යෙදුමෙන් කියවන්න

සාරිපුත‍්තසුත‍්තං

1. 1. 3.

1. 1. 3.

සාරිපුත‍්තසුත‍්තං

සාරිපුත්ත සූත්‍රය

3. සාවත්‍ථියං:

3. සැවැත්නුවර:

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: සකලමෙවිදං භන‍්තෙ, බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතාති. සාධු, සාධු, සාරිපුත‍්ත, සකලමෙවිදං සාරිපුත‍්ත බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං සාරිපුත‍්ත, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සති.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්‍රය, මැනවි මැනවි. ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්‍රය, අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණහු විසින් කැමති වියයුතු යි.

කථඤ‍්ච සාරිපුත‍්ත, භික‍්ඛු කල්‍යාණමිත‍්තො කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ සාරිපුත‍්ත, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං සම‍්මාසඞ‍්කප‍්පං භාවෙති -පෙ- සම‍්මාවාචං භාවෙති -පෙ- සම‍්මාකම‍්මන‍්තං භාවෙති -පෙ- සම‍්මාආජීවං භාවෙති -පෙ- සම‍්මාවායාමං භාවෙති -පෙ- සම‍්මාසතිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො සාරිපුත‍්ත, භික‍්ඛු කල්‍යාණමිත‍්තො කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සති.

ශාරිපුත්‍රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩා ද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ශාරිපුත්‍රය, මෙසස්නෙහි මහණ විවේකනිශ්‍රිත කොට විරාගනිශ්‍රිත කොට නිරෝධනිශ්‍රිත කොට ව්‍යවසර්‍ගපරිනාම කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. ... සම්‍යක්සඞ්කල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි ... විවේකනිශ්‍රිත කොට නිරෝධනිශ්‍රිත කොට ව්‍යවසර්‍ගපරිනාම කොට සම්‍යක්සමාධිය වඩයි. ශාරිපුත්‍රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ මෙසේ අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය.

තදමිනාපෙතං සාරිපුත‍්ත, පරියායෙන වෙදිතබ‍්බං: යථා සකලමෙවිදං බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතා. මමං හි සාරිපුත‍්ත, කල්‍යාණමිත‍්තං ආගම‍්ම ජාතිධම‍්මා සත‍්තා ජාතියා පරිමුච‍්චන‍්ති, ජරාධම‍්මා සත‍්තා ජරාය පරිමුච‍්චන‍්ති, මරණධම‍්මා සත‍්තා මරණෙන පරිමුච‍්චන‍්ති, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මා සත‍්තා සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසෙහි පරිමුච‍්චන‍්ති. ඉමිනා ඛො එතං සාරිපුත‍්ත, පරියායෙන වෙදිතබ‍්බං: යථා සකලමෙවිදං බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතාති.

ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද, මෙය යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු: එසේ මැ ය, ශාරිපුත්‍රය, කල්‍යාණමිත්‍ර වූ මා කරා පැමිණ ජාතිධර්‍මසත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත්. ජරාධර්‍මසත්ත්‍වයෝ ජරායෙන් මිදෙත්. මරණධර්‍මයසත්ත්‍වයෝ මරණයෙන් මිදෙත්. ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෙපායාසයෙන් මිදෙත්. ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු යි.