යෙදුමෙන් කියවන්න

අනුරාධසුත‍්තං

10. 1. 2.

10. 1. 2.

අනුරාධසුත‍්තං

අනුරාධ සූත්‍රය

2277. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන ආයස‍්මා අනුරාධො භගවතො අවිදූරෙ අරඤ‍්ඤකුටිකායං විහරති. අථ ඛො සම‍්බහුලා අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා යෙනායස‍්මා අනුරාධො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා අනුරාධෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා ආයස‍්මන‍්තං අනුරාධං එතදවොචුං: යො සො ආවුසො අනුරාධ, තථාගතො උත‍්තමපුරිසො පරමපුරිසො පරමපත‍්තිපත‍්තො, තං තථාගතො ඉමෙසු චතූසු ඨානෙසු පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙති: “හොති තථාගතො පරම‍්මරණාති වා, න හොති තථාගතො පරම‍්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා”ති.

2277. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි වනකිළියෙක වෙසෙති. එකල්හි බොහෝ වූ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරාධ තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් තථාගත තෙමේ ඔහු පනවන්නේ “සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නොවේ යයි හෝ යන මේ සිවුකරුණෙහි ලා පනවා දැ” යි.

යො සො ආවුසො තථාගතො උත‍්තමපුරිසො පරමපුරිසො පරමපත‍්තිපත‍්තො, තං තථාගතො අඤ‍්ඤත්‍ර ඉමෙහි චතූහි ඨානෙහි පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙති: “හොති තථාගතො පරම‍්මරණාති වා න හොති තථාගතො පරම‍්මරණාති වා හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා”ති. එවං වුත‍්තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා ආයස‍්මන‍්තං අනුරාධං එතදවොචුං: යො චායං භික‍්ඛු නවො භවිස‍්සති අචිරපබ‍්බජිතො, ථෙරො වා පන බාලො අව්‍යත‍්තොති. අථ තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා ආයස‍්මන‍්තං අනුරාධං නවවාදෙන ච බාලවාදෙන ච අපසාදෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු.

ඇවැත්නි උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ ශ්‍රේෂ්ඨප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නොම වේ නොම නො වේ යයි හෝ” යන මේ සිවු කරුණෙන් වෙන්ව පනවන සේකැයි. මෙසේ කීකල් හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්ට මෙය කීහ: මේ මහණ අලුත පැවිදි වූ නවකයෙක් වන. මහලු වූයේ ද බාලයෙක, අව්‍යත්තයෙකැ යි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවකවාදයෙනුත් බාලවාදයෙනුත් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට අවමන් කොට හුනස්නෙන් නැගී ගියහ.

අථ ඛො ආයස‍්මතො අනුරාධස‍්ස අචිරපක‍්කන‍්තෙසු තෙසු අඤ‍්ඤතිත්‍ථියෙසු පරිබ‍්බාජකෙසු එතදහොසි: සචෙ ඛො මං තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා උත‍්තරිං පුච‍්ඡෙය්‍යුං, කථං ව්‍යාකරමානො නු ඛ‍්වාහං තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං වුත‍්තවාදී චෙව භගවතො අස‍්සං, න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛෙය්‍යං, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරෙය්‍යං, න ච කොචි සහධම‍්මිකො වාදානුවාදො ගාරය‍්හං ඨානං ආගච‍්ඡෙය්‍යාති. අථ ඛො ආයස‍්මා අනුරාධො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා අනුරාධො භගවන‍්තං එතදවොච:

ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජන් ගිය නොබෝ වේලාවෙකින් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙබඳු සිතෙක් විය: ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතු මා පැන පුළුවුස්නාහු නම් මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට කෙසේ විසඳන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෙකු වන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද ගරහා කියන්නෙම් ද, දහමට ද අනුදහමක් පවසන්නෙම් ද කරුණු සහිත කිසිවාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ දැ යි. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ: එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහස්සේට මෙය සැලකළහ.

ඉධාහං භන‍්තෙ, භගවතො අවිදූරෙ අරඤ‍්ඤකුටිකායං විහරාමි. අථ ඛො භන‍්තෙ සම‍්බහුලා අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා යෙනාහං තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා මම සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො භන‍්තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා මං එතදවොචුං: යො සො ආවුසො අනුරාධ තථාගතො උත‍්තමපුරිසො පරමපුරිසො පරමපත‍්තිප‍්පත‍්තො තං තථාගතො ඉමෙසු චතූසු ඨානෙසු පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙති: “හොති තථාගතො පරම‍්මරණාති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා”ති. එවං වුත‍්තාහං භන‍්තෙ තෙ අඤ‍්ඤතිත්‍ථියෙ පරිබ‍්බාජකෙ එතදවොචුං: යො සො ආවුසො තථාගතො උත‍්තමපුරිසො පරමපුරිසො පරමපත‍්තිප‍්පත‍්තො තං තථාගතො අඤ‍්ඤත්‍රිමෙහි චතූහි ඨානෙහි පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙති: “හොති තථාගතො පරම‍්මරණාති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා”ති.

වහන්ස, මෙහි මම භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි වනකිළියක වෙසෙමි. වහන්ස, එකල්හි බොහෝ වූ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙත එළඹියහ. එළඹ මා සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. වහන්ස එකත්පස්ව හුන් අන්තොටු පිරිවැජ්ජෝ මට මෙය කීහ: ඇවැත්නි, අනුරාධයෙනි, උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ ශ්‍රේෂ්ඨප්‍රාප්තියට පැමිණි යම් මේ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගත තෙමේ “සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නොම වේ නොම නො වේ යයි” හෝ යන මේ සිවු කරුණෙහි ලා පනවා දැ යි. වහන්ස, එසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මම මෙය කීයෙමි. ඇවැත්නි උත්තම පුරුෂ වූ පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් මේ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ “සත්ත්‍වයා මරණින් මතු වේයයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ යයි ... නො ම නො වේ යයි” හෝ යන මේ සිවු කරුණෙන් වෙන්ව පනවති යි.

එවං වුත‍්තෙ භන‍්තෙ තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා මං එතදවොචුං: යො චායං භික‍්ඛු නවො භවිස‍්සති අචිරපබ‍්බජිතො, ථෙරො වා පන බාලො අව්‍යත‍්තොති. අථ ඛො මං භන‍්තෙ තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා නවවාදෙන ච බාලවාදෙන ච අපසාදෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු. තස‍්ස මය‍්හං භන‍්තෙ අචිරපක‍්කන‍්තෙසු තෙසු අඤ‍්ඤතිත්‍ථියෙසු පරිබ‍්බාජකෙසු එතදහොසි: සචෙ ඛො මං තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා උත‍්තරිං පුච‍්ඡෙය්‍යුං, කථං ව්‍යාකරමානො නු ඛ‍්වාහං තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං වුත‍්තවාදී චෙව භගවතො අස‍්සං, න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛෙය්‍යං, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරෙය්‍යං, න ච කොචි සහධම‍්මිකො වාදානුවාදො ගාරය‍්හං ඨානං ආගච‍්ඡෙය්‍යාති.

වහන්ස මෙසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ මට මෙය කීහ. ‘මේ මහණ අලුත පැවිදි වූ නවකයෙක් වන. මහලු වූයේ නමුත් බාලයෙක, අව්‍යක්තයෙකැ’යි. වහන්ස ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවක වාදයෙනුත්, බාල වාදයෙනුත් මට අවමන් කොට හුනස්නෙන් නැඟී ගියහ. වහන්ස, ඒ අන්තොටු පිරිවැජ්ජන් ගිය නොබෝ වේලාවකින් මට මෙබඳු සිතෙක් විය: ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතු මා පැන පුළුවුස්නාහු නම්, මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට කෙසේ විසඳන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක් කියන්නෙකුත් වන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද ගරහා කියන්නෙම් ද, දහමට ද අනුදහමක් පවසන්නෙම් ද, කරුණු සහිත කිසි වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ දැ? යි.

තං කිම‍්මඤ‍්ඤසි අනුරාධ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති. අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති. දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති. නො හෙතං භන‍්තෙ. වෙදනා නිච‍්චා වා අනිච‍්චා වාති -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති. අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා සුඛං වාති. දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති. නො හෙතං භන‍්තෙ.

අනුරාධ, ඒ කිමැයි හඟිවු ද? රූප නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස අනිත්‍ය ය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක් වේ ද, නොහොත් සුව වේ දැ යි. වහන්ස දුක් වෙයි. යමක් අනිත්‍ය වේ නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් තෙල ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම’ යයි දක්නට සුදුසු වේ දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. වේදනාව නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ ද ... සංඥාව ... සංස්කාර … විඥානය නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේදැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, එය දුක් වේ ද, නොහොත් සුව වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් එය ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’ යි දක්නට සුදුසු වේ දැ යි. වහන්ස මෙය නොවේ ම ය.

තස‍්මාතිහ අනුරාධ, යං කිඤ‍්චිරූපං අතීතානාගත පච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං: “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා අතීතානාගතපච‍්චුප‍්පන‍්නා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං විඤ‍්ඤාණං: “නෙතං මම, නෙසො’හමස‍්මි, නමෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

අනුරාධ, එහෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයකුත් වේ ද ඒ සියලු රූපය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක්ක යුතු. අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි වේදනාවක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද … යම් කිසි සංස්කාර කෙනෙක් වෙත් ද … අතීත වූ හෝ අනාගත වූ පච්චුපන්න වූ හෝ අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු.

එවං පස‍්සං අනුරාධ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති.

අනුරාධ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ රූපයෙහිත් කලකිරෙයි, වේදනාවෙහිත් කලකිරෙයි, සංඥාවෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගනී.

තං කිංමඤ‍්ඤසි අනුරාධ, රූපං තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. වෙදනං තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. සඤ‍්ඤං තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. සඞ‍්ඛාරෙ තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. විඤ‍්ඤාණං තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. තං කිංමඤ‍්ඤසි අනුරාධ, රූපස‍්මිං තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. අඤ‍්ඤත්‍ර රූපා තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. වෙදනාය තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. අඤ‍්ඤත්‍ර වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- අඤ‍්ඤත්‍ර සඞ‍්ඛාරෙහි -පෙ- විඤ‍්ඤාණස‍්මිං තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. තං කිංමඤ‍්ඤසි අනුරාධ, රූපං -පෙ- වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ. -පෙ- විඤ‍්ඤාණං තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ.

අනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? රූපය සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාව සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. සංඥාව සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. සංස්කාර සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. විඥානය සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ ඒ කිමැ යි හඟිවු ද? රූපයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. රූපයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාවෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාවෙන් වෙන් ව ... සංඥාවෙහි ... සංඥාවෙන් වෙන් ව ... සංස්කාරයන් හි ... සංස්කාරයන්ගෙන් වෙන් ව ... විඥානයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. විඥානයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? රූපය ... වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.

තං කිං මඤ‍්ඤසි අනුරාධ, අයං සො අරූපී අවෙදනො අසඤ‍්ඤී අසඞ‍්ඛාරො අවිඤ‍්ඤාණො තථාගතොති සමනුපස‍්සසීති? නො හෙතං භන‍්තෙ. එත්‍ථ තෙ අනුරාධ, දිට‍්ඨෙව ධම‍්මෙ සච‍්චතො ථෙතතො තථාගතෙ අනුපලබ‍්භියමානෙ කල‍්ලන‍්නු තෙ තං ව්‍යාකරණාය: “යො සො ආවුසො තථාගතො උත‍්තමපුරිසො පරමපුරිසො පරමපත‍්තිපත‍්තො. තං තථාගතො අඤ‍්ඤත්‍රිමෙහි චතූහි ඨානෙහි පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙති: හොති තථාගතො පරම‍්මරණාති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා”ති? නො හෙතං භන‍්තෙ: සාධු සාධු අනුරාධ, පුබ‍්බෙ චාහං අනුරාධ, එතරහි ච දුක‍්ඛඤ‍්චෙව පඤ‍්ඤාපෙමි දුක‍්ඛස‍්ස ච නිරොධන‍්ති.

අනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? මේ ඒ රූපය නැත්තෙක්, වේදනා නැත්තෙක්, සංඥා නැත්තෙක්, සංස්කාර නැත්තෙක්, විඥානය නැත්තෙක් සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ, මෙහි ලා තොපට දිටුදැමියෙහි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්ත්‍වයෙකු නොලැබෙන කල්හි “ඇවැත්නි, උත්තමපුරුෂ වූ, පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම වේ නො ම නො වේ යයි හෝ යන මේ සිවු කරුණෙන් වෙන් ව පනවති” යි එය තොප විසින් පැවසීමට සුදුසු දැ? යි. වහන්ස මෙය නො වේ ම ය. අනුරාධ, මැනවි, මැනවි. අනුරාධ, මම පෙරත්, දැනුත් දුකත්, දුක්ඛනිරෝධයත් පනවමි යි.