යෙදුමෙන් කියවන්න

ඛෙමාසුත‍්තං

10. 1. 1.

10. 1. 11.

ඛෙමාසුත‍්තං

ඛේමා සූත්‍රය

2276. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඛෙමා භික‍්ඛුනී කොසලෙසු චාරිකං චරමානා අන‍්තරා ච සාවත්‍ථිං අන‍්තරා ච සාකෙතං තොරණවත්‍ථුස‍්මිං වාසං උපගතා හොති. අථ ඛො රාජා පසෙනදිකොසලො සාකෙතා සාවත්‍ථිං ගච‍්ඡන‍්තො අන‍්තරා ච සාකෙතං අන‍්තරා ච සාවත්‍ථිං තොරණවත්‍ථුස‍්මිං එකරත‍්තිවාසං උපගඤ‍්ඡි. අථ ඛො රාජා පසෙනදිකොසලො අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි: එහි ත්‍වං අම‍්භො පුරිස, තොරණවත්‍ථුස‍්මිං තථාරූපං සමණං වා බ්‍රාහ‍්මණං වා ජාන, යමහං අජ‍්ජ පයිරුපාසෙය්‍යන‍්ති.

2276. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ඛේමා මෙහෙණ කොසොල් දනව්වෙහි සැරිසරන්නී සැවැත්නුවරටත්, සාකේතනුවරටත් අතර තොරණවත්‍ථුගම්හි විසීමට පැමිණියා වෙයි. එකල්හි පසේනදී කොසොල්රජ සාකේතයෙන් සැවැතට යන්නේ සාකේතයටත්, සැවතටත් අතර තොරණවත්‍ථුගම්හි එක්රැයක් විසීමට පැමිණියේ ය. එකල පසේනදී කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය “එව මම අද යමකු ඇසුරු කරන්නෙම් නම් තෝ එබඳු මහණකු හෝ බමුණකු හෝ තොරණවත්‍ථුවෙහි දනුව”යි.

එවං දෙවාති ඛො සො පුරිසො රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස පටිස‍්සුත්‍වා කෙවලකප‍්පං තොරණවත්‍ථුං අන්‍වාහිණ‍්ඩන‍්තො නාද‍්දස තථාරූපං සමණං වා බ්‍රාහ‍්මණං වා යං රාජා පසෙනදි කොසලො පයිරුපාසෙය්‍ය. අද‍්දසා ඛො සො පුරිසො ඛෙමං භික‍්ඛුනිං තොරණවත්‍ථුස‍්මිං වාසං උපගතං. දිස‍්වාන යෙන පසෙනදිකොසලො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: නත්‍ථි ඛො දෙව, තොරණවත්‍ථුස‍්මිං තථාරූපො සමණො වා බ්‍රාහ‍්මණො වා යං දෙවො පයිරුපාසෙය්‍ය. අත්‍ථි ච ඛො දෙව, ඛෙමා නාම භික‍්ඛුනී තස‍්ස භගවතො සාවිකා අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. තස‍්සා ඛො පනය්‍යාය එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: “පණ‍්ඩිතා වියත‍්තා මෙධාවිනී බහුස‍්සුතා චිත‍්තකථා කල්‍යාණපටිභානා”ති. තං දෙවො පයිරුපාසතූති.

එසේ ය දේවයන් වහන්සැ යි ඒ පුරිස් තෙමේ පසේනදී කොසොල් රජුට පිළිතුරු දී මුළු තොරණවත්‍ථුවෙහි ඇවිදින්නේ පසේනදි කොසොල් රජ යමකු ඇසුරු කරන්නේ නම් එබඳු මහණකු හෝ බමුණකු හෝ නො දැක්කේය. ඒ පුරිස් තෙමේ තොරණවත්‍ථුවෙහි වාසයට එළඹි ඛේමා මෙහෙණ දිටී. දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේ ය. එළඹ පසේනදි කොසොල් රජහට මෙය සැලකෙළේ ය: “දේවයන් වහන්ස, දේවයන් වහන්සේ යමකු ඇසුරු කරන සේක් නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ තොරණවත්‍ථුවෙහි නැත. දේවයන් වහන්ස, ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකා වූ ඛේමා නම් මෙහෙණක් ඇත. ‘පණ්ඩිත ය ව්‍යක්ත ය නුවණැත්තීය බහුශ්‍රුත ය විසිතුරු කතා ඇත්තී ය. මැනවින් වැටහෙන නුවණ ඇත්තී ය’යි ඒ ආර්‍ය්‍යාවගේ මෙබඳු කලණ කිතුගොසෙක් පැන නැංගේ ය. දේවයන් වහන්සේ ඇය ඇසුරු කරන සේක්වා යි.

අථ ඛො රාජා පසෙනදිකොසලො යෙන ඛෙමා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ඛෙමං භික‍්ඛුනිං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදිකොසලො ඛෙමං භික‍්ඛුනිං එතදවොච: කින‍්නු ඛො අය්‍යෙ හොති තථාගතො පරම‍්මරණාති. අව්‍යාකතං එතං මහාරාජ භගවතා: “හොති තථාගතො පරම‍්මරණා”ති. කිම‍්පනය්‍යෙ න හොති තථාගතො පරම‍්මරණාති. එතම‍්පි ඛො මහාරාජ, අව්‍යාකතං භගවතා: “න හොති තථාගතො පරම‍්මරණා”ති. කින‍්නු ඛො අය්‍යෙ, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති. අව්‍යාකතං ඛො එතං මහාරාජ භගවතා: “හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා”ති. කිම‍්පනය්‍යෙ, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති. එතම‍්පි ඛො මහාරාජ, අව්‍යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති.

එකල්හි පසේනදී කොසොල් රජ ඛේමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ඛේමා මෙහෙණ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් පසේනදි කොසොල්රජ ඛේමා මෙහෙණහට මෙය කී ය: ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද, සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ දැ යි.මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො ම නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.

කින‍්නු ඛො අය්‍යෙ, හොති තථාගතො පරම‍්මරණාති ඉති පුට‍්ඨා සමානා අව්‍යාකතං ඛො එතං මහාරාජ භගවතා: “හොති තථාගතො පරම‍්මරණා”ති වදෙසි. කිම‍්පනය්‍යෙ න හොති තථාගතො පරම‍්මරණාති ඉති පුට‍්ඨා සමානා එතම‍්පි ඛො මහාරාජ අව්‍යාකතං භගවතා: “න හොති තථාගතො පරම‍්මරණාති” වදෙසි. කින‍්නු ඛො අය්‍යෙ, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති ඉති පුට‍්ඨා සමානා අව්‍යාකතං ඛො එතං මහාරාජ භගවතා: “හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා”ති වදෙසි. කිම‍්පනය්‍යෙ නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති ඉති පුට‍්ඨා සමානා එතම‍්පි ඛො මහාරාජ අව්‍යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති වදෙසි. කො නු ඛො අය්‍යෙ, හෙතු කො පච‍්චයො යෙන තං අව්‍යාකතං භගවතාති.

ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී සත්ත්‍වයා මරණින් මතු වෙයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියහි, ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැයි කියහි, ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ ද යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියහි. ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද? සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියහි. ආර්‍ය්‍යාවෙනි යම්හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.

තෙන හි මහාරාජ තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි. යථා තෙ ඛමෙය්‍ය, තථා නං ව්‍යාකරෙය්‍යාසි.

මහරජ එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහෙන්නේ නම් එසේ එය විසඳන්නහු ය.

තං කිම‍්මඤ‍්ඤසි මහාරාජ, අත්‍ථි තෙ කොචි ගණකො වා මුද‍්දිකො වා සඞ‍්ඛායකො වා යො පහොති ගඞ‍්ගාය වාලිකං ගණෙතුං: “එත‍්තකා වාලිකා ඉති වා එත‍්තකානි වාලිකාසතානි ඉති වා එත‍්තකානි වාලිකාසහස‍්සානි ඉති වා එත‍්තකානි වාලිකාසතසහස‍්සානි ඉති වා”ති. නො හෙතං අය්‍යෙ. අත්‍ථි පන තෙ කොචි ගණකො වා මුද‍්දිකො වා සඞ‍්ඛායකො වා යො පහොති මහාසමුද‍්දෙ උදකං මිණිතුං: “එත‍්තකානි උදකාළ‍්හකානීති වා එත‍්තකානි උදකාළ‍්හකසතානීති වා එත‍්තකානි උදකාළ‍්හක සහස‍්සානීති වා එත‍්තකානි උදකාළ‍්හක සතසහස‍්සානීති වා”ති. නොහෙතං අය්‍යෙ. තං කිස‍්ස හෙතු? මහාය්‍යෙ, සමුද‍්දො ගම‍්භීරො අප‍්පමෙය්‍යො අප‍්පරියොගාහොති.

මහරජ ඒ කිමැ යි හඟිවු ද? යමෙක් “වැලි මෙතෙකැ යි හෝ වැලි මෙතෙක් සියයකැ යි හෝ වැලි මෙතෙක් දහසකැ යි හෝ වැලි මෙතෙක් සියදහසකැ” යි හෝ ගංගා නදියෙහි වැලි ගණින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. ආර්‍ය්‍යාවෙනි මෙය නො වේ ම ය. යමෙක් “දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසකැ”යි හෝ මහමුහුදෙහි දිය මනින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. ආර්‍ය්‍යාවෙනි මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ආර්‍ය්‍යාවෙනි මුහුද මහත් ය. ගැඹුරු ය. නො පමණ ය. නො බැසගත හැක්කේ යි.

එවමෙව ඛො මහාරාජ, යෙන රූපෙන තථාගතං පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍ය, තං රූපං තථාගතස‍්ස පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං. රූපසඞ‍්ඛයවිමුත‍්තො ඛො මහාරාජ තථාගතො ගම‍්භීරො අප‍්පමෙය්‍යො අප‍්පරියොගාහො, සෙය්‍යථාපි මහාසමුද‍්දො. හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, න හොති තථාගතො පරම‍්මරණාති පි න උපෙති, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති. නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති.

මහරජ එසෙයින් ම පනවන්නෙක් යම් රූපයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය. උසුන් මුල් ඇත්තේ ය. හිස් සුන් තල්රුකක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ, තථාගතයන් වහන්සේ රූ පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැසගත හැකියහ, මහසමුදුර මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති.

යාය වෙදනාය තථාගතං පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍ය, සා වෙදනා තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. වෙදනාසඞ‍්ඛයවිමුත‍්තො ඛො මහාරාජා තථාගතො ගම‍්භීරො අප‍්පමෙය්‍යො දුප‍්පරියොගාහො සෙය්‍යථාපි මහාසමුද‍්දො. හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, න හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති. යාය සඤ‍්ඤාය තථාගතං -පෙ-

පනවන්නෙක් යම් වේදනාවකින් සත්ත්‍වයා පනවන්නේ නම්, ඒ වේදනාව තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇත්තී ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී ය, නැවත නො හටගන්නා බව කරන ලද්දී ය, මතු නූපදනා ස්වභාව ඇත්තී ය. මහරජ තථාගතයන් වහන්සේ විඳුම් පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නො පමණයහ, නො බැසගත හැක්කහ, මහසමුදුර මෙනි, සත්ත්‍වයා මරණින් මතුවේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි පැනවීමට ද නො පැමිණෙති. යම් සංඥාවකින් සත්ත්‍වයා ....

යෙහි සඞ‍්ඛාරෙහි තථාගතං පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍ය, තෙ සඞ‍්ඛාරා තථාගතස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. සඞ‍්ඛාරසඞ‍්ඛයවිමුත‍්තො ඛො මහාරාජ තථාගතො ගම‍්භීරො අප‍්පමෙය්‍යො දුප‍්පරියොගාහො සෙය්‍යථාපි මහාසමුද‍්දො. හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, න හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති.

පනවන්නෙක් යම් සංස්කාර කෙනකුන්ගෙන් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ සංස්කාරයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇතියහ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, නැවත නොහට ගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. මහරජ තථාගතයන් වහන්සේ සංස්කාර පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැස ගත හැක්කහ, මහසමුදුර මෙනි. සත්ත්‍වයා මරණින් මතු වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි පැනවීමට ද නො පැමිණෙති.

යෙන විඤ‍්ඤාණෙන තථාගතං පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍ය, තං විඤ‍්ඤාණං තථාගතස‍්ස පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං. විඤ‍්ඤාණසඞ‍්ඛයවිමුත‍්තො ඛො මහාරාජ තථාගතො ගම‍්භීරො අප‍්පමෙය්‍යො අප‍්පරියොගාහො සෙය්‍යථාපි මහාසමුද‍්දො. හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, න හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙතීති.

පනවන්නෙක් යම් විඥානයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ විඥානය තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇත්තේ ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය, මහරජ තථාගතයන් වහන්සේ විඥාන පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැස ගත හැක්කහ, මහසමුදුර මෙනි. සත්ත්‍වයා මරණින් මතු වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි පැනවීමට ද නො පැමිණෙති යි.

අථ ඛො රාජා පසෙනදිකොසලො ඛෙමාය භික‍්ඛුනියා භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා ඛෙමං භික‍්ඛුනිං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො රාජා පසෙනදිකොසලො අපරෙන සමයෙන යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදිකොසලො භගවන‍්තං එතදවොච: කින‍්නු ඛො භන‍්තෙ හොති තථාගතො පරම‍්මරණාති. අව්‍යාකතං ඛො එතං මහාරාජ මයා: “හොති තථාගතො පරම‍්මරණාති.” කිම‍්පන භන‍්තෙ න හොති තථාගතො පරම‍්මරණාති. තම‍්පි ඛො මහාරාජ අව්‍යාකතං මයා: “න හොති තථාගතො පරම‍්මරණා”ති. -පෙ-

ඉක්බිති පසේනදි කොසොල් රජ ඛේමා මෙහෙණගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී ඛේමා මෙහෙණ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි පසේනදි කොසොල් රජ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ” යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු වේ” යි මෙය මවිසින් නො පවසන ලදි. වහන්ස කිමෙක් ද, සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වේය යි ද මා විසින් නො පවසන ලදි ...

කින‍්නු ඛො භන‍්තෙ හොති තථාගතො පරම‍්මරණාති ඉති පුට‍්ඨො සමානො අව්‍යාකතං ඛො එතං මහාරාජ මයා: “හොති තථාගතො පරම‍්මරණා”ති වදෙසි -පෙ- කිම‍්පන භන‍්තෙ නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති ඉති පුට‍්ඨො සමානො තම‍්පි ඛො මහාරාජ අව්‍යාකතං මයා: “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති වදෙසි. කො නු ඛො භන‍්තෙ හෙතු කො පච‍්චයො යෙන තං අව්‍යාකතං භගවතාති.

වහන්ස, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දාහු මහරජ සත්ත්‍වයා මරණින් මතු වේ යයි මෙය මවිසින් නො පවසන ලදැ යි වදාරවු ... වහන්ස කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දාහු මහරජ, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි එ ද මවිසින් නොපවසන ලදැ යි වදාරවු. වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිමැ යි.

තෙන හි මහාරාජ තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි. යථා තෙ ඛමෙය්‍ය තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිම‍්මඤ‍්ඤසි මහාරාජ අත්‍ථි තෙ කොචි ගණකො වා මුද‍්දිකො වා සඞ‍්ඛායකො වා යො පහොති ගඞ‍්ගාය වාලිකං ගණෙතුං “එත‍්තකා වාලිකාති වා -පෙ- එත‍්තකානි වාලිකා සතසහස‍්සානීති වා”ති. නො හෙතං භන‍්තෙ. අත්‍ථි පන තෙ කොචි ගණකො වා මුද‍්දිකො වා සඞ‍්ඛායකො වා යො පහොති මහාසමුද‍්දෙ උදකං පමෙතුං “එත‍්තකානි උදකාළ‍්හකානීති වා -පෙ- එත‍්තකානි උදකාළ‍්හකසතසහස‍්සානීති වා”ති. නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: මහා භන‍්තෙ, සමුද‍්දො ගම‍්භීරො අප‍්පමෙය්‍යො අප‍්පරියොගාහොති.

මහරජ එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහෙන්නේ නම් එසේ එය විසඳන්නහු ය. මහරජ ඒ කිමැ යි හඟිහි ද? යමෙක් ගංගානදියෙහි වැලි මෙතෙකැ යි හෝ ... වැලි මෙතෙක් සියදහසෙකැ යි හෝ ගණින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා ගණනායෙහි කුශලයෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය. යමෙක් මහ මුහුදෙහි දිය ලහසු මෙතෙකැ යි හෝ … දිය ලහසු මෙතෙක් සියදහසකැ යි හෝ දිය පමණ කරන්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා ගණකයෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ? යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස මුහුද විශාල ය, ගැඹුරු ය, නොපමණ ය. නො බැස ගත හැක්කේ යි.

එවමෙව ඛො මහාරාජ, යෙන රූපෙන තථාගතං පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍ය, තං රූපං තථාගතස‍්ස පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං. රූපසඞ‍්ඛයවිමුත‍්තො ඛො මහාරාජ තථාගතො ගම‍්භීරො අප‍්පමෙය්‍යො දුප‍්පරියොගාහො සෙය්‍යථාපි මහාසමුද‍්දො. හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති.

“මහරජ එසෙයින් ම පනවන්නෙක් යම් රුවෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ රුව තථාගතයන්ට ප්‍රහීණ ය, උසුන්මුල් ඇත්තේ ය, හිස්සුන් තල් ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ තථාගත රූ පැනවීමෙන් මිදුණේ ය, ගැඹුරු ය, නොපමණ ය, නොබැසගත හැක්කේ ය, මහමුහුද මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේය යි පැනවීමට ද නො පැමිණෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි පැනවීමට ද නො පැමිණේ යි.

යාය වෙදනාය -පෙ- යාය සඤ‍්ඤාය -පෙ- යෙහි සඞ‍්ඛාරෙහි -පෙ- යෙන විඤ‍්ඤාණෙන තථාගතං පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍ය, තං විඤ‍්ඤාණං තථාගතස‍්ස පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං. විඤ‍්ඤාණසඞ‍්ඛයවිමුත‍්තො ඛො මහාරාජ තථාගතො ගම‍්භීරො අප‍්පමෙය්‍යො දුප‍්පරියොගාහො සෙය්‍යථාපි සමුද‍්දො. හොති තථාගතො පරම‍්මරණාතිපි න උපෙති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාපි න උපෙතීති.

යම් වේදනාවකින් ... යම් සංඥාවකින් ... යම් සංස්කාර කෙනකුන්ගෙන් ... පනවන්නෙක් යම් විඥානයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ විඥානය තථාගතයන්ට ප්‍රහීණ ය, උසුන්මුල් ඇත්තේ ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ, තථාගත තෙමේ විඥාන පැනවීමෙන් මිදුණේ ය, ගැඹුරු ය, නො පමණ ය, නොබැස ගත හැක්කේ ය, මහමුහුද මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේය යි පැනවීමට ද නො පැමිණෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි පැනවීමට ද නො පැමිණේ යි.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යත්‍ර හි නාම සත්‍ථු චෙව සාවිකාය ච අත්‍ථෙන අත්‍ථො ව්‍යඤ‍්ජනෙන ව්‍යඤ‍්ජනං සංසන්‍දිස‍්සති සමෙස‍්සති න විහායිස‍්සති යදිදං අග‍්ගපදස‍්මිං. එකමිදාහං භන‍්තෙ සමයං ඛෙමං භික‍්ඛුනිං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං ආපුච‍්ඡිං. සා පි මෙ අය්‍යා එතෙහි පදෙහි එතෙහි ව්‍යඤ‍්ජනෙහි එතමත්‍ථං ව්‍යාකාසි සෙය්‍යථාපි භගවා. අච‍්ඡරියං භන‍්තෙ අබ‍්භුතං භන‍්තෙ, යත්‍ර හි නාම සත්‍ථු චෙව සාවිකාය ච අත්‍ථෙන අත්‍ථො ව්‍යඤ‍්ජනෙන ව්‍යඤ‍්ජනං සංසන්‍දිස‍්සති සමෙස‍්සති න විහායිස‍්සති යදිදං අග‍්ගපදස‍්මිං. හන්‍ද ච දානි මයං භන‍්තෙ ගච‍්ඡාම. බහුකිච‍්චා මයං බහුකරණීයාති. යස‍්සදානි ත්‍වං මහාරාජ කාලං මඤ‍්ඤසීති. අථ ඛො රාජා පසෙනදි කොසලො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමීති.

වහන්ස අසිරියෙකි, වහන්ස අද්භූත ය. යම්හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවිකාවගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳේ ද සමවේ ද විරුද්ධ නො වේ ද (එහෙයිනි). වහන්ස, එක්සමයක මම ඛේමා මෙහෙණ වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. ඒ ආර්‍ය්‍යාව ද භාග්‍යවතුන් වහන්සේ මෙන් මේ පදවලින් මේ ව්‍යඤ්ජනවලින් මේ අර්‍ත්‍ථය මට පැවසුවා ය. වහන්ස අසිරියෙකි, වහන්ස අද්භූත ය. යම් හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවිකාවගේත් අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳේ ද සම වේ ද විරුද්ධ නො වේ ද (එහෙයිනි). වහන්ස අපි දැන් යම්හ, අපි බොහෝ කිස ඇත්තමෝ බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ යි. මහරජ තෙපි දැන් ඒ සඳහා කල් දැන යි. එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.