යෙදුමෙන් කියවන්න

පෙමසුත‍්තං

10. 1. 5.

10. 1. 5.

පෙමසුත‍්තං

පෙම සූත්‍රය

2280. එකං සමයං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාකොට‍්ඨිතො බාරාණසියං විහරන‍්ති ඉසිපතනෙ මිගදායෙ -පෙ- කො නු ඛො ආවුසො, හෙතු කො පච‍්චයො යෙන තං අව්‍යාකතං භගවතාති? රූපෙ ඛො ආවුසො අවිගතරාගස‍්ස අවිගතච‍්ඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස අවිගතතණ‍්හස‍්ස: හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති.

2280. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම්, එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. ඇවැත්නි, රූපයෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යයි ද ලබ්ධි වේ.

වෙදනාය අවිගතරාගස‍්ස අවිගතච‍්ඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස අවිගතතණ‍්හස‍්ස -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ අවිගතරාගස‍්ස අවිගතච‍්ඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස අවිගතතණ‍්හස‍්ස හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති.

වේදනාවෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ... සංඥාවෙහි ... සංස්කාරයන්හි … විඥානයෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වේ.

රූපෙ ච ඛො ආවුසො විගතරාගස‍්ස විගතඡන්‍දස‍්ස විගතපෙමස‍්ස විගතපිපාසස‍්ස විගතපරිළාහස‍්ස විගතතණ‍්හස‍්ස හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ විගතරාගස‍්ස විගතච‍්ඡන්‍දස‍්ස විගතපෙමස‍්ස විගතපිපාසස‍්ස විගතපරිළාහස‍්ස විගතතණ‍්හස‍්ස හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. අයං ඛො ආවුසො, හෙතු අයං පච‍්චයො යෙන තං අව්‍යාකතං භගවතාති.

ඇවැත්නි, රූපයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පවස් ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නොම වේ නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පවස් ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.