උපගතසුත්තං
10. 1. 3.
10. 1. 3.
උපගතසුත්තං
උපගත සූත්‍රය
2278. එකං සමයං ආයස්මා සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
2278. එක්කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත්, ආයුෂ්මත් කොට්ඨිත තෙරණුවෝත් බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක්, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ සැරියුත් තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය වදාළහ:
කින්නු ඛො ආවුසො සාරිපුත්ත, හොති තථාගතො පරම්මරණාති? අව්යාකතං ඛො එතං ආවුසො, භගවතා: “හොති තථාගතො පරම්මරණා”ති. කිං පනාවුසො, න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: “න හොති තථාගතො පරම්මරණා”ති. කින්නු ඛො ආවුසො, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති. කිං පනාවුසො, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිම “සත්ත්වයා මරණින් මතු වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්වයා මරණින් මතු වේ ය”යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්වයා මරණින් මතු නො වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්වයා මරණින් මතු නොවේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
කින්නු ඛො ආවුසො, හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො අව්යාකතං ඛො ආවුසො, එතං භගවතා: “හොති තථාගතො පරම්මරණා”ති වදෙසි -පෙ- කිං පනාවුසො, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කො නු ඛො ආවුසො, හෙතු කො පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
ඇවැත්නි කිම, “සත්ත්වයා මරණින් මතු වේ දැ?”යි මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, “සත්ත්වයා මරණින් මතු වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ”යි කියවු ... ඇවැත්නි, කිම? “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, ඇවැත්නි “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
හොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො, රූපගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති රූපගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති රූපගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති රූපගතමෙතං. හොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො, වෙදනාගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති වෙදනාගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වෙදනාගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වෙදනාගතමෙතං.
ඇවැත්නි, සත්ත්වයා මරණින් මතු වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය රූපමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්වයා මරණින් මතු වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය වේදනාමාත්‍රයෙකි.
හොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො සඤ්ඤාගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති සඤ්ඤාගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති සඤ්ඤාගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති සඤ්ඤාගතමෙතං. හොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො, සඞ්ඛාරගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති සඞ්ඛාරගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති සඞ්ඛාරගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති සඞ්ඛාරගතමෙතං. හොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො, විඤ්ඤාණගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති විඤ්ඤාණගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති විඤ්ඤාණගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති විඤ්ඤාණගතමෙතං.
ඇවැත්නි, සත්ත්වයා මරණින් මතු වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්වයා මරණින් මතු වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්වයා මරණින් මතු වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය විඥානමාත්‍රයෙකි.
අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.