්ඤායෙහි ඇලෙන ... ඇවැත්නි, සඞ්ඛාරයෙහි ඇලෙන ... ඇවැත්නි, විඤ්ඤාණයෙහි ඇලෙන, විඤ්ඤාණයෙහි ඇලුණු, විඤ්ඤාණයෙහි සතුටු වූ, විඤ්ඤාණනිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
න රූපාරාමස‍්ස ඛො ආවුසො, න රූපරතස‍්ස න රූපසම‍්මුදිතස‍්ස රූපනිරොධං ජානතො පස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. න වෙදනාරාමස‍්ස ඛො ආවුසො, න වෙදනාරතස‍්ස න වෙදනාසම‍්මුදිතස‍්ස -පෙ- න සඤ‍්ඤාරාමස‍්ස ඛො ආවුසො -පෙ- න සඞ‍්ඛාරාරාමස‍්ස ඛො ආවුසො -පෙ- න විඤ‍්ඤාණාරාමස‍්ස ඛො ආවුසො, න විඤ‍්ඤාණරතස‍්ස න විඤ‍්ඤාණසම‍්මුදිතස‍්ස විඤ‍්ඤාණනිරොධං ජානතො පස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. අයං ඛො ආවුසො, හෙතු අයං පච‍්චයො යෙන තං අව්‍යාකතං භගවතාති.
ඇවැත්නි, රූපයෙහි නො ඇලෙන, රූපයෙහි නො ඇලුණු, රූපයෙහි සතුටු නො වූ, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, වේදනාවෙහි නො ඇලෙන, වේදනාවෙහි නො ඇලුණු, වේදනාවෙහි සතුටු නො වූ ... ඇවැත්නි, සඤ්ඤාවෙහි නො ඇලෙන ... ඇවැත්නි, සඞ්ඛාරයෙහි නො ඇලෙන ... ඇවැත්නි, විඤ්ඤාණයෙහි නො ඇලෙන, විඤ්ඤාණයෙහි නො ඇලුණු, විඤ්ඤාණයෙහි සතුටු නො වූ, විඤ්ඤාණ නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නො වදාරණ ලද නම්, එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.
සියා පනාවුසො, අඤ‍්ඤොපි පරියායො යෙන තං අව්‍යාකතං භගවතාති? සියා ආවුසො. භවාරාමස‍්ස ඛො ආවුසො, භවරතස‍්ස භවසම‍්මුදිතස‍්ස භවනිරොධං අජානතො අපස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති.
ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් නයෙකුත් වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, භවයෙහි ඇලෙන, භවයෙහි ඇලුණු, භවයෙහි සතුටු වූ, භව නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
න භවාරාමස‍්ස ඛො ආවුසො, න භවරතස‍්ස න භවසම‍්මුදිතස‍්ස භවනිරොධං ජානතො පස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. අයම‍්පි ඛො ආවුසො, පරියායො යෙන තං අව්‍යාකතං භගවතාති.
ඇවැත්නි, භවයෙහි නො ඇලෙන, භවයෙහි නො ඇලුණු, භවයෙහි සතුටු නො වූ, භව නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
සියා පනාවුසො අඤ‍්ඤොපි පරියායො යෙන තං අව්‍යාකතං භගවතාති? සියා ආවුසො. උපාදානාරාමස‍්ස ඛො ආවුසො, උපාදානරතස‍්ස උපාදානසම‍්මුදිතස‍්ස උපාදානනිරොධං අජානතො අපස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති.
ඇවැත්නි, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම් එයට අන් කරුණෙකු දු වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, උපාදානයෙහි ඇලෙන, උපාදානයෙහි ඇලුණු, උපාදානයෙහි සතුටු වූ, උපාදාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
න උපාදානාරාමස‍්ස ඛො ආවුසො, න උපාදානරතස‍්ස න උපාදානසම‍්මුදිතස‍්ස උපාදානනිරොධං ජානතො පස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. අයම‍්පි ඛො ආවුසො, පරියායො, යෙන තං අව්‍යාකතං භගවතාති.
ඇවැත්නි, උපාදානයෙහි නො ඇලෙන, උපාදානයෙහි නො ඇලුණු, උපාදානයෙහි සතුටු නො වූ, උපාදාන නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
සියා පනාවුසො, අඤ‍්ඤොපි පරියායො යෙන තං අව්‍යාකතං භගවතාති? සියා ආවුසො. තණ‍්හාරාමස‍්ස ඛො ආවුසො, තණ‍්හාරතස‍්ස තණ‍්හාසම‍්මුදිතස‍්ස තණ‍්හානිරොධං අජානතො අපස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති.
ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් කරුණෙකු දු වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, තණ්හාවෙහි ඇලෙන, තණ්හාවෙහි ඇලුණු, තණ්හාවෙහි සතුටු වූ, තණ්හා නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
න තණ‍්හාරාමස‍්ස ඛො ආවුසො, න තණ‍්හාරතස‍්ස න තණ‍්හාසම‍්මුදිතස‍්ස තණ‍්හානිරොධං ජානතො පස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. අයං ඛො ආවුසො, පරියායො යෙන තං අව්‍යාකතං භගවතාති.
ඇවැත්නි, තණ්හාවෙහි නො ඇලෙන, තණ්හාවෙහි නො ඇලුණු, තණ්හාවෙහි සතුටු නො වූ, තණ්හා නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
සියා පනාවුසො, අඤ‍්ඤොපි පරියායො යෙන තං අව්‍යාකතං භගවතාති. එත්‍ථදානි ආවුසො සාරිපුත‍්ත, ඉතො උත‍්තරිං කිං ඉච‍්ඡසි? තණ‍්හාසඞ‍්ඛයවිමුත‍්තස‍්ස ආවුසො, සාරිපුත‍්ත, භික‍්ඛුනො වට‍්ටං නත්‍ථි පඤ‍්ඤාපනායාති.
ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් කරුණෙකු දු වන්නේ දැ?යි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මෙහි දැන් මෙයින් මතු කුමක් කැමති වවු ද? ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, තෘෂ්ණා ප්‍රහාණයෙන් මිදුණු මහණහට පැනවීම පිණිස සසරවටෙක් නැතැ යි.