යෙදුමෙන් කියවන්න

1. අවිජ‍්ජාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. අවිජ්ජා වර්ගය

1-2. අවිජ‍්ජාසුත‍්තාදිවණ‍්ණනා

1-2. අවිජ්ජා ආදි සූත්‍ර වර්ණනා

මහාවග‍්ගස‍්ස පඨමෙ පුබ‍්බඞ‍්ගමාති සහජාතවසෙන ච උපනිස‍්සයවසෙන චාති ද‍්වීහාකාරෙහි පුබ‍්බඞ‍්ගමා. සමාපත‍්තියාති සමාපජ‍්ජනාය සභාවපටිලාභාය, උප‍්පත‍්තියාති අත්‍ථො. අන්‍වදෙව අහිරිකං අනොත‍්තප‍්පන‍්ති සා පනෙසා යදෙතං අලජ‍්ජනාකාරසණ‍්ඨිකං අහිරිකං, අභායනාකාරසණ‍්ඨිතඤ‍්ච අනොත‍්තප‍්පං, එතං අනුදෙව සහෙව එකතොව, න විනා තෙන උප‍්පජ‍්ජතීති අත්‍ථො. අවිජ‍්ජාගතස‍්සාති අවිජ‍්ජාය උපගතස‍්ස සමන‍්නාගතස‍්ස. මිච‍්ඡාදිට‍්ඨීති අයාථාවදිට‍්ඨි අනිය්‍යානිකදිට‍්ඨි. පහොතීති හොති උප‍්පජ‍්ජති. මිච‍්ඡාසඞ‍්කප‍්පාදීසුපි අයාථාවඅනිය්‍යානිකවසෙනෙව මිච‍්ඡාභාවො වෙදිතබ‍්බො. ඉති ඉමානි අට‍්ඨපි අකුසලධම‍්මසමාපත‍්තියා මිච‍්ඡත‍්තඅඞ‍්ගානි නාම හොන‍්ති. තානි පන න එකක‍්ඛණෙ සබ‍්බානි ලබ‍්භන‍්ති, නානක‍්ඛණෙ ලබ‍්භන‍්ති.

මහාවර්ගයේ පළමු වැන්නෙහි - පුබ්බඞ්ගමා = සහජාත (හෙවත් උපත සමග) වශයෙන් ද, උපනිශ්‍රය (හෙවත් මුලික හේතුව) වශයෙන් ද යන ආකාර දෙකින් මූලික වන්නාවූ. සමාපත්තියා = සම වැදීම පිණිස සත්‍යය ප්‍රතිලාභය කර ගැනීම සඳහා ආරම්භය පිණිස යන අදහසයි. අන්‍වදෙව අහිරිකං අනොත්තප්පං = වැරදි කිරීමට ලැජ්ජා නැත යන ආකාරයේ තත්ත්වයක සිටියේ නම් “අහිරික” යී ද. වැරදි කිරීමට බිය නැත යන ආකාරයේ තත්ත්වයක සිටියේ නම් “අනොත්තප්ප” යී ද යෙදේ. මේවායින් තොර නොවී පවට ලැජ්ජාභය නොඋපදී යන අදහසයි. අවිජ්ජාගතස්ස අවිද්‍යාවට පැමුණුන. අවිද්‍යාවෙන් යුක්ත. මිච්ඡාදිට්ඨි අසත්‍ය වූ දෘෂ්ටිය, යහපත කරා නොපමුණුවන දෘෂ්ටිය. පහොති = හට ගනියි, උපදියි. මිථ්‍යා සංකල්ප ආදියෙහිදී ද අසත්‍ය වූ සහ යහපත කරා නොපමුණුවන්නා වූ යන වශයෙන් මිථ්‍යා ස්වභාවය දත යුතුය. මෙසේ මේ අකුසල ධර්ම අටට පැමිණීම මිථ්‍යා ස්වභාවයේ අංගයක් නම් වේ. ඒ සියල්ල වනාහි එක් ක්ෂණයකදීම නොලැබේ. වෙන වෙන අවස්ථාවන්හිදී ලැබේ.

කථං? යදා හි දිට‍්ඨිසම‍්පයුත‍්තචිත‍්තං කායවිඤ‍්ඤත‍්තිං සමුට‍්ඨාපෙන‍්තං උප‍්පජ‍්ජති, තදා මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසති මිච‍්ඡාසමාධි මිච‍්ඡාකම‍්මන‍්තොති ඡ අඞ‍්ගානි හොන‍්ති. යදා දිට‍්ඨිවිප‍්පයුත‍්තං, තදා මිච‍්ඡාදිට‍්ඨිවජ‍්ජානි පඤ‍්ච. යදා තානෙව ද‍්වෙ වචීවිඤ‍්ඤත‍්තිං සමුට‍්ඨාපෙන‍්ති, තදා මිච‍්ඡාකම‍්මන‍්තට‍්ඨානෙ මිච‍්ඡාවාචාය සද‍්ධිං තානෙව ඡ වා පඤ‍්ච වා. අයං ආජීවො නාම කුප‍්පමානො කායවචීද‍්වාරෙසුයෙව අඤ‍්ඤතරස‍්මිං කුප‍්පති, න මනොද‍්වාරෙ. තස‍්මා යදා ආජීවසීසෙන තානෙව චිත‍්තානි කායවචීවිඤ‍්ඤත‍්තියො සමුට‍්ඨාපෙන‍්ති, තදා කායකම‍්මං මිච‍්ඡාජීවො නාම හොති, තථා වචීකම‍්මන‍්ති මිච‍්ඡාජීවස‍්ස වසෙන තානෙව ඡ වා පඤ‍්ච වා. යදා පන විඤ‍්ඤත‍්තිං අසමුට‍්ඨාපෙත්‍වා තානි චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති, තදා මිච‍්ඡාදිට‍්ඨිමිච‍්ඡාසඞ‍්කප‍්පමිච‍්ඡාවායාමමිච‍්ඡාසතිමිච‍්ඡාසමාධිවසෙන පඤ‍්ච වා, මිච‍්ඡාසඞ‍්කප‍්පාදිවසෙන චත‍්තාරි වා හොන‍්තීති එවං න එකක‍්ඛණෙ සබ‍්බානි ලබ‍්භන‍්ති, නානක‍්ඛණෙ ලබ‍්භන‍්තීති.

කෙසේද යත් යම් කලෙක වනාහී දෘෂ්ටිය හා යෙදුණ සිත කයෙන් කරන ඇඟවීම් ඉපදවීම, ක්‍රියාවට නැංවීම සිදු කරයි ද, එකල්හි මිථ්‍යාදෘෂ්ටි. මිථ්‍යා සංකල්ප මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා සති, මිථ්‍යා සමාධි, මිථ්‍යා කර්මාන්ත යන අංග සය උපදී. යම් කලෙක සිත දෘෂ්ටිය හා එකට නො යෙදුණේ ද, එකල්හි මිථ්‍යාදෘෂ්ටි වැරදි පස උපදී. යම් කලෙක ඒ අංග දෙකම වචනයෙන් කරන ඇඟවීම් ඉපදවීම, ක්‍රියාවට නැංවීම සිදු කරයිද එකල්හි මිථ්‍යා කර්මාන්ත ඇති තැන්හි ද මිථ්‍යා වචනයෙහි පිහිටියාවූ ම හයක් හෝ පහක් වූ මෙම ආජීවය කැළඹීමට පත්වනුයේ කායවාග් ද්වාරයන්හිම එක්තරා ස්ථානයකදී කැළඹීමට පත් වේ. මනෝ ද්වාරයෙහිදී එසේ නොවේ. එහෙයින් යම් කලෙක සජීවි හිසකින් ඒ සිතුවිලිම කායවාක් විඥප්තීන් (ඇඟවීම්) උපදවයි ද එකල්හි කාය කර්මය මිථ්‍යා ආජීව නම් වෙයි. එකල්හි වචී කර්මය යනු මිථ්‍යා ආජීවය වශයෙන් ඒ හය හෝ පහ යම් කලෙක්හි ඇඟවීම් නො උපදවා හෝ ඒ සිතුම් උපදවයිද. එකල්හි මිථ්‍යාදෘෂ්ටි, මිථ්‍යා සංකල්ප, මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා ස්මෘති, මිථ්‍යා සමාධි වශයෙන් පහක් හෝ මිථ්‍යා සංකල්පය මුල්කොට ගෙන සතරක් හෝ වන්නේය. මෙසේ එකම මොහොතක සියල්ල ලැබෙන්නේ නො වේ. වෙනස් වෙනස් අවස්ථාවන්හිදී ලැබේයයි දත යුතුය.

සුක‍්කපක‍්ඛෙ විජ‍්ජාති කම‍්මස‍්සකතඤාණං. ඉහාපි සහජාතවසෙන ච උපනිස‍්සයවසෙන චාති ද‍්වීහාකාරෙහි පුබ‍්බඞ‍්ගමතා වෙදිතබ‍්බා. හිරොත‍්තප‍්පන‍්ති හිරී ච ඔත‍්තප‍්පඤ‍්ච. තත්‍ථ ලජ‍්ජනාකාරසණ‍්ඨිතා හිරී, භායනාකාරසණ‍්ඨිතං ඔත‍්තප‍්පං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තොව.

පුර පක්ෂයෙහි - විජ්ජා = කර්මය හිමිකොට ගෙන ඇති නුවණ. මෙහිද උත්පත්තිය සමග වශයෙන් හෝ හේතු සාධක වශයෙන් හෝ යන දෙආකාරයෙන් ම පෙරටුව යන ස්වභාවයක් ඇත්තේ යයි දත යුතුය. හිරොත්තප්පං = ලජ්ජාව ද බිය ද (යන කරුණු දෙක) එහි ලජ්ජාවන ස්වභාවය සහිත වූයේ “හිරි” යනු ද, බියවන ස්වභාවය සහිත වූයේ “ඔත්තප්ප” යනු ද වේ. මෙය මෙහි කෙටි හැඳින්වීම යි. විස්තරය වනාහී විසුද්ධි මග්ගයෙහි කියන ලද්දේමය.

විජ‍්ජාගතස‍්සාති විජ‍්ජාය උපගතස‍්ස සමන‍්නාගතස‍්ස. විද‍්දසුනොති විදුනො පණ‍්ඩිතස‍්ස. සම‍්මාදිට‍්ඨීති යාථාවදිට‍්ඨි නිය්‍යානිකදිට‍්ඨි. සම‍්මාකම‍්මන‍්තාදීසුපි එසෙව නයො. ඉති කුසලධම‍්මසමාපත‍්තියා ඉමානි අට‍්ඨඞ‍්ගානි හොන‍්ති, තානි ලොකියමග‍්ගක‍්ඛණෙ න එකතො සබ‍්බානි ලබ‍්භන‍්ති, ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පන ලබ‍්භන‍්ති. තානි ච ඛො පඨමජ‍්ඣානිකමග‍්ගෙ, දුතියජ‍්ඣානිකාදීසු පන සම‍්මාසඞ‍්කප‍්පවජ‍්ජානි සත‍්තෙව හොන‍්ති.

විජ්ජාගතස්ස = විද්‍යාඥානයට පැමිණි තැනැත්තාගේ, විද්‍යාඥානයෙන් යුක්ත වූ තැනැත්තාගේ විද්දසුනො = නුවණැති පඬිවරයාගේ සම්මාදිට්ඨි තත්වු පරිදි දකින දෘෂ්ටිය නෛර්යාණික දෘෂ්ටිය සම්මා කම්මන්ත ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ කුශල ධර්මයට පැමිණීමෙන් මේ අංග අට ඇති වේ. ඒ අටම ලෞකික මාර්ග ක්ෂණයේදී එකවර නො ලැබේ. ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී එය ලැබේ. ඒවා වනාහී ප්‍රථමධ්‍යානික මාර්ගයෙහි ද, ද්විතීය ධ්‍යානයට අයත් මාර්ග ආදියෙහි ද සම්‍යක් සංකල්පය හැර සතක්ම වන්නේය.

තත්‍ථ යො එවං වදෙය්‍ය “යස‍්මා මජ‍්ඣිමනිකායම‍්හි මහාසළායතනිකසුත‍්තෙ (ම· නි· 3.431) ‘යා තථාභූතස‍්ස දිට‍්ඨි, සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි. යො තථාභූතස‍්ස, සඞ‍්කප‍්පො, ස‍්වාස‍්ස හොති සම‍්මාසඞ‍්කප‍්පො. යො තථාභූතස‍්ස වායාමො, ස‍්වාස‍්ස හොති සම‍්මාවායාමො. යා තථාභූතස‍්ස සති, ස‍්වාස‍්ස හොති සම‍්මාසති. යො තථාභූතස‍්ස සමාධි, ස‍්වාස‍්ස හොති සම‍්මාසමාධි. පුබ‍්බෙව ඛො පනස‍්ස කායකම‍්මං වචීකම‍්මං ආජීවො ච සුපරිසුද‍්ධො’ති වුත‍්තං තස‍්මා පඤ‍්චඞ‍්ගිකොපි ලොකුත‍්තරමග‍්ගො හොතී”ති සො වත‍්තබ‍්බො – තස‍්මිංයෙව සුත‍්තෙ “එවමස‍්සායං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡතී”ති ඉදං කස‍්මා න පස‍්සසි ? යං පනෙතං “පුබ‍්බෙව ඛො පනස‍්සා”ති වුත‍්තං, තං පබ‍්බජිතදිවසතො පට‍්ඨාය පරිසුද‍්ධභාවදස‍්සනත්‍ථං. පබ‍්බජිතදිවසතො පට‍්ඨාය හි පරිසුද‍්ධානි කායකම‍්මාදීනි ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ අතිපරිසුද‍්ධානි හොන‍්තීති අයමත්‍ථො දීපිතො.

එහිදී යමකු මෙසේ කියයි ද? කෙසේදයත් : යම් හෙයකින් මජ්ඣිම නිකායෙහි මහා සළායතන සූත්‍රයෙහි “සත්‍ය ලෙස පවත්නා යම් දෘෂ්ටියක් වේද එය සම්මා දිට්ඨි නම් වේ. සත්‍ය ලෙස පවත්නා යම් සංකල්පයක් වේද එය සම්මා සඞ්කප්ප නම් වේ, සත්‍ය ලෙස පවත්නා යම් ස්මෘතියක් වේද එය සම්මා සති නම් වේ. සත්‍ය ලෙස පවත්නා යම් සමාධියක් වේද එය සම්මා සමාධි නම් වේ. ඒ අනුව කාය කර්මය ද, වචී කර්මයද, ආජීවය ද කලින්ම සුපිරිසිදු වේයයි කියන ලදී. එහෙයින් අංග පසකින් යුත් ලෝකෝත්තර මාර්ගයක් පවතී. ඒ සූත්‍රයෙහි ම “මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා සම්පූර්ණ වීම දක්වා ම ගමන් කෙරේ” යයි කිව යුතු වේ. යම් බඳු වූ මෙම කරුණු මෙයට පෙර ද සිදු වූයේය යන්න කුමක් හෙයින් නොදක්නෙහිදැයි කියන ලදී. එම කරුණ පැවිදි වූ දිනයෙහි පටන් පවත්නා පිරිසිදු බව දැක්වීම පිණිස පවතී. පැවිදි වූ දිනයෙහි පටන් පිරිසිදු කාය කර්ම ආදිය ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී අතිශයින් පිරිසිදු වේය යන මෙය මෙහි අර්ථය යයි දක්වන ලද්දේය. “එකල්හි වනාහී අංග පසකින් යුත් මාර්ගයක් වේ” යයි යන

යම‍්පි අභිධම‍්මෙ වුත‍්තං “තස‍්මිං ඛො පන සමයෙ පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො හොතී”ති (විභ· 212), තං එකං කිච‍්චන‍්තරං දස‍්සෙතුං වුත‍්තං. යස‍්මිඤ‍්හි කාලෙ මිච‍්ඡාකම‍්මන‍්තං පහාය සම‍්මාකම‍්මන‍්තං පූරෙති, තස‍්මිං කාලෙ මිච‍්ඡාවාචා වා මිච‍්ඡාජීවො වා න හොති, දිට‍්ඨි සඞ‍්කප‍්පො වායාමො සති සමාධීති ඉමෙසුයෙව පඤ‍්චසු කාරකඞ‍්ගෙසු සම‍්මාකම‍්මන‍්තො පූරති. විරතිවසෙන හි සම‍්මාකම‍්මන‍්තො පූරති නාම. සම‍්මාවාචාසම‍්මාආජීවෙසුපි එසෙව නයො. ඉති ඉමං කිච‍්චන‍්තරං දස‍්සෙතුං එවං වුත‍්තං. ලොකියමග‍්ගක‍්ඛණෙ ච පඤ‍්චෙව හොන‍්ති, විරති පන අනියතා. තස‍්මා “ඡඅඞ‍්ගිකො”ති අවත්‍වා “පඤ‍්චඞ‍්ගිකො”ත්‍වෙව වුත‍්තං. “යා ච, භික‍්ඛවෙ, අරියචිත‍්තස‍්ස අනාසවචිත‍්තස‍්ස අරියමග‍්ගසමඞ‍්ගිනො අරියමග‍්ගං භාවයතො තීහි කායදුච‍්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං, අයං භික‍්ඛවෙ සම‍්මාකම‍්මන‍්තො අරියො අනාසවො ලොකුත‍්තරමග‍්ගො”ති (ම· නි· 3.139). එවං පන මහාචත‍්තාලීසකසුත‍්තාදීසු අනෙකෙසු සුත‍්තෙසු සම‍්මාකම‍්මන‍්තාදීනඤ‍්ච ලොකුත‍්තරමග‍්ගස‍්ස අඞ‍්ගභාවසිද‍්ධිතො අට‍්ඨඞ‍්ගිකොව ලොකුත‍්තරමග‍්ගො හොතීති වෙදිතබ‍්බොති. ඉමස‍්මිං සුත‍්තෙ අයං අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො ලොකියලොකුත‍්තරමිස‍්සකොව කථිතො. දුතියං කොසලසංයුත‍්තෙ වුත‍්තමෙව.

යමක් අභිධර්මයෙහි කියන ලද්දේද, එම කාර්යය දැක්වීම පිණිස එය කියන ලදී. යම් කිසි කලෙක්හි මිච්ඡා කම්මන්තය අත්හැර සම්මා කම්මන්තය පිළිපදීද, ඒ කල්හි මිච්ඡා වාචා හෝ මිච්ඡා ආජීවය හෝ සිදු නොවේ. දිට්ඨිය. සඞ්කප්පය, ව්‍යායාමය, සතිය, සමාධිය යන මේ කාරක අංග පසෙහි සම්මා කම්මන්තය පිළිපදිනුයේ නම් වෙයි. සම්මා වාචා, සම්මා ආජීව යන අංගයන්හිද මේ පිළිවෙළම වේ. මෙසේ මේ කාර්යය දක්වනු පිණිස මෙසේ කියන ලදී. ලෞකික මාර්ග ක්ෂණයෙහි ද (මේ අංග) පහම වෙයි. නො ඇලීම වනාහී නියත නොවේ. එහෙයින් අංග සයකින් යුක්තයයි නො කියා අංග පසකින් යුක්ත වන්නේම යයි කියන ලදී. “මහණෙනි, (උත්තම හෙවත්) ආර්ය චිත්තයෙන් යුක්ත වූ, ක්ලේශ රහිත චිත්තයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගයෙහි යෙදුණා වූ, ආර්ය මාර්ගය වඩන්නා වූ තැනැත්තහුගේ යම්තාක් තෙවැදෑරුම් කාය දුශ්චරිතයන්ගෙන් ඈත් වීමක් වැළකීමක් ඉවත් වීමක්, වෙන්වීමක්, එම දුසිරිත්හි නොයෙදීමක්, ඒවා නොකර සිටීමක් යන යමක් වේද මහණෙනි, මෙම සම්‍යක් කර්මාන්තය ආර්ය වූ, ක්ලේශ රහිතවූ ලෝකෝත්තර මාර්ගයයි. මෙසේ වනාහී මහා චත්තාළීසක සූත්‍රය ආදී අනේකවූ සූත්‍රයන්හි (දැක්වෙන පරිදි) සම්‍යක් කර්මාන්ත ආදී වූ ලෝකෝත්තර මාර්ගයේ අංග වශයෙන් අංග අටක්වන ලෝකෝත්තර මාර්ගය වේයයි දත යුතුය. මේ සූත්‍රයෙහිදී මෙම අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් මිශ්‍රව කියන ලදී. දෙවැන්න කෝසල සංයුත්තයෙහි කියන ලද්දේමය.

3. සාරිපුත‍්තසුත‍්තවණ‍්ණනා

3. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ සකලමිදං භන‍්තෙති ආනන්‍දත්‍ථෙරො සාවකපාරමීඤාණස‍්ස මත්‍ථකං අප‍්පත‍්තතාය සකලම‍්පි මග‍්ගබ්‍රහ‍්මචරියං කල්‍යාණමිත‍්තසන‍්නිස‍්සයෙන ලබ‍්භතීති න අඤ‍්ඤාසි, ධම‍්මසෙනාපති පන සාවකපාරමීඤාණස‍්ස මත්‍ථකෙ ඨිතත‍්තා අඤ‍්ඤාසි, තස‍්මා එවමාහ. තෙනෙවස‍්ස භගවා සාධු සාධූති සාධුකාරමදාසි.

තුන් වැන්නෙහි - සකල මිදං භන්තෙ = අනඳ තෙරණුවෝ තමන් ශ්‍රාවක පාරමී ඥානයේ කෙළවරට නො පැමිණි බැවින් සම්පූර්ණ මාර්ග බ්‍රහ්මචර්යාව කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබේයයි නො දත්හ. ධර්මසේනාපති (ශාරිපුත්‍ර) තෙරණුවෝ වූ කලී ශ්‍රාවක පාරමී ඥානයේ සම්පූර්ණත්වයේ සිටි බැවින් එය දැනගෙන සිටියහ. එහෙයින් මෙසේ කීහ. ඒ නිසාම ඒ තෙරුන් හට “සාධු සාධු” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දුන්හ.

4. බ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

4. බ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සබ‍්බසෙතෙන වළවාභිරථෙනාති සකලසෙතෙන චතූහි වළවාහි යුත‍්තරථෙන. සො කිර සබ‍්බො සචක‍්කපඤ‍්ජරකුබ‍්බරො රජතපරික‍්ඛිත‍්තො හොති. රථො ච නාමෙස දුවිධො හොති – යොධරථො, අලඞ‍්කාරරථොති. තත්‍ථ යොධරථො චතුරස‍්සසණ‍්ඨානො හොති නාතිමහා ද‍්වින‍්නං තිණ‍්ණං වා ජනානං ගහණසමත්‍ථො. අලඞ‍්කාරරථො මහා හොති දීඝතො දීඝො පුථුලතො පුථුලො ච, තත්‍ථ ඡත‍්තග‍්ගාහකො වාලබීජනිග‍්ගාහකො තාලවණ‍්ටග‍්ගාහකොති එවං අට‍්ඨ වා දස වා සුඛෙනෙව ඨාතුං වා නිසීදිතුං වා නිපජ‍්ජිතුං වා සක‍්කොන‍්ති. අයම‍්පි අලඞ‍්කාරරථොයෙව.

සිවු වැන්නෙහි - සබ්බසෙතෙන වළභීරථෙන සාකල්‍යයෙන්ම ධවල වර්ණ වූ වෙළඹුන් සතර දෙනක යෙදු රියකින් රථචක්‍රය, මැදිරිය, වියගස සහිත ඒ මුළු රථයම රිදීයෙන් ආලේප කරන ලද්දේ විය. මේ රථය ද යුද්ධ රථය, අලංකාර රථය යනුවෙන් දෙවැදෑරුම් වෙයි. එහි යුද්ධ රථය සතරැස් වෙයි. අධික ලෙස විශාල නොවේ. දෙදෙනකුට හෝ තිදෙනකුට එහි හිඳගත හැකි වේ. අලංකාර රථය විශාල වුවකි. දිග පැත්තේ වැඩි දිගක් ද, පුළුල් පැත්තේ වැඩි පළලක් ද ඇත්තේ වේ. එහි (සේ) සත් දරන්නා ද, වල් විදුනා දරන්නා ද, තල්පත් දරන්නා ද ආදී වශයෙන් අට දෙනකුට හෝ දස දෙනකුට සුවසේ සිටගෙන හෝ හිඳගෙන හෝ වැතිර ගෙන හෝ යාමට හැකිවේ. මෙය ද අලංකාර රථයක් මය.

සෙතා සුදං අස‍්සාති තා වළවා පකතියා සෙතවණ‍්ණාව. සෙතාලඞ‍්කාරාති පසාධනං තාසං රජතමයං අහොසි. සෙතො රථොති රථොපි වුත‍්තනයෙනෙව රජතපරික‍්ඛිත‍්තත‍්තා තත්‍ථ තත්‍ථ දන‍්තකම‍්මඛචිතත‍්තා ච සෙතොව. සෙතපරිවාරොති යථා අඤ‍්ඤෙ රථා සීහචම‍්මපරිවාරාපි හොන‍්ති, බ්‍යග‍්ඝචම‍්මපරිවාරාපි පණ‍්ඩුකම‍්බලපරිවාරාපි හොන‍්ති, න එවං එස. එස පන ඝනදුකූලෙන පරිවාරිතො අහොසි. සෙතා රස‍්මියොති රස‍්මියොපි රජතපනාළිසුපරික‍්ඛිත‍්තා. සෙතා පතොදලට‍්ඨීති පතොදලට‍්ඨිපි රජතපරික‍්ඛිත‍්තා.

සෙතා සුදං අස්සා = සුදු වෙළඹහු නම් ස්වභාවයෙන් ම සුදු පැහැ ඇත්තාහුමය. සෙතාලඞ්කාරා = ඒ වෙළඹුන්ගේ සැරසිලි රිදියෙන් නිමවන ලද්දේ විය. සෙතොරථො = කියන ලද පිළිවෙළින්ම රිදීයෙන් ආලේපිත බැවින් ද, ඒ ඒ තැන්හි ඇත් දළින් කැටයම් කළ බැවින් ද සුදු පැහැ ඇත්තේමය. සෙත පරිවාරො = යම් සේ සෙසු රථ සිංහසමින් ආවරණය වූයේ හෝ, ව්‍යාඝ්‍ර සමින් ආවරණය වූයේ හෝ, පිඬු පැහැ කම්බිලියෙන් ආවරණය වූයේ හෝ වෙයි ද එහෙත් මේ රථය එසේ නොවේ. මෙම රිය වනාහී ඝන පට වස්ත්‍රයෙන් ආවරණය වූයේ වෙයි. සෙතා රස්මියො = (අසුන් හට යෙදූ) රැහැන් ද රිදී නාළිකාවලින් ආවරණය කෙරිණ. සෙතාපතොදලට්ඨි = කෙවිටි ලීය පවා රිදී ආලේපිතය.

සෙතං ඡත‍්තන‍්ති රථමජ‍්ඣෙ උස‍්සාපිතඡත‍්තම‍්පි සෙතමෙව අහොසි. සෙතං උණ‍්හීසන‍්ති අට‍්ඨඞ‍්ගුලවිත්‍ථාරො රජතමයො උණ‍්හීසපට‍්ටො සෙතො. සෙතානි වත්‍ථානීති වත්‍ථානිපි සෙතානි ඵෙණපුඤ‍්ජවණ‍්ණානි. තෙසු නිවාසනං පඤ‍්චසතග‍්ඝනකං, උත‍්තරාසඞ‍්ගො සහස‍්සග‍්ඝනකො. සෙතා උපාහනාති උපාහනා නාම මග‍්ගාරුළ‍්හස‍්ස වා හොන‍්ති අටවිං වා පවිසන‍්තස‍්ස. අයං පන රථං අභිරුළ‍්හො, තෙනස‍්ස තදනුච‍්ඡවිකො රජතපටිසෙවිතො පාදාලඞ‍්කාරො නාම එස එවං වුත‍්තොති වෙදිතබ‍්බො. සෙතාය සුදං වාලබීජනියාති ඵලිකමයදණ‍්ඩාය සෙතචමරවාලබීජනියා. න කෙවලඤ‍්ච එත‍්තකමෙවස‍්ස සෙතං අහොසි, සො පන බ්‍රාහ‍්මණො සෙතවිලෙපනං විලිම‍්පි, සෙතමාලං පිළන්‍ධි, දසසු අඞ‍්ගුලීසු අඞ‍්ගුලිමුද‍්දිකා කණ‍්ණෙසු කුණ‍්ඩලානීති එවමාදි අලඞ‍්කාරොපිස‍්ස රජතමයොව අහොසි. පරිවාරබ්‍රාහ‍්මණාපිස‍්ස දසසහස‍්සමත‍්තා තථෙව සෙතවත්‍ථවිලෙපනමාලාලඞ‍්කාරා අහෙසුං.

සෙතංඡත්තං රථය මැද ඔසවන ලද ඡත්‍රය පවා සුදු පැහැ ගත්තේය. සෙතං උණ්හීසං = අටඟුල් පුළුල් වූ රිදීමුවා නළල් පටය. සෙතානි වත්‍ථානි = වස්ත්‍රද සුදු පැහැයෙන් පෙණ කැටිමෙන් විය. ඔවුන් වෙත වූ ඉඟටියෙන් පහළ ඇඳුම් පන්සියයක් (බැගින්) අගනේ වෙයි. උතුරුසළුව දහසක් අගනේ වෙයි. සෙතා උපාහනා = මඟට බසින්නහුට වේවා, වනයට පිවිසෙන්නහුට වේවා පාවහන් තිබේ. මෙහි සඳහන් තැනැත්තා වනාහී රථයට නැඟුණේ වෙයි. ඒ නිසා ඊට සුදුසු වූ, රිදී ආලේප කළා වූ පාදාලංකාරයක් වූ මෙය (සඳහා) මෙසේ කියන ලද්දේයයි දත යුතුයි. සෙතාය සුදං වාළ විජනියා = පලිඟුමය මිටක් ඇති සුදු සෙමෙර වල්විදුනාවකින් හුදෙක් මෙ පමණෙකින්ම පමණක් ඔහුගේ සුදුපාට ඇතිවූයේ නොවේ. ඒ බ්‍රාහ්මණ තෙමේ වූ කලී සුදු විලවූන් ගැල්වීය, සුදු මල් පැලැන්දේය. ඔහු ගේ ඇඟිලි දහයෙහි වූ මුදු ද, කන්වල වූ කුණ්ඩලාභරණ ද යන මේ ආදී අලංකාර කිරීම් රිදීයෙන් කරන ලද්දේම විය. ඔහුගේ දස දහසක් පමණ වූ බ්‍රාහ්මණ පිරිස ද සුදු ඇඳුම්, සුදු විලවුන්, සුදුමල් ආදියෙන් සැරසෙන්නෝ වූහ.

යං පනෙතං සාවත්‍ථියා නිය්‍යායන‍්තන‍්ති වුත‍්තං, තත්‍රායං නිය්‍යායනවිභාවනා – සො කිර ඡන‍්නං ඡන‍්නං මාසානං එකවාරං නගරං පදක‍්ඛිණං කරොති – “ඉතො එත‍්තකෙහි දිවසෙහි නගරං පදක‍්ඛිණං කරිස‍්සතී”ති පුරෙතරමෙව ඝොසනා කයිරති. තං සුත්‍වා යෙ නගරතො න පක‍්කන‍්තා, තෙ න පක‍්කමන‍්ති. යෙපි පක‍්කන‍්තා, තෙපි “පුඤ‍්ඤවතො සිරිසම‍්පත‍්තිං පස‍්සිස‍්සාමා”ති ආගච‍්ඡන‍්ති. යං දිවසං බ්‍රාහ‍්මණො නගරං අනුවිචරති, තදා පාතොව නගරවීථියො සම‍්මජ‍්ජිත්‍වා වාලිකං ඔකිරිත්‍වා ලාජපඤ‍්චමෙහි පුප‍්ඵෙහි විප‍්පකිරිත්‍වා පුණ‍්ණඝටෙ ඨපෙත්‍වා කදලියො ච ධජෙ ච උස‍්සාපෙත්‍වා සකලනගරං ධූපිතවාසිතං කරොන‍්ති.

යම්බඳු වූ මෙම සාවත්‍ථියා නිය්‍යාසි (සැවැත් නුවරින් පිට වූයේය) යන්නක් කියන ලද්දේ ද, එහි මෙම නිය්‍යාන (නික්මීම) පිළිබඳ විස්තරය මෙසේ ය. හේ තෙමේ වනාහී මාස හයෙන් හයට එක වරක් බැගින් නගරය ප්‍රදක්ෂිණා කරයි. මෙතැන් සිට මෙපමණ දින ගණනකින් නුවර පැදකුණු කරන්නේයයි කල් තබාම ප්‍රසිද්ධ කරවයි. එය අසා යමකු එතෙක් නුවරින් පිට නොවී සිටියාහු නම් ඔව්හු නුවරින් බැහැර නොයත්. යමකු (නුවරින්) පිට වී සිටියාහු නම් ඔව්හු පිනැති අයකුගේ සිරිසැප දකින්නෙමු යයි (ආපසු) පැමිණෙත්. යම් දිනෙක බ්‍රාහ්මණයා නගරයෙහි චාරිකා කරයි ද එදින උදෑසනම නුවර වීථි හැම ද, වැලි විසුරුවා, ඒ මත ලද පස්මල් විසුරුවා පුන් කලස් තබා කෙසෙල් ගස් ද, කොඩි ද ඔසවා මුළු නුවරම දුමින් සුවඳ කරත්.

බ්‍රාහ‍්මණො පාතොව සීසං න‍්හායිත්‍වා පුරෙභත‍්තං භුඤ‍්ජිත්‍වා වුත‍්තනයෙනෙව සෙතවත්‍ථාදීහි අත‍්තානං අලඞ‍්කරිත්‍වා පාසාදා ඔරුය‍්හ රථං අභිරුහති. අථ නං තෙ බ්‍රාහ‍්මණා සබ‍්බසෙතවත්‍ථවිලෙපනමාලාලඞ‍්කාරා සෙතච‍්ඡත‍්තානි ගහෙත්‍වා පරිවාරෙන‍්ති. තතො මහාජනස‍්ස සන‍්නිපාතත්‍ථං පඨමංයෙව තරුණදාරකානං ඵලාඵලානි විකිරන‍්ති, තදනන‍්තරං මාසකරූපාදීනි, තදනන‍්තරං කහාපණෙ විකිරන‍්ති. මහාජනො සන‍්නිපතති, උක‍්කුට‍්ඨියො චෙව චෙලුක‍්ඛෙපා ච වත‍්තන‍්ති. අථ බ්‍රාහ‍්මණො මඞ‍්ගලිකසොවත්‍ථිකාදීසු මඞ‍්ගලානි චෙව සුවත්‍ථියො ච කරොන‍්තෙසු මහාසම‍්පත‍්තියා නගරං අනුවිචරති. පුඤ‍්ඤවන‍්තා මනුස‍්සා එකභූමිකාදිපාසාදෙ ආරුය‍්හ සුකපත‍්තසදිසානි වාතපානකවාටානි විවරිත්‍වා ඔලොකෙන‍්ති. බ්‍රාහ‍්මණොපි අත‍්තනො යසසිරිසම‍්පත‍්තියා නගරං අජ‍්ඣොත්‍ථරන‍්තො විය දක‍්ඛිණද‍්වාරාභිමුඛො හොති. තං සන්‍ධායෙතං වුත‍්තං.

බ්‍රාහ්මණ තෙමේ උදෑසනම හිස් සෝදා, පෙරවරු බත වළදා (පෙර) කියන ලද පිළිවෙළින් ම සුදු වස්ත්‍ර ආදියෙන් තම සිරුර සරසා පහයෙන් බැස රථාසනාරූඩ වෙයි. ඉක්බිති සෙසු සියළු බ්‍රාහ්මණවරු සුදු ඇඳුම්, විලවුන් හා මල්වලින් සැරසී සේසත් රැගෙන ඔහු පිරිවරා ගනිත්. ඉක්බිති මහජනයා රැස්කර ගනු පිණිස පළමු කොට තරුණ ළමයින් වෙත ලොකු කුඩා ගෙඩි වර්ග විසුරුවා හරිති. ඉන් අනතුරුව මසුරන් හා රුපියල් ද, අනතුරුව කහවණු ද විසුරුවත්. එකල්හි මහජනයා රැස්වෙත්, ප්‍රීතිඝෝෂා කරමින් ද, උඩ පනිමින් ද සිටිත්. ඉක්බිති බ්‍රාහ්මණ තෙමේ මංගල වචන හා සුබ ප්‍රාර්ථනා වචන කියන්නවුන් මංගල ප්‍රාර්ථනයන් හා සෞඛ්‍ය ප්‍රාර්ථනයන් කරන කල්හි මහ ඉසුරෙන් යුතුව නගර චාරිකාවෙහි යෙදෙයි. පින්වත් මනුෂ්‍යයෝ මහල් සහිත ප්‍රාසාදයනට නැඟී ගිරවුන්ගේ පියාපත් වැනි ජනෙල් කවුළු විවර කොට බලත්. බ්‍රාහ්මණ තෙමේ ද තමාගේ යශෝ ශ්‍රී සම්පත්තියෙන් යුතුව නගරය වසඟයෙහි තබා ගන්නාක් මෙන් දකුණු දොරටුවට අභිමුඛව සිටියේය. ඒ සඳහා මෙය කියන ලදී.

තමෙනං ජනො දිස‍්වාති මහාජනො තං රථං දිස‍්වා. බ්‍රහ‍්මන‍්ති සෙට‍්ඨාධිවචනමෙතං. බ්‍රහ‍්මං වත භො යානන‍්ති සෙට‍්ඨයානසදිසං වත භො යානන‍්ති අයමෙත්‍ථ අත්‍ථො. ඉමස‍්සෙව ඛො එතන‍්ති, ආනන්‍ද, මනුස‍්සා නාම වණ‍්ණභාණකානං ධනං දත්‍වා අත‍්තනො දාරිකානං වණ‍්ණගීතං ගායාපෙන‍්ති “අභිරූපො හොති දස‍්සනීයො මහද‍්ධනො මහාභොගො”ති, න ච තෙන වණ‍්ණභණනමත‍්තෙන අභිරූපා වා හොන‍්ති මහද‍්ධනා වා, එවමෙව මහාජනො බ්‍රාහ‍්මණස‍්ස රථං දිස‍්වා – “බ්‍රහ‍්මං වත භො යාන”න‍්ති කිඤ‍්චාපි එවං වණ‍්ණං භණති, න පනෙතං යානං වණ‍්ණභණනමත‍්තෙනෙව බ්‍රහ‍්මයානං නාම හොති. ලාමකඤ‍්හි එතං ඡවං. පරමත්‍ථෙන පන ඉමස‍්සෙව ඛො එතං, ආනන්‍ද, අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස අධිවචනං. අයඤ‍්හි සබ‍්බදොසවිගමෙන සෙට‍්ඨො, ඉමිනා ච අරියා නිබ‍්බානං යන‍්තීති බ්‍රහ‍්මයානං ඉතිපි, ධම‍්මභූතත‍්තා යානත‍්තා ච ධම‍්මයානං ඉතිපි, අනුත‍්තරත‍්තා කිලෙසසඞ‍්ගාමස‍්ස ච විජිතත‍්තා අනුත‍්තරො සඞ‍්ගාමවිජයො ඉතිපි වත‍්තුං වට‍්ටති.

තමෙනං ජනො දිස්වා = මහජනතාව ඒ රථය දැක, බ්‍රහ්මං = ශ්‍රේෂ්ඨ යන්නට තවත් වචනයකි. බ්‍රහ්මං වත භො යානං = “පින්වත. යානය ශ්‍රේෂ්ඨ යානයකට සමාන වෙයි” යන මෙය මෙහි අර්ථයයි. ඉමස්සෙව ඛො එතං = ආනන්දයෙනි, මනුෂ්‍යයෝ වනාහී වර්ණනා කරන තැනට පැමිණ තම දායකයන් හට වර්ණනා කිරිමේ ගීත ගායනා කරවත්. මනා රූපයෙන් යුක්ත වූ, දැකුම්කළු වූ, මහාධනයක් ඇත්තා වූ, බොහෝ වස්තුව ඇත්තාවූ යන මේ වර්ණනා කිරීමෙන් පමණක් මනා රූමත් හෝ මහා ධනවත් නොවේ. මෙසේම මහා ජනතාව බ්‍රාහ්මණයාගේ රථය දැක “පින්වත්නි, යානය උතුම් එකකැයි” වර්ණනා කරන්නෝ නමුදු. මේ යානය වනාහී වර්ණනා කිරීම් පමණකින්ම උතුම් ස්ථානයක් වන්නේ නොවේ. මෙම අප්‍රාණික දෙය ලාමක වූවක්ම වන්නේය. පරමාර්ථ වශයෙන් වනාහි ඉමස්සෙව ඛො ආනන්‍ද එතං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං = ආනන්‍දය, මෙය (බ්‍රහ්ම යානං) වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම තවත් වචනයකි. මේ වූ කලී හැම දොසින්ම වෙන්වූවක් බැවින් සෙට්ඨො (ශ්‍රේෂ්ඨ) වේ. “ආර්යයෝ මේ මඟින් ම නිවනට යන්නාහ” යන අරුතින් බ්‍රහ්මයානං ඉතිපි = (බ්‍රහ්ම යානය යනු ද), ධර්මය වූ බැවිනුත්, (සසරින් එතෙරට යන) යානයක් බැවිනුත් ධම්මයානං ඉතිපි (ධර්ම යානය යනු ද), මෙයට වඩා උසස් මඟක් නැති බැවිනුත්, කෙලෙස් සටන ජයගත් බැවිනුත් අනුත්තරො සඞ්ගාම විජයො ඉතිපි (උත්තරීතර වූ, සටන දිනූ තැනැත්තාය) යනු ද කීමට වටනේය.

ඉදානිස‍්ස නිද‍්දොසභාවඤ‍්චෙව සඞ‍්ගාමවිජයභාවඤ‍්ච දස‍්සෙන‍්තො රාගවිනයපරියොසානාතිආදිමාහ. තත්‍ථ රාගං විනයමානා පරියොසාපෙති පරියොසානං ගච‍්ඡති නිප‍්ඵජ‍්ජතීති රාගවිනයපරියොසානා. එස නයො සබ‍්බත්‍ථ.

දැන් ඔහුගේ නිර්දෝෂිභාවය ද සංග්‍රාමය විජයග්‍රහණය කළ බවද දක්වමින් රාග විනය පරියොසානො = (රාගය යටපත් කිරීමේ අවසානය) යන ආදිය කීහ. එහි රාගය යටපත් කිරීම ද අවසානයට යාම ද යන මේ කාර්යයන් සිදු වන්නේය යනු “රාග විනය පරියොසාන” හෙවත් රාගය යටපත් කිරීම, අවසන් කිරීම යන අර්ථයි. සියළු තන්හි මේ පිළිවෙළ වේ.

යස‍්ස සද‍්ධා ච පඤ‍්ඤා චාති යස‍්ස අරියමග‍්ගයානස‍්ස සද‍්ධානුසාරිවසෙන සද‍්ධා, ධම‍්මානුසාරිවසෙන පඤ‍්ඤාති ඉමෙ ද‍්වෙ ධම‍්මා සදා ධුරං යුත‍්තා, තත්‍රමජ‍්ඣත‍්තතායුගෙ යුත‍්තාති අත්‍ථො. හිරී ඊසාති අත‍්තනා සද‍්ධිං අධිවිට‍්ඨෙන බහිද‍්ධාසමුට‍්ඨානෙන ඔත‍්තප‍්පෙන සද‍්ධිං අජ‍්ඣත‍්තසමුට‍්ඨානා හිරී යස‍්ස මග‍්ගරථස‍්ස ඊසා. මනො යොත‍්තන‍්ති විපස‍්සනාචිත‍්තඤ‍්ච මග‍්ගචිත‍්තඤ‍්ච යොත‍්තං. යථා හි රථස‍්ස වාකාදිමයං යොත‍්තං ගොණෙ එකාබද‍්ධෙ කරොති එකසඞ‍්ගහිතෙ, එවං මග‍්ගරථස‍්ස ලොකියවිපස‍්සනාචිත‍්තං අතිරෙකපඤ‍්ඤාස, ලොකුත‍්තරවිපස‍්සනාචිත‍්තං අතිරෙකසට‍්ඨි කුසලධම‍්මෙ එකාබද‍්ධෙ එකසඞ‍්ගහෙ කරොති. තෙන වුත‍්තං “මනො යොත‍්ත”න‍්ති. සති ආරක‍්ඛසාරථීති මග‍්ගසම‍්පයුත‍්තා සති ආරක‍්ඛසාරථි. යථා හි රථස‍්ස ආරක‍්ඛො සාරථි නාම යොග‍්ගියො. ධුරං වාහෙති යොජෙති අක‍්ඛං අබ‍්භඤ‍්ජති රථං පෙසෙති රථයුත‍්තකෙ නිබ‍්බිසෙවනෙ කරොති, එවං මග‍්ගරථස‍්ස සති. අයඤ‍්හි ආරක‍්ඛපච‍්චුපට‍්ඨානා චෙව කුසලාකුසලානඤ‍්ච ධම‍්මානං ගතියො සමන්‍වෙසතීති වුත‍්තා.

යස්ස සද්ධාච පඤ්ඤාච = යම් ආර්ය මාර්ග යානයක්හුගේ සද්ධානුසාරී වශයෙන් ශ්‍රද්ධාව ද, ධම්මානුසාරී වශයෙන් ප්‍රඥාව ද යන මේ ධර්මයන් දෙක ශ්‍රද්ධාව යන තත්ත්වයන් දෙකෙහි යෙදුනේය යන අර්ථයයි. හිරි ඊසා = ආත්මය සමග යෙදුණ, බැහැරින් උපන් ඔත්තප්පය (හෙවත් වරදට ඇති බිය) සමග උපන්නේ “හිරි” (වරදට ලැජ්ජාව) නම් වේ. යම් මාර්ග නමැති රථයක්හුගේ නම් “ඊසා” (හෙවත් ඒරියා කඳක්) වේ. මනො යොත්තං = විදර්ශනා චිත්තය ද, මාර්ග චිත්තය ද යොත (හෙවත් රැහැණ) නම් වේ. යම්සේ වනාහී පට්ටාවලින් තනන ලද යොත ගොණුන් රථයට බැඳ තබයි ද, එකට එකතු කරයිද එසේ ම මාර්ගය නමැති රථයේ ලෞකික විදර්ශනා චිත්තයට අමතරව පණසක් වූ ලෝකෝත්තර විදර්ශනා චිත්තය හා අමතරව සැටක් වූ කුසල ධර්මයන් ද ඒකාබද්ධ කරයි. එකට එකතු කරයි. ඒ හේතුවෙන් “මනො යොත්තං” (මනස නමැති රැහැණ) යයි කියන ලදී. සති ආරක්‍ඛ සාරථී, මාර්ග ගමනෙහි යෙදුන ආරක්ෂාකාරී රියැදුරා යම් සේ රථයේ ආරක්ෂාකාරී රියැදුරා නම් වේද, යමකු විය ගසෙහි යොදවයි ද, රථ රෝදයේ අලවංගුවට (ඇක්සලයට) තෙල් ගල්වයි ද, රථය යවයි ද, රථ සේවයෙහි යෙදී සිටියවුන් (අවශ්‍ය විට) සේවයෙන් නිදහස් කරයි ද මෙසේ මාර්ගයෙහි යවන රථයේ සිහිය පිහිටුවයි. මේ වනාහී ආරක්ෂාව සිහියේ තබා ගැනීමෙන් ද කුසලා කුසල ධර්මයන්ගේ පිහිටීමෙන්ද සිදු වේ යයි කියන ලදී.

රථොති අරියඅට‍්ඨඞ‍්ගිකමග‍්ගරථො. සීලපරික‍්ඛාරොති චතුපාරිසුද‍්ධිසීලාලඞ‍්කාරො. ඣානක‍්ඛොති විපස‍්සනාසම‍්පයුත‍්තානං පඤ‍්චන‍්නං ඣානඞ‍්ගානං වසෙන ඣානමයඅක‍්ඛො. චක‍්කවීරියොති වීරියචක‍්කො, කායිකචෙතසිකසඞ‍්ඛාතානි ද‍්වෙ වීරියානි අස‍්ස චක‍්කානීති අත්‍ථො. උපෙක‍්ඛා ධුරසමාධීති ධුරස‍්ස සමාධි, උන‍්නතොනතාකාරස‍්ස අභාවෙන ද‍්වින‍්නම‍්පි යුගපදෙසානං සමතාති අත්‍ථො. අයඤ‍්හි තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛා චිත‍්තුප‍්පාදස‍්ස ලීනුද‍්ධච‍්චභාවං හරිත්‍වා පයොගමජ‍්ඣත‍්තෙ චිත‍්තං ඨපෙති, තස‍්මා ඉමස‍්ස මග‍්ගරථස‍්ස “ධුරසමාධී”ති වුත‍්තා. අනිච‍්ඡා පරිවාරණන‍්ති බාහිරකරථස‍්ස සීහචම‍්මාදීනි විය ඉමස‍්සාපි අරියමග‍්ගරථස‍්ස අලොභසඞ‍්ඛාතා අනිච‍්ඡා පරිවාරණං නාම.

රථො = ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් රථයයි. සීල පරික්‍ඛාරො = චතුපාරිශුද්ධි ශීලය නමැති අලංකාරය ඣානක්‍ඛො = විදර්ශනාවෙන් යුක්ත වූ පස් වැදෑරුම් වූ ධ්‍යානාංගයන්ගෙන් යුක්ත වූ, ධ්‍යානමය මධ්‍යයයි, හෙවත් ධ්‍යාන අක්සයයි. චක්කවීරියො = ශක්තිමත් වූ චක්‍රය කායිකය, චෛතසිකය යන ශක්තීන් දෙක මෙහි “චක්ක” යනුවෙන් අදහස් වේ. උපෙක්‍ඛා ධුර සමාධි = වීර්යයේ ඒකාග්‍රතාවය ධුර සමාධි නම් වේ. (හෙවත්) රථයේ විය ගසෙහි නිශ්චල භාවය ද ධුර සමාධි නම් වේ. වඩ වඩා උසස්වන ආකාරයක් නැති බැවින් මෙම පද යුගල දෙකෙහිම “සම බව” යන අරුතක් ඇත. එහිදී මේ තෙමේ වනාහී මධ්‍යස්ථ වූ උපේක්ෂා සිතුවිල්ලේ සැඟවුණ නොසන්සුන් බව හෙවත් උඩඟු බව ඉවත් කොට ප්‍රායෝගිකව මධ්‍යස්ථ තත්ත්වයෙක් හි සිත පිහිටුවයි. එබැවින් මෙම (ආර්ය) මාර්ගය නමැති රථයට “ධුර සමාධි” යයි කියන ලදී. අනිච්ඡා පරිවාරණං = රථයේ බාහිර පැතිවලට යොදන සිංහ සම් ආදිය මෙන් ආර්ය මාර්ගය නමැති මෙම රථයට ද අලෝභ යනුවෙන් හැඳින්වෙන අනිච්ඡාව (හෙවත් ආසාවෙන් තොරවීම) “පරිවාරණ” (හෙවත් පිරිවැරීම) නම් වේ.

අබ්‍යාපාදොති මෙත‍්තා ච මෙත‍්තාපුබ‍්බභාගො ච. අවිහිංසාති කරුණා ච කරුණාපුබ‍්බභාගො ච. විවෙකොති කායවිවෙකාදි තිවිධවිවෙකො. යස‍්ස ආවුධන‍්ති යස‍්ස අරියමග‍්ගරථෙ ඨිතස‍්ස කුලපුත‍්තස‍්ස එතං පඤ‍්චවිධං ආවුධං. යථා හි රථෙ ඨිතො පඤ‍්චහි ආවුධෙහි සපත‍්තෙ විජ‍්ඣති, එවං යොගාවචරොපි ඉමස‍්මිං ලොකියලොකුත‍්තරමග‍්ගරථෙ ඨිතො මෙත‍්තාය දොසං විජ‍්ඣති, කරුණාය විහිංසං, කායවිවෙකෙන ගණසඞ‍්ගණිකං, චිත‍්තවිවෙකෙන කිලෙසසඞ‍්ගණිකං, උපධිවිවෙකෙන සබ‍්බාකුසලං විජ‍්ඣති. තෙනස‍්සෙතං පඤ‍්චවිධං “ආවුධ”න‍්ති වුත‍්තං. තිතික‍්ඛාති දුරුත‍්තානං දුරාගතානං වචනපථානං අධිවාසනක‍්ඛන‍්ති. චම‍්මසන‍්නාහොති සන‍්නද‍්ධචම‍්මො. යථා හි රථෙ ඨිතො රථිකො පටිමුක‍්කචම‍්මො ආගතාගතෙ සරෙ ඛමති, න නං තෙ විජ‍්ඣන‍්ති, එවං අධිවාසනක‍්ඛන‍්තිසමන‍්නාගතො භික‍්ඛු ආගතාගතෙ වචනපථෙ ඛමති, න නං තෙ විජ‍්ඣන‍්ති. තස‍්මා “තිතික‍්ඛා චම‍්මසන‍්නාහො”ති වුත‍්තො. යොගක‍්ඛෙමාය වත‍්තතීති චතූහි යොගෙහි ඛෙමාය නිබ‍්බානාය වත‍්තති, නිබ‍්බානාභිමුඛො ගච‍්ඡතියෙව, න තිට‍්ඨති න භිජ‍්ජතීති අත්‍ථො.

අබ්‍යාපාදො = මෛත්‍රීය ද, මෛත්‍රී වැඩීමෙහි පූර්ව භාගය ද වේ. අවිහිංසා = කරුණාව ද, කරුණාව වැඩීමෙහි පූර්ව භාගය ද වේ. විවෙකො = කාය විවේකය ආදී තෙවැදෑරුම් විවේකය යස්ස ආවුධං ආර්ය මාර්ගය නමැති රථයේ සිටියා වූ යම් කුලපුත්‍රයකුට යම් සේ වනාහී රථයෙහි සිටිමින් ආයුධ පහෙන් සතුරන්හට විදිය හැකි වේද, මෙසේ යෝගාවචර තෙමේද මෙම ලෞකික ලෝකෝත්තර මාර්ග නමැති රථයෙහි සිටිමින් මෛත්‍රී (නම් ආයුධ) යෙන් ද්වේෂයට විදියි, කරුණාවෙන් හිංසාවට ද. කාය විවේකයෙන් සමූහයක් වෙත ඇලීමට ද, චිත්ත විවේකයෙන් කෙලෙස් වෙත ඇලීමට ද, උපධි විවේකයෙන් සියළු අකුසලයන්හට ද විදියි. එබැවින් මෙයට පස් වැදෑරුම් ආයුධ යයි කියන ලදී. තිතික්‍ඛා = නපුරු ලෙස කියන ලද, නපුරු ලෙස පැමිණි වචන මාලාවන් දරා ඉවසා ගැනීම වම්ම සන්නාහො = සන්නාහ සන්නද්ධ වූයේ. යම් සේ වනාහී රථයෙහි හුන් සන්නාහයෙන් සැරසුණ තැනැත්තේ (තමා වෙතට) පැමිණි පැමිණි හීතල ඉවසා දරා ගනියි, හී තල ඔහු (ගේ සිරුර) සිදුරු නො කරයි. මෙසේ ඉවසා දරා ගැනීමේ හැකියාවෙන් යුත් භික්ෂුව (තමා) වෙතට පැමිණි පැමිණි වචන මාලාවන් ඉවසයි. එම ඊතල ඒ භික්ෂුව (ගේ සිත) සිදුරු නො කරයි. එහෙයින් ඉවසීම නමැති සන්නාහය යයි කියන ලදී. යොගක්‍ඛෙමාය වත්තති = යෝග සතරෙන්ම ආරක්ෂාව පිණිස ද, නිර්වාණය, පිණිස ද පවතින්නේ ය. නිර්වාණයට අභිමුඛ වී යන්නේ ම වෙයි. නොනවතී. (නිවන් අරමුණ) නො බිඳෙයි. යන අර්ථයයි.

එතදත‍්තනි සම‍්භූතන‍්ති එතං මග‍්ගයානං අත‍්තනො පුරිසකාරං නිස‍්සාය ලද‍්ධත‍්තා අත‍්තනි සම‍්භූතං නාම හොති. බ්‍රහ‍්මයානං අනුත‍්තරන‍්ති අසදිසං සෙට‍්ඨයානං. නිය්‍යන‍්ති ධීරා ලොකම‍්හාති යෙසං එතං යානං අත්‍ථි, තෙ ධීරා පණ‍්ඩිතපුරිසා ලොකම‍්හා නිය්‍යන‍්ති ගච‍්ඡන‍්ති. අඤ‍්ඤදත්‍ථූති එකංසෙන. ජයං ජයන‍්ති රාගාදයො සපත‍්තෙ ජිනන‍්තා ජිනන‍්තා.

එතදත්තනි සම්භූතං = මාර්ගය නමැති මෙම යානය තමාගේ ක්‍රියාකාරිත්වය නිසා ලබන ලද්දක් බැවින් තමා වෙනුවෙන් ඇති වූවක් ම වෙයි. බ්‍රහ්මයානං අනුත්තරං අසදෘශ වූ ශ්‍රේෂ්ඨ වූ යානය නිය්‍යන්ති ධීරා ලොකිම්හා යම් අයහට මේ යානය තිබේ ද ඒ ධෛර්යවත් වූ, ඥානවන්ත වූ පුරුෂයෝ ලෝකයෙන් නිදහස් වෙති, ඉවත්ව යති. අඤ්ඤදත්‍ථු = ඒකාන්ත වශයෙන් ජයං ජයං = රාගාදී සතුරන් මැඩ පවත්වන බැවින් (“ජිනත්තා” හෙවත්) ජය ගන්නෝ නම් වෙති.

5-6. කිමත්‍ථියසුත‍්තාදිවණ‍්ණනා

5-6. කිමත්ථිය ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ අයමෙවාති එවසද‍්දො නියමත්‍ථො. තෙන අඤ‍්ඤං මග‍්ගං පටික‍්ඛිපති. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටදුක‍්ඛඤ‍්චෙව මිස‍්සකමග‍්ගො ච කථිතො. ඡට‍්ඨං උත‍්තානමෙව.

පස් වැන්නෙහි - අයමෙව = “එව” ශබ්දය නිශ්චිතාර්ථයක් වෙයි. එබැවින් අන්‍ය වූ මාර්ග ප්‍රතික්ෂේප කරයි. මේ සූත්‍රයෙහි පවත්නා සසර දුකම දැක්වේ. (ඒ හා) මිශ්‍ර ව පවත්නා නිවන් මඟ ද කියන ලදී. සය වැන්න පහසුය.

7. දුතිය භික‍්ඛුසුත‍්තවණ‍්ණනා

7. දුතිය භික්ෂු සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ නිබ‍්බානධාතුයා ඛො එතං භික‍්ඛු අධිවචනන‍්ති අසඞ‍්ඛතාය අමතාය නිබ‍්බානධාතුයා එතං අධිවචනං. ආසවානං ඛයො තෙන වුච‍්චතීති අපිච තෙන රාගාදිවිනයෙන ආසවානං ඛයොතිපි වුච‍්චති. ආසවක‍්ඛයො නාම අරහත‍්තං, අරහත‍්තස‍්සාපි එතං රාගවිනයොතිආදි නාමමෙවාති දීපෙති. එතදවොචාති “සත්‍ථාරා නිබ‍්බානධාතූති වදන‍්තෙන අමතං නිබ‍්බානං කථිතං, මග‍්ගො පනස‍්ස න කථිතො. තං කථාපෙස‍්සාමී”ති අනුසන්‍ධිකුසලතාය පුච‍්ඡන‍්තො එතං අවොච.

සත්වැන්නෙහි - නිබ්බාණ ධාතුයා ඛො එතං භික්‍ඛු අධිවචනං = ප්‍රත්‍යයෙන් හට නො ගන්නා වූ, අමෘතමය වූ නිර්වාණ ධාතුවට මෙය තව ද වචනයකි. ආසවානං ඛයො තෙන වුච්චති = තව ද ඒ මගින් රාගාදිය ඉවත් කිරීම නිසා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම (හෙවත් කෙළෙස් ප්‍රහීන කිරීම) යයි කියනු ලැබේ. ආසවක්ඛය (හෙවත් කෙලෙස් ප්‍රහීන කිරීම නම් අර්හත් භාවයයි. අර්හත් බව යන්නට ද රාග විනය (හෙවත් රාගයෙන් තොරවීම) ආදී නාමයන් ම දැක්වේ. එතදවොච = ධාතුන් පිළිබඳව විස්තර කරන්නා වූ ශාස්තෲන් වහන්සේ විසින් මාහට නිර්වාණය කියන ලදී. එයට මාර්ගය වනාහී නො කියන ලදී. එය කියවන්නෙමි යි අනු පිළිවෙළ ගැළපීමෙහි දක්ෂ බැවින් ප්‍රශ්න කරනුයේ මෙසේ කීය.

8. විභඞ‍්ගසුත‍්තවණ‍්ණනා

8. විභඞ්ග සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ කතමා ච භික‍්ඛවෙ සම‍්මාදිට‍්ඨීති එකෙන පරියායෙන අට‍්ඨඞ‍්ගිකමග‍්ගං විභජිත්‍වා පුන අපරෙන පරියායෙන විභජිතුකාමො ඉදං දෙසනං ආරභි. තත්‍ථ දුක‍්ඛෙ ඤාණන‍්ති සවනසම‍්මසනපටිවෙධපච‍්චවෙක‍්ඛණවසෙන චතූහාකාරෙහි උප‍්පන‍්නං ඤාණං. සමුදයෙපි එසෙව නයො. සෙසෙසු පන ද‍්වීසු සම‍්මසනස‍්ස අභාවා තිවිධමෙව වට‍්ටති. එවමෙතං “දුක‍්ඛෙ ඤාණ”න‍්තිආදිනා චතුසච‍්චකම‍්මට‍්ඨානං දස‍්සිතං.

අටවැන්නෙහි - කතමාච භික්‍ඛවෙ සම්මා දිට්ඨි = එක් ආකාරයකින් අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වා, නැවත වෙනත් ආකාරයකින් බෙදනු කැමැත්තහු මෙන් මේ දේසනාව ඇරඹීය. එහි - දුක්‍ඛෙඤාණං - ශ්‍රවණය කිරීම, විමසා බැලීම, සත්‍යාවබෝධය හා නුවණින් සලකා බැලීම වශයෙන් සතර ආකාරයෙන් උපන් ඥානයයි. (දුඃඛ) සමුදයෙහිද මේ පිළිවෙළම වේ. සෙසු සත්‍යයන් දෙකෙහි වනාහී විමර්ශනය කිරීමක් (අවශ්‍ය) නොවන බැවින් තුන් ආකාරයකින් පමණක්ම පවතී. මෙසේ මෙය “දුක්‍ඛෙඤාණං” (දුක පිළිබඳව දන්නා නුවණ) යන ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය කර්මස්ථානය දක්වන ලදී.

තත්‍ථ පුරිමානි ද‍්වෙ සච‍්චානි වට‍්ටං, පච‍්ඡිමානි විවට‍්ටං. තෙසු භික‍්ඛුනො වට‍්ටෙ කම‍්මට‍්ඨානාභිනිවෙසො හොති, විවට‍්ටෙ නත්‍ථි අභිනිවෙසො. පුරිමානි හි ද‍්වෙ සච‍්චානි “පඤ‍්චක‍්ඛන්‍ධා දුක‍්ඛං, තණ‍්හා සමුදයො”ති එවං සඞ‍්ඛෙපෙන ච, “කතමෙ පඤ‍්චක‍්ඛන්‍ධා රූපක‍්ඛන්‍ධො”තිආදිනා නයෙන විත්‍ථාරෙන ච ආචරියසන‍්තිකෙ උග‍්ගණ‍්හිත්‍වා වාචාය පුනප‍්පුනං පරිවත‍්තෙන‍්තො යොගාවචරො කම‍්මං කරොති. ඉතරෙසු පන ද‍්වීසු සච‍්චෙසු – “නිරොධසච‍්චං ඉට‍්ඨං කන‍්තං මනාපං, මග‍්ගසච‍්චං ඉට‍්ඨං කන‍්තං මනාප”න‍්ති එවං සවනෙනෙව කම‍්මං කරොති. සො එවං කරොන‍්තො චත‍්තාරි සච‍්චානි එකපටිවෙධෙන පටිවිජ‍්ඣති, එකාභිසමයෙන අභිසමෙති. දුක‍්ඛං පරිඤ‍්ඤාපටිවෙධෙන පටිවිජ‍්ඣති, සමුදයං පහානපටිවෙධෙන, නිරොධං සච‍්ඡිකිරියපටිවෙධෙන, මග‍්ගං භාවනාපටිවෙධෙන පටිවිජ‍්ඣති. දුක‍්ඛං පරිඤ‍්ඤාභිසමයෙන…පෙ… මග‍්ගං භාවනාභිසමයෙන අභිසමෙති.

එහි පූර්ව සත්‍යයන් දෙක පවත්නා තත්ත්වයන්ය. පශ්චිම සත්‍යයන් දෙක නො පවත්නා තත්ත්වයන්ය. ඒවා අතරෙහි පවත්නාවූ සත්‍යයන්හිදී භික්ෂූන්ගේ කර්මස්ථාන ප්‍රිය තාවය ඇති වෙයි. නොපවත්නා වූ සත්‍යයන් හිදී එම ප්‍රියතාවය ඇති නො වෙයි. (දුඃඛය, සමුදය යන) මුල් සත්‍යයන් දෙක වනාහී පඤ්ච ස්කන්‍ධය (ට සම්බන්ධ) වේ. දුක තෘෂ්ණාවෙන් උපදීයයි මෙසේ සැකෙවින් දැක්වේ. පංචස්කන්ධයන් නම් කවරේද? රූපස්කන්ධය ආදී පිළිවෙළින් විස්තර වශයෙන් ද ආචාර්යයන් වහන්සේ සමීපයෙහි හදාරා වචනයෙන් නැවත නැවත (තම දැනුම බවට) පරිවර්තනය කරන්නාවූ යෝගාවචර තෙමේ එයින් කර්මයක් සිදු කරයි. ඉතිරි සත්‍යයන් දෙකෙහි වනාහී නිරෝධ සත්‍යය මනෝඥය, සුන්දරය, මනාපය මාර්ග සත්‍යය මනොඥය, සුන්දරය, මනාපය යනුවෙන් මෙසේ කරන්නාවූ හේ තෙමේ සත්‍යයන් සතර එක්වරම අවබෝධ කර ගනියි. එක්වරම තේරුම්ගනියි. දුක සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනියි. (දුක්‍ඛ) සමුදය අත්හැරීම පිළිබඳ අවබෝධයෙන් ද, මාර්ගය භාවනාව මගින් අවබෝධයෙන් ද සම්පූර්ණ වශයෙන් දැන ගනියි. දුක සම්පූර්ණ අවබෝධයෙන් ද - මාර්ගය භාවනාව මගින් අවබෝධ කර ගැනීමෙන් දැන ගනියි.

එවමස‍්ස පුබ‍්බභාගෙ ද‍්වීසු සච‍්චෙසු උග‍්ගහපරිපුච‍්ඡාසවනධාරණසම‍්මසනපටිවෙධො හොති, ද‍්වීසු සවනපටිවෙධොයෙව. අපරභාගෙ තීසු කිච‍්චතො පටිවෙධො හොති, නිරොධෙ ආරම‍්මණපටිවෙධො. පච‍්චවෙක‍්ඛණා පන පත‍්තසච‍්චස‍්ස හොති. ඉමස‍්ස භික‍්ඛුනො පුබ‍්බෙ පරිග‍්ගහතො – “දුක‍්ඛං පරිජානාමි, සමුදයං පජහාමි, නිරොධං සච‍්ඡිකරොමි, මග‍්ගං භාවෙමී”ති ආභොගසමන‍්නාහාරමනසිකාරපච‍්චවෙක‍්ඛණා නත්‍ථි, පරිග‍්ගහතො පට‍්ඨාය හොති. අපරභාගෙ පන දුක‍්ඛං පරිඤ‍්ඤාතමෙව හොති…පෙ… මග‍්ගො භාවිතොව හොති.

මෙසේ ඔහුට මුල් කොටසෙහි (දැක්වෙන දුඃඛ, සමුදය යන) සත්‍යයන් දෙකෙහි අවබෝධය ලබා ගැනීමට ඉගෙනීම, ප්‍රශ්න කිරීම, ශ්‍රවණය කිරීම, ධාරණය කර ගැනීම, විමසා බැලීම යන කරුණු වලින් හැකි වේ. සත්‍යයන් දෙකෙක්හි ඇත්තේ ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කරගැනීම ම වේ. අනික් කොටසෙහිදී කරුණු තුනක් කෙරෙහි ක්‍රියා කිරීමෙන් අවබෝධය සිදු වේ. නිරෝධයෙහි දී අරමුණ අනුව අවබෝධය සිදු වේ. නුවණින් සලකා බැලීමෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙයි. කලින් ග්‍රහණය කර ගැනීමක් නැත. මේ භික්ෂුවට තමා කලින් ග්‍රහණය කරගත් මතයක් ඇති නිසා දුක දැන ගණිමි, සමුදය අත්හරිමි, නිරෝධය අවබෝධ කර ගනිමි. මාර්ගය වඩන්නෙමියි යන කරුණු සිතා බැලීමක් ද, අනුව සිත එක් අරමුණක පිහිටු වීමක් ද. ඒ කරුණු මෙනෙහි කිරීමක් ද. ඒවා නුවණින් සලකා බැලීමක් ද නැත. එම මතය ග්‍රහණය කරගත් තැන් සිට මෙසේ වෙයි. පසු කලෙක වනාහී දුඃඛය දැන ගන්නා ලද්දේ ම වෙයි. - පෙ- මාර්ගය වඩනා ලද්දේම වෙයි.

තත්‍ථ ද‍්වෙ සච‍්චානි දුද‍්දසත‍්තා ගම‍්භීරානි, ද‍්වෙ ගම‍්භීරත‍්තා දුද‍්දසානි. දුක‍්ඛසච‍්චඤ‍්හි උප‍්පත‍්තිතො පාකටං, ඛාණුකණ‍්ටකපහාරාදීසු “අහො දුක‍්ඛ”න‍්ති වත‍්තබ‍්බතම‍්පි ආපජ‍්ජති. සමුදයම‍්පි ඛාදිතුකාමතාභුඤ‍්ජිතුකාමතාදිවසෙන උප‍්පත‍්තිතො පාකටං. ලක‍්ඛණපටිවෙධතො පන උභයම‍්පි ගම‍්භීරං. ඉති තානි දුද‍්දසත‍්තා ගම‍්භීරානි. ඉතරෙසං ද‍්වින‍්නං දස‍්සනත්‍ථාය පයොගො භවග‍්ගග‍්ගහණත්‍ථං හත්‍ථපසාරණං විය අවීචිඵුසනත්‍ථං පාදපසාරණං විය සතධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිං පටිපාදනං විය ච හොති. ඉති තානි ගම‍්භීරත‍්තා දුද‍්දසානි. එවං දුද‍්දසත‍්තා ගම‍්භීරෙසු ගම‍්භීරත‍්තා ච දුද‍්දසෙසු චතූසු සච‍්චෙසු උග‍්ගහාදිවසෙන ඉදං “දුක‍්ඛෙ ඤාණ”න‍්තිආදි වුත‍්තං. පටිවෙධක‍්ඛණෙ පන එකමෙව තං ඤාණං හොති.

එහිදී ඔහුට සත්‍යයන් දෙකක් දැකීමට අපහසු බැවින් ගැඹුරු වේ. සත්‍යයන් දෙකක් ගැඹුරු බැවින් දැකීමට අපහසු වේ. දුඃඛසත්‍යය වනාහී උපතින් ම ප්‍රකට වේ. උල් කටු ආදිය ඇනුණ කල්හි අහෝ දුක් සහිතයි යනුවෙන් කිවයුතු බවට පැමිණේ. සමුදය සත්‍යය ද කෑමට කැමය. අනුභවයට කැමති බව ආදී වශයෙන් උපතේ සිටම ප්‍රකටය වේ. ස්වභාවයන් අවබෝධ කර ගැනීමෙන් වනාහී (දුඃඛ, සමුදය යන) දෙකම ගැඹුරු වේ. මෙසේ ඒවා දැකීම (අවබෝධය) අපහසු බැවින් ගැඹුරුයයි දැක්වේ. ඉතිරි (සත්‍යයන්) දෙක දැක ගැනීම පිණිස උත්සාහ කිරීම භවාග්‍රය අල්වා ගැනීම පිණිස අත දික් කිරීමක් මෙන් ද, අවිචී නරකය ස්පර්ශ කිරීම පිණිස අත දිගු කිරීමක් මෙන් ද, සියයට පැලු අස් ලොමෙහි කෙළවර නැවත පැලීමට තැත් කිරීමක් මෙන් ද වෙයි. මෙසේ ඒවා දැකීමට (අවබෝධයට) අපහසු බැවින් ගැඹුරු වේ. මෙසේ දැකීමට (අවබෝධයට) අපහසු බැවින් ගැඹුරු වූ ද, ගැඹුරු බැවින් දැකීමට අපහසු වූ ද සත්‍ය සතර ඉගැන්වීම් ආදී වශයෙන් (ඉදං දුක්‍ඛෙ ඤාණං) මෙය දුකෙහි දැනුමය යන ආදිය කියන ලදී. අවබෝධ කර ගැනීම පිළිබඳ ලක්ෂණයෙහි වනාහී එම නුවණ මෙසේම වෙයි.

නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදීසු කාමපච‍්චනීකට‍්ඨෙන කාමතො නිස‍්සටභාවෙන වා, කාමං සම‍්මසන‍්තස‍්ස උප‍්පන‍්නොති වා, කාමපදඝාතං කාමවූපසමං කරොන‍්තො උප‍්පන‍්නොති වා, කාමවිවිත‍්තන‍්තෙ උප‍්පන‍්නොති වා නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පො. සෙසපදද‍්වයෙපි එසෙව නයො. සබ‍්බෙපි ච තෙ නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදයො කාමබ්‍යාපාදවිහිංසාවිරමණසඤ‍්ඤානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසු තීසු ඨානෙසු උප‍්පන‍්නස‍්ස අකුසලසඞ‍්කප‍්පස‍්ස පදච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානො එකොව කුසලසඞ‍්කප‍්පො උප‍්පජ‍්ජති. අයං සම‍්මාසඞ‍්කප‍්පො නාම.

නෛෂ්ක්‍රම්‍ය සංකල්පය ආදියෙහිදී කාමයට ප්‍රතිවිරුද්ධය යන අදහසින් ද, කාමයෙන් වෙන්ව පවතීය යන අදහසින් ද, කාමය පිළිබඳව විමසා බලන්නහුට ඇති වූයේය යන අදහසින් ද, කාමයෙන් වෙන්ව පවතීය යන අදහසින් ද, කාම විතර්කයෙහි දී ඇති වූයේය යන අදහසින් ද නෛෂ්ක්‍රම්‍ය සංකල්පය ඇති වේ. සෙසු සත්‍යයන් දෙකෙහි ද මේ පිළිවෙළම වේ. ඒ සියළුම නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදිය කාම ව්‍යාපාද විහිංසාවන්හි නො ඇලුණ සංඥා ඇත්තවුන්ගේ විවිධත්වයක් වේ. පූර්ව භාගයෙහිදී වෙන් වෙන් වූ මාර්ග ක්ෂණයේදී වනාහී මේ ස්ථාන තුනෙහි උපන් අකුසල සංකල්පයාගේ පියවර සිඳ දැමීමෙන් නො ඉපදීමට හේතු වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් හුදෙක් කුසල සංකල්පයම උපදියි. මෙය සම්‍යක් සංකල්ප නම් වේ.

මුසාවාදා වෙරමණීආදයොපි මුසාවාදාදීහි විරමණසඤ‍්ඤානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසු චතූසු ඨානෙසු උප‍්පන‍්නාය අකුසලදුස‍්සීල්‍යචෙතනාය පදච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව කුසලවෙරමණී උප‍්පජ‍්ජති. අයං සම‍්මාවාචා නාම.

“මුසාවාදා වෙරමණී” ආදිය ද මෙසේ දත යුතුය. මුසාවාද ආදියෙන් වෙන්වීම පිළිබඳ සංඥා ඇත්තවූන්ගේ විවිධත්වයක් වේ. පූර්ව භාගයට අයත් වෙන් වෙන් වූ මාර්ග ක්ෂණයෙහිදී මේ ස්ථාන සතරෙහි උපන් අකුසල් වූ දුසිල් වූ සිතුවිල්ලේ පියවර සිඳ දැමීමෙන් නො ඉපදීමට හේතු වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් හුදෙක් අකුසලයෙන් වෙන්වීම (පිළිබඳ සංකල්පය) ම උපදී. මෙය සම්මා වාචා නම් වේ.

පාණාතිපාතා වෙරමණී ආදයොපි පාණාතිපාතාදීහි විරමණසඤ‍්ඤානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසු තීසු ඨානෙසු උප‍්පන‍්නාය අකුසලදුස‍්සීල්‍යචෙතනාය අකිරියතො පදච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව කුසලවෙරමණී උප‍්පජ‍්ජති. අයං සම‍්මාකම‍්මන‍්තො නාම.

“පාණාතිපාතා වේරමණී” ආදිය ද මෙසේ දත යුතුය. පාණාතිපාත ආදියෙන් වෙන්වීම පිළිබඳ සංඥා ඇත්තවුන්ගේ විවිධත්වයක් වේ. පූර්වභාගයට අයත් වෙන් වෙන් වූ මාර්ග ක්ෂණයෙහිදී මේ ස්ථාන තුනෙහි උපන් අකුසල් වූ, දුසිල් වූ සිතුවිල්ලේ ක්‍රියා නොකිරීමෙන් ද, පියවර සිඳ දැමීමෙන් ද නො ඉපදීමට හේතු වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් හුදෙක් අකුසල්, දුසිල් ආදියේ යෙදීමෙන් වෙන්වීම (පිළිබඳ සංකල්පය) උපදී. මෙය සම්මා කම්මන්ත නම් වේ.

මිච‍්ඡාආජීවන‍්ති ඛාදනීයභොජනීයාදීනං අත්‍ථාය පවත‍්තිතං කායවචීදුච‍්චරිතං. පහායාති වජ‍්ජෙත්‍වා. සම‍්මාආජීවෙනාති බුද‍්ධපසත්‍ථෙන ආජීවෙන. ජීවිකං කප‍්පෙතීති ජීවිතවුත‍්තිං පවත‍්තෙති. සම‍්මාජීවොපි කුහනාදීහි විරමණසඤ‍්ඤානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා. මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසුයෙව සත‍්තසු ඨානෙසු උප‍්පන‍්නාය මිච‍්ඡාජීවදුස‍්සීල්‍යචෙතනාය පදච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව කුසලවෙරමණී උප‍්පජ‍්ජති. අයං සම‍්මාආජීවො නාම.

මිච්ඡා ආජීව = කෑ යුතු දෙය. බුදිය යුතු දෙය ආදිය සඳහා පවත්නා කාය හා වාක් දුශ්චරිතයයි. පහාය = අත්හැර සම්මා ආජීවෙන = බුදුන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද පරිදි ජීවිතය පවත්වා ගැනීමෙන් ජීවිතං කප්පෙති = ජීවන වෘත්තිය පවත්වයි. සම්මා ආජීවය ද මෙසේ දත යුතුයි. කුහකකම් ආදියෙන් වෙන්වීම පිළිබඳ සංඥා ඇත්තවුන්ගේ විවිධත්වයක් වේ. පූර්ව භාගයට අයත් වෙන් වෙන් වූ මාර්ගක්ෂණයෙහිදී මේ ස්ථාන සතෙහි උපන් මිථ්‍යා ආජීවයෙන් යුතු දුශ්ශීල වූ සිතුවිල්ලේ පියවර සිඳ දැමීමෙන් නො ඉපදීමට හේතු වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් මිථ්‍යා ආජීවය, දුසිල් පැවැත්ම ආදියෙහි යෙදීමේ කුසල තාවයෙන් වෙන්වීම පිළිබඳ සංකල්පය උපදී. මෙය “සම්මා ආජීව” නම් වේ.

අනුප‍්පන‍්නානන‍්ති එකස‍්මිං භවෙ තථාරූපෙ වා ආරම‍්මණෙ අත‍්තනො න උප‍්පන‍්නානං, පරස‍්ස පන උප‍්පජ‍්ජමානෙ දිස‍්වා – “අහො වත මෙ එවරූපා පාපකා ධම‍්මා න උප‍්පජ‍්ජෙය්‍යු”න‍්ති එවං අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය. ඡන්‍දන‍්ති තෙසං අකුසලානං අනුප‍්පාදකපටිපත‍්තිසාධකං වීරියච‍්ඡන්‍දං ජනෙති. වායමතීති වායාමං කරොති. වීරියං ආරභතීති වීරියං පවත‍්තෙති. චිත‍්තං පග‍්ගණ‍්හාතීති වීරියෙන චිත‍්තං පග‍්ගහිතං කරොති. පදහතීති “කාමං තචො ච න‍්හාරු ච අට‍්ඨි ච අවසිස‍්සතූ”ති (ම· නි· 2.184) පධානං පවත‍්තෙති. උප‍්පන‍්නානන‍්ති සමුදාචාරවසෙන අත‍්තනො උප‍්පන‍්නපුබ‍්බානං. ඉදානි තාදිසෙ න උප‍්පාදෙස‍්සාමීති තෙසං පහානාය ඡන්‍දං ජනෙති.

අනුප්පන්නානං = එක් භවයෙක්හි තමාහට නො උපන්. අන් අයට උපදින එබඳු අරමුණු දැක “ආශ්චර්යයෙකි, මා හට මෙබඳු පාපී ස්වභාවයෝ නො උපදින්නෝය” යි යනුවෙන් මෙසේ නූපන් පාපී අකුසල ධර්මයන්ගේ නො ඉපදීම පිණිස. ඡන්‍දං ඉපදීම නැවැත්වීමේ පිළිවෙත් ඇති කිරීම සඳහා ඔවුන්ගේ උත්සාහය කැමැත්ත උපදවයි. වායමති වෑයම් කරයි. විරියං ආරභති = උත්සාහය පවත්වයි. චිත්තං පග්ගණ්හාති = වීර්යයෙන් සිත උසස් තත්ත්වයට හරවන ලද්දක් බවට පත් කරයි. පදහති = ඒකාන්ත වශයෙන් සම ද නහර ද. ඇටද පමණක් ඉතිරි වේවායි (සිතමින්) කෙලෙස් තවන උත්සාහය පවත්වා ගනියි. උප්පන්නානං = පවත්නා හැසිරීම් වශයෙන් තමා තුළ පෙර උපන් අදහස් පිළිබඳව දැන් එබඳු අදහස් නො උපදවන්නෙමියි ඒවා ප්‍රහාරණය කිරීම පිණිස කැමැත්ත උපදවයි.

අනුප‍්පන‍්නානං කුසලානන‍්ති අපටිලද‍්ධානං පඨමජ‍්ඣානාදීනං. උප‍්පන‍්නානන‍්ති තෙසංයෙව පටිලද‍්ධානං. ඨිතියාති පුනප‍්පුනං උප‍්පත‍්තිපබන්‍ධවසෙන ඨිතත්‍ථං. අසම‍්මොසායාති අවිනාසත්‍ථං. භිය්‍යොභාවායාති උපරිභාවාය. වෙපුල‍්ලායාති විපුලභාවාය. පාරිපූරියාති භාවනාය පරිපූරණත්‍ථං. අයම‍්පි සම‍්මාවායාමො අනුප‍්පන‍්නානං අකුසලානං අනුප‍්පාදනාදිචිත‍්තනානත‍්තා පුබ‍්බභාගෙ නානා. මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසුයෙව චතූසු ඨානෙසු කිච‍්චසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානං එකමෙව කුසලවීරියං උප‍්පජ‍්ජති. අයං සම‍්මාවායාමො නාම.

අනුප්පන්නානං කුසලානං = ලබා නොගත් ප්‍රථම ධ්‍යානාදිය පිළිබඳව උප්පන්නානං = ඒවායේම (ප්‍රථමධ්‍යානාදියේම) අවබෝධය පිළිබඳ ඨිතියා = නැවත නැවත උපත නො සිඳී යන ලෙසින් පැවැත්ම සඳහා අසම්මොසාය = විනාස නොවීම සඳහා භීය්‍යොභාවාය = වර්ධනය වනු පිණිස වෙපුල්ලාය = විශාලත්වය පිණිස පාරිපුරියා = භාවනාව සඳහා සම්පූර්ණ කිරීම පිණිස මෙය ද සම්‍යක් ව්‍යායාමය යි. නුපන් අකුසලයන්ගේ නො උපන් බව ආදී චිත්ත විවිධත්වයන් ඇති වේ. (මාර්ගයට පැමිණීමේ) පූර්ව භාගයෙහි වූ නොයෙක් මාර්ග ක්ෂණයන්හි වනාහී මෙම ස්ථාන හෙවත් මාර්ග සතරෙහිම කටයුතු සිදු කිරීම් වශයෙන් මාර්ගය පුරන්නා වූ එකම කුශල වීර්යයක් උපදියි. මෙය සම්‍යක් ව්‍යායාමය නම් වේ.

සම‍්මාසතිපි කායාදිපරිග‍්ගාහකචිත‍්තානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසු චතූසු ඨානෙසු කිච‍්චසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකා සති උප‍්පජ‍්ජති. අයං සම‍්මාසති නාම.

සම්මා සතිය ද මෙසේ දැන ගත යුත්තේය. කය ආදිය ග්‍රහණය කර ගන්නාවූ චිත්තයන්ගේ විවිධත්වයක් වේ. පූර්ව භාගයෙහි වූ නා නා මාර්ගක්ෂණයන්හි වනාහි මෙම ස්ථාන හෙවත් මාර්ග සතරෙහිව කටයුතු සිදුකිරීම් වශයෙන් මාර්ගාංගය පුරන්නා වූ එක් ස්මෘතියක් උපදී. මෙය “සම්මා සති” නම් වේ.

ඣානාදීනි පුබ‍්බභාගෙපි මග‍්ගක‍්ඛණෙපි නානා, පුබ‍්බභාගෙ සමාපත‍්තිවසෙන නානා, මග‍්ගක‍්ඛණෙ නානාමග‍්ගවසෙන. එකස‍්ස හි පඨමමග‍්ගො පඨමජ‍්ඣානිකො හොති, දුතියමග‍්ගාදයොපි පඨමජ‍්ඣානිකා වා දුතියාදීසු අඤ‍්ඤතරජ‍්ඣානිකා වා. එකස‍්ස පඨමමග‍්ගො දුතියාදීනං අඤ‍්ඤතරජ‍්ඣානිකො හොති, දුතියාදයොපි දුතියාදීනං අඤ‍්ඤතරජ‍්ඣානිකා වා පඨමජ‍්ඣානිකා වා. එවං චත‍්තාරොපි මග‍්ගා ඣානවසෙන සදිසා වා අසදිසා වා එකච‍්චසදිසා වා හොන‍්ති.

ධ්‍යාන ආදියෙහි පූර්ව භාගයෙහි සමාපත්ති වශයෙන් නොයෙක් මාර්ග ක්ෂණයන්හි නොයෙක් මාර්ග වශයෙන් යම්කිසි අයකුට ප්‍රථම මාර්ගය ප්‍රථම ධ්‍යානික වෙයි. දෙවන මාර්ගය ද්විතීය ධ්‍යානය ද වෙයි. ප්‍රථම ධ්‍යානයට පැමිණි අය හෝ දෙවන ධ්‍යානය ආදියෙහි යම් කිසි ධ්‍යානයකට පැමිණි අය හෝ යන යම් අයකුගේ පළමු වන මාර්ගය දෙවැන්න ආදී මාර්ගලාභීන් අතරේදී යම් කිසි ධ්‍යානයක් ලැබූ අයෙක් වේ. දෙවැන්න ආදී මාර්ගයකට පැමිණි අය ද, දෙවැන්න ආදී යම්කිසි ධ්‍යානයකට පැමිණි අය හෝ පළමු ධ්‍යානයට පැමිණි අය හෝ වෙති. මෙසේ මාර්ග සතරම ධ්‍යාන වශයෙන් සමාන හෝ අසමාන හෝ ඇතැම් අංශවලින් පමණක් සමාන හෝ වෙයි.

අයං පනස‍්ස විසෙසො පාදකජ‍්ඣානනියමෙන හොති. පාදකජ‍්ඣානනියමෙන හි පඨමජ‍්ඣානලාභිනො පඨමජ‍්ඣානා වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නමග‍්ගො පඨමජ‍්ඣානිකො හොති, මග‍්ගඞ‍්ගබොජ‍්ඣඞ‍්ගානි පනෙත්‍ථ පරිපුණ‍්ණානෙව හොන‍්ති. දුතියජ‍්ඣානතො වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො දුතියජ‍්ඣානිකො හොති, මග‍්ගඞ‍්ගානි පනෙත්‍ථ සත‍්ත හොන‍්ති. තතියජ‍්ඣානතො වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො තතියජ‍්ඣානිකො, මග‍්ගඞ‍්ගානි පනෙත්‍ථ සත‍්ත, බොජ‍්ඣඞ‍්ගානි ඡ හොන‍්ති. එස නයො චතුත්‍ථජ‍්ඣානතො පට‍්ඨාය යාව නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනා. ආරුප‍්පෙ චතුක‍්කපඤ‍්චකජ‍්ඣානං උප‍්පජ‍්ජති, තඤ‍්ච ලොකුත‍්තරං, නො ලොකියන‍්ති වුත‍්තං.

ධ්‍යානයේ මෙම විශේෂත්වය අත්තිවාරම ලෙස ගත් ධ්‍යානයේ (පාදක ධ්‍යානයේ) නියමයෙන් සිදු වේ. පාදක ධ්‍යානයේ නියමයෙන් ප්‍රථම ධ්‍යානලාභීහු එම ධ්‍යානයෙන් නැගී විදර්ශනාවෙන් බලන්නහුට ඇති වන මාර්ගය ප්‍රථම ධ්‍යානයට අයත් වේ. මාර්ග, බොජ්ඣඞ්ග. ධ්‍යානාංග යන මේවා වනාහී මෙහිදී පරිපූර්ණ තත්ත්වයට පත්වූයේ වෙයි. දෙවන ධ්‍යානයෙන් නැගී විදර්ශනාවෙන් බලන්නහුට ඇතිවනුයේ දෙවන ධ්‍යානයට අයත් මාර්ගයයි. මෙහි මාර්ගාංග වනාහී සතක් වේ. බොජ්ඣඞ්ග සයක් වේ. මේ පිළිවෙළටම සතරවන ධ්‍යානයෙන් නැගී නේවසඤ්ඤා නාසඤ්ඤායතනය දක්වා අරූපී වූ සිවුවන පස්වන ධ්‍යාන උපදී. ඒවා ද ලෝකෝත්තර වේ. ලෞකික නොවේයයි කියන ලදී.

එත්‍ථ කථන‍්ති? එත්‍ථාපි පඨමජ‍්ඣානාදීසු යතො වුට‍්ඨාය සොතාපත‍්තිමග‍්ගං පටිලභිත්‍වා අරූපසමාපත‍්තිං භාවෙත්‍වා සො ආරුප‍්පෙ උප‍්පන‍්නො, තංඣානිකාවස‍්ස තත්‍ථ තයො මග‍්ගා උප‍්පජ‍්ජන‍්ති. එවං පාදකජ‍්ඣානමෙව නියමෙති. කෙචි පන ථෙරා – “විපස‍්සනාය ආරම‍්මණභූතා ඛන්‍ධා නියමෙන‍්තී”ති වදන‍්ති. කෙචි “පුග‍්ගලජ‍්ඣාසයො නියමෙතී”ති වදන‍්ති. කෙචි “වුට‍්ඨානගාමිනීවිපස‍්සනා නියමෙතී”ති වදන‍්ති. තෙසං වාදවිනිච‍්ඡයො විසුද‍්ධිමග‍්ගෙ වුට‍්ඨානගාමිනීවිපස‍්සනාධිකාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. අයං වුච‍්චති, භික‍්ඛවෙ, සම‍්මාසමාධීති අයං පුබ‍්බභාගෙ ලොකියො, අපරභාගෙ ලොකුත‍්තරො සම‍්මාසමාධීති වුච‍්චති.

මෙහිදී ප්‍රථම ධ්‍යානාදීන්හි තත්ත්වය කෙසේද යත් :- ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සෝවාන් මාර්ගයට පැමිණ අරූප සමාපත්තිය වඩා යමකු අරූප භවයෙක්හි උපන්නේ ද, එය ධ්‍යානයකට අයත් වේ. එහි මාර්ග තුන උපදී. මෙසේ පාදක වූ ධ්‍යානයම විනිශ්චය ලබා දෙයි. ඇතැම් තෙරුන් වහන්සේලා විදර්ශනාවට අරමුණු වූ කොටස් නියෝගය ලබාදෙත් යයි කියත් වෙනත් ඇතැමෙක් පුද්ගලයා තුළ ඇති අදහස නියම කිරීම කරන්නෝයයි කියත්. තව ද ඇතැමෙක් ධ්‍යානයෙන් නැගී සිටීම සමග ඇතිවන විදර්ශනාව නියම කිරීම කරන්නෝ යයි කියත්. තව ද ඇතැමෙක් ධ්‍යානයෙන් නැගී සිටීම සමඟ ඇතිවන විදර්ශනාව නියම කිරීම කරන්නෝ යයි කියත්. ඔවුන්ගේ මත විනිශ්චය කිරීම විශුද්ධි මාර්ගයේ “වුට්ඨාන ගාමිණී විපස්සනා අධිකාර” යෙහි කියන ලද ක්‍රමයෙන් ම දත යුත්තේය. අයං වුච්චති භික්‍ඛවෙ සම්මා සමාධි = මෙය පෙර කොටසෙහි ලෞකික සමාධියයයි ද, පසු කොටසෙහි ලෝකෝත්තර සමාධිය යයි ද කියනු ලැබේ.

9. සූකසුත‍්තවණ‍්ණනා

9. සූක සූත්‍ර වර්ණනාව

නවමෙ මිච‍්ඡාපණිහිතන‍්ති සූකං නාම උද‍්ධග‍්ගං කත්‍වා ඨපිතං හත්‍ථං වා පාදං වා භින්‍දති, තථා අට‍්ඨපිතං පන මිච‍්ඡාපණිහිතං නාම. මිච‍්ඡාපණිහිතාය දිට‍්ඨියාති මිච‍්ඡාඨපිතාය කම‍්මස‍්සකතපඤ‍්ඤාය. අවිජ‍්ජං භින්‍දිස‍්සතීති චතුසච‍්චපටිච‍්ඡාදකං අවිජ‍්ජං භින්‍දිස‍්සති. විජ‍්ජං උප‍්පාදෙස‍්සතීති අරහත‍්තමග‍්ගවිජ‍්ජං උප‍්පාදෙස‍්සති. මිච‍්ඡාපණිහිතත‍්තා, භික‍්ඛවෙ, දිට‍්ඨියාති කම‍්මස‍්සකතපඤ‍්ඤාය චෙව මග‍්ගභාවනාය ච මිච‍්ඡා ඨපිතත‍්තා, අප‍්පවත‍්තිතත‍්තාති අත්‍ථො. ඉමස‍්මිං සුත‍්තෙ කම‍්මස‍්සකතඤාණං මග‍්ගනිස‍්සිතං කත්‍වා මිස‍්සකමග‍්ගො කථිතො.

නව වැන්නෙහි - මිච්ඡා පණිහිතං = උඩු අතට හරවා තබන ලද උල යමකුගේ අත හෝ පය තුවාල කරයි ද, එසේ වැරදි ලෙස තබන ලද්දේ “මිච්ඡාපණිහිත” නම් වේ. මිච්ඡා පණිහිතාය දිට්ඨියා = වැරදි ලෙස පිහිටුවන ලද කර්මය විසින් සකසන ලද ප්‍රඥාවෙන් අවිජ්ජං ජෙච්ඡති = සත්‍ය සතර වසාගෙන තිබෙන අවිද්‍යාව බිඳින්නේය. විජ්ජං උප්පාදෙස්සති අර්හත් මාර්ගය නමැති විද්‍යාව උපදවන්නේය. මිච්ඡා පණිහිතත්තා භික්‍ඛවෙ දිට්ඨියා = කර්මයෙන් සැකසුණ ප්‍රඥාවෙන් ද, ආර්ය මාර්ගඥානය වැඩීමෙන් ද වැරදි ලෙස තබන ලද බැවින් නොපවත්වන ලද යන අර්ථයයි. මේ සූත්‍රයෙහි කම්මස්සකත ඥානය මාර්ගයට යෝග්‍ය කොට මිශ්‍ර වූ මාර්ගයක් කියන ලදී.

10. නන්‍දියසුත‍්තවණ‍්ණනා

10. නන්දිය සූත්‍ර වර්ණනාව

දසමෙ පරිබ‍්බාජකොති ඡන‍්නපරිබ‍්බාජකො. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

දසවැන්නෙහි - පරිබ්බාජකො = ඡන්න පරිබ්‍රාජකයා මෙහි සෙස්ස පහසුවන්නේය.

අවිජ‍්ජාවග‍්ගො පඨමො.

ප්‍රථම වර්ගය නිමියේය.