අවිජ‍්ජාසුත‍්තං
1. 1. 1.
1. 1. 1.
අවිජ‍්ජාසුත‍්තං
අවිජ්ජා සූත්‍රය
1. එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච: අවිජ‍්ජා භික‍්ඛවෙ, පුබ‍්බඞ‍්ගමා අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා අන්‍වදෙව අහිරිකං අනොත‍්තප‍්පං. අවිජ‍්ජාගතස‍්ස භික‍්ඛවෙ අවිද‍්දසුනො මිච‍්ඡාදිට‍්ඨි පහොති. මිච‍්ඡාදිට‍්ඨිස‍්ස මිච‍්ඡාසඞ‍්කප‍්පො පහොති. මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස මිච‍්ඡාවාචා පහොති. මිච‍්ඡාවාචස‍්ස මිච‍්ඡාකම‍්මන‍්තො පහොති. මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස මිච‍්ඡාආජීවො පහොති. මිච‍්ඡාආජීවස‍්ස මිච‍්ඡාවායාමො පහොති. මිච‍්ඡාවායාමස‍්ස මිච‍්ඡාසති පහොති. මිච‍්ඡාසතිස‍්ස මිච‍්ඡාසමාධි පහොති.
1. මා විසින් මෙසේ අසන ලද, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පවට ලැජ්ජා නැතිකම හා බිය නැති කම සමගම උපදනා අවිද්‍යාව අකුසල් දහම් ඉපැද්මට පෙරටු වෙයි. අවිද්‍යාවෙන් යුත් අඥානයාහට මිථ්‍යාදෘෂ්ටිය උපදී. මිථ්‍යාදෘෂ්ටිය ඇත්තහුට මිථ්‍යාසඞ්කල්පය උපදී. මිථ්‍යාසඞ්කල්පය ඇත්තහුට මිථ්‍යාවචන උපදී. මිථ්‍යාවචන ඇත්තහුට මිථ්‍යාකර්‍මාන්ත වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇත්තහුට මිථ්‍යාආජීවය වෙයි. මිථ්‍යාආජීව ඇත්තහුට මිථ්‍යාව්‍යායාම වෙයි. මිථ්‍යාව්‍යායාම ඇත්තහුට මිථ්‍යාස්මෘති වෙයි. මිථ්‍යාස්මෘති ඇත්තහුට මිථ්‍යාසමාධි වේ.
විජ‍්ජා ච ඛො භික‍්ඛවෙ පුබ‍්බඞ‍්ගමා කුසලානං ධම‍්මානං සමාපත‍්තියා අන්‍වදෙව හිරොත‍්තප‍්පං. විජ‍්ජාගතස‍්ස භික‍්ඛවෙ විද‍්දසුනො සම‍්මාදිට‍්ඨි පහොති. සම‍්මාදිට‍්ඨිස‍්ස සම‍්මාසඞ‍්කප‍්පො පහොති. සම‍්මාසඞ‍්කප‍්පස‍්ස සම‍්මාවාචා පහොති. සම‍්මාවාචස‍්ස සම‍්මාකම‍්මන‍්තො පහොති. සම‍්මාකම‍්මන‍්තස‍්ස සම‍්මාආජීවො පහොති. සම‍්මාආජීවස‍්ස සම‍්මාවායාමො පහොති. සම‍්මාවායාමස‍්ස සම‍්මාසති පහොති. සම‍්මාසතිස‍්ස සම‍්මාසමාධි පහොතීති.
මහණෙනි, හිරිඔතප් දෙක සමග ම උපදනා විද්‍යාව කුසල්දහම් ඉපැද්මට පෙරටු වෙයි. විද්‍යාවෙන් යුත් පණ්ඩිතයාහට සම්‍යග්දෘෂ්ටි උපදී. සම්‍යග්දෘෂ්ටි ඇත්තහුට සම්‍යක්සඞ්කල්ප උපදී. සම්‍යක්සඞ්කල්ප ඇත්තහුට සම්‍යග්වචන උපදී. සම්‍යග්වචන ඇත්තහුට සම්‍යක්කර්‍මාන්ත වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුට සම්‍යග්ආජීව වෙයි. සම්‍යක්ආජීව ඇත්තහුට සම්‍යග්ව්‍යායාම වෙයි. සම්‍යග්ව්‍යායාම ඇත්තහුට සම්‍යක්ස්මෘති වෙයි. සම්‍යක්ස්මෘති ඇත්තහුට සම්‍යක්සමාධි වේ.