යෙදුමෙන් කියවන්න

සමුදයසුත‍්තං

10. 1. 4.

10. 1. 4.

සමුදයසුත‍්තං

සමුදය සූත්‍රය

2279. එකං සමයං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාකොට‍්ඨිතො බාරාණසියං විහරන‍්ති ඉසිපතනෙ මිගදායෙ -පෙ- කො නු ඛො ආවුසො, හෙතු කො පච‍්චයො යෙන තං අව්‍යාකතං භගවතාති. රූපං ඛො ආවුසො, අජානතො අපස‍්සතො යථාභූතං, රූපසමුදයං අජානතො අපස‍්සතො යථාභූතං, රූපනිරොධං අජානතො අපස‍්සතො යථාභූතං, රූපනිරොධගාමිනිං පටිපදං අජානතො අපස‍්සතො යථාභූතං: හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති: න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති.

2279. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. ඇවැත්නි, රූපය තතු සේ නො දන්නා නො දක්නා, රූප සමුදය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.

වෙදනං අජානතො අපස‍්සතො යථාභූතං, වෙදනා සමුදයං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අජානතො අපස‍්සතො යථාභූතං, විඤ‍්ඤාණසමුදයං අජානතො අපස‍්සතො යථාභූතං, විඤ‍්ඤාණනිරොධං අජානතො අපස‍්සතො යථාභූතං, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං අජානතො අපස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති, න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස හොති.

වේදනාව තතු සේ නො දන්නා නො දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන සමුදය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.

රූපඤ‍්ච ඛො ආවුසො, ජානතො පස‍්සතො යථාභූතං, රූපසමුදයං ජානතො පස‍්සතො යථාභූතං, රූපනිරොධං ජානතො පස‍්සතො යථාභූතං, රූපනිරොධගාමිනිං පටිපදං ජානතො පස‍්සතො යථාභූතං, හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. වෙදනං ජානතො පස‍්සතො යථාභූතං, වෙදනා සමුදයං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං ජානතො පස‍්සතො යථාභූතං, විඤ‍්ඤාණසමුදයං ජානතො පස‍්සතො යථාභූතං, විඤ‍්ඤාණනිරොධං ජානතො පස‍්සතො යථාභූතං, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං ජානතො පස‍්සතො යථාභූතං හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති, න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපිස‍්ස න හොති. අයං ඛො ආවුසො, හෙතු අයං පච‍්චයො යෙන තං අව්‍යාකතං භගවතාති.

ඇවැත්නි, රූපය තතු සේ දන්නා දක්නා, රූප සමුදය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. වේදනාව තතු සේ දන්නා දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ දන්නා දක්නා, විඥාන සමුදය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යැ. මේ ප්‍රත්‍යය යි.