යෙදුමෙන් කියවන්න

පරායණසුත‍්තානි

9. 2. 1782-1837.

9. 2. 1782-1837.

පරායණසුත‍්තානි

පරායණ සූත්‍ර

2220-2275. පරායණඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි පරායණගාමිඤ‍්ච මග‍්ගං. තං සුණාථ. කතමඤ‍්ච භික‍්ඛවෙ පරායණං: යො භික‍්ඛවෙ රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො, ඉදං වුච‍්චති භික‍්ඛවෙ පරායණං. කතමො ච භික‍්ඛවෙ පරායණගාමී මග‍්ගො: කායගතාසති. අයං වුච‍්චති භික‍්ඛවෙ පරායණගාමි මග‍්ගො.

2220-2275. මහණෙනි, තොපට (පිහිට වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.

ඉති ඛො භික‍්ඛවෙ දෙසිතං වො මයා පරායණං, දෙසිතො පරායණගාමීමග‍්ගො. යං භික‍්ඛවෙ සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පකෙන, අනුකම‍්පං උපාදාය. කතං වො තං මයා. එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති.

මහණෙනි, මෙසේ මවිසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් මවිසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙලශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.

(යථා අසඞ‍්ඛතං තථා විත්‍ථාරෙතබ‍්බං).

(අසඞ්ඛත වාරය යම් සේ නම් එසේ විස්තර කට යුතු යි)

දුතියඅසඞ‍්ඛතවග‍්ගො.

දෙවැනි දුතිය අසඞ්ඛත වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි වාරනාමාවලිය:

අසඞ‍්ඛතං අන‍්තං අනාසවං සච‍්චඤ‍්ච පාරං නිපුණං සුදුද‍්දසං අජරත‍්තං ධුවං අපලොකිතං අනිදස‍්සනං නිප‍්පපඤ‍්ච සන‍්තං

අසඞ‍්ඛත, අන්ත, අනාසව, සච්ච, පාර, නිපුණ, සුදුද්දස, අජර, ධුව, අපලෝකිත, අනිදස්සන, නිප්පපඤ්ච, සන්ත,

අමතං පණීතඤ‍්ච සිවඤ‍්ච ඛෙමං තණ‍්හක‍්ඛයො අච‍්ඡරියඤ‍්ච අබ‍්භුතං අනීතිකං අනීතිකධම‍්මං නිබ‍්බානමෙතං සුගතෙන දෙසිතං

අමත, පණීත, සිව, ඛේම, තණ්හක්ඛය, අච්ඡරිය අබ්භූත, අනීතික, අනීතික ධම්ම, නිබ්බාන

අබ්‍යාපජ‍්ඣො විරාගො ච සුද‍්ධි මුත‍්ති අනාලයො දීපො ලෙණඤ‍්ච තාණඤ‍්ච සරණඤ‍්ච පරායණඤ‍්චාති.

අබ්‍යාපජ‍්ඣ, විරාග, සුද්ධි, මුත්ති, අනාලය, දීප, ලෙණ, තාණ, සරණ, පරායණවාරය යි [වාර තෙතිසෙකි. එක් එක් වාරයෙහි සූත්‍ර සපනස බැගින් අසඞ්ඛත සංයුත්තයෙහි සූත්‍ර මුළුල්ල 1848 කි. අසඞ්ඛත සංයුත්ත දෙවෙනි වර්‍ගයෙහි පමණක් සූත්‍ර 1837 කි.]

අසඞ‍්ඛතසංයුත‍්තං සමත‍්තං.

අසඞ්ඛත සංයුත්තය නිමියේ ය.