යෙදුමෙන් කියවන්න

බ්‍රාහ‍්මණසුත‍්තං

1. 1. 4.

1. 1. 4.

බ්‍රාහ‍්මණසුත‍්තං

බ්‍රාහ්මණ සූත්‍රය

4. සාවත්‍ථියං:

4. සැවැත්නුවර:

අථ ඛො ආයස‍්මා ආනන්‍දො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. අද‍්දසා ඛො ආයස‍්මා ආනන්‍දො ජාණුස‍්සොණිං බ්‍රාහ‍්මණං සබ‍්බසෙතෙන වළභීරථෙන සාවත්‍ථියං නිය්‍යායන‍්තං. සෙතා සුදං අස‍්සා යුත‍්තා හොන‍්ති. සෙතාලඞ‍්කාරා සෙතො රථො සෙතපරිවාරො සෙතා රස‍්මියො සෙතා පතොදලට‍්ඨි සෙතං ඡත‍්තං සෙතං උණ‍්හීසං සෙතානි වත්‍ථානි සෙතා උපාහනා සෙතාය සුදං වාලවිජනියා විජීය්‍යති. තමෙනං ජනො දිස‍්වා එවමාහ: “බ්‍රහ‍්මං වත භො යානං බ්‍රහ‍්මයානරූපං වත භො”ති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දුටහ. (එ රියෙහි) සුදු පළඳනා ඇති සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. රිය සුදු ය, පරිවාරෝපකරණ ද සුදු ය. රැහැන් සුදු ය. කෙවිට සුදු ය. ඡත්‍රය සුදු ය. නළල්පට සුදු ය. වස්ත්‍ර සුදු ය. වාහන් සුදු ය. සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. තුලුන් දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්‍රහ්මයාගේ යානය වැනි යානයෙකැ”යි.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො සාවත්‍ථියං පිණ‍්ඩාය පවිසිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: ඉධාහං භන‍්තෙ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසිං. අද‍්දසං ඛ‍්වාහං භන‍්තෙ ජාණුස‍්සොණිං බ්‍රාහ‍්මණං සබ‍්බසෙතෙන වළභීරථෙන සාවත්‍ථියා නිය්‍යායන‍්තං. සෙතා සුදං අස‍්සා යුත‍්තා හොන‍්ති. සෙතාලඞ‍්කාරා, සෙතො රථො, සෙතපරිවාරො, සෙතා රස‍්මියො, සෙතා පතොදලට‍්ඨි, සෙතං ඡත‍්තං, සෙතං උණ‍්හීසං, සෙතානි වත්‍ථානි, සෙතා උපාහනා, සෙතාය සුදං වාලවීජනියා විජිය්‍යති. තමෙනං ජනො දිස‍්වා එවමාහ: “බ්‍රහ‍්මං වත භො යානං බ්‍රහ‍්මයානරූපං වත භො”ති. සක‍්කා නු ඛො භන‍්තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ බ්‍රහ‍්මයානං පඤ‍්ඤාපෙතුන‍්ති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සැවැත්නුවර පිඬු පිණිස පිවිස පසුබතැ පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස මම හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දිටිමි. සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. සුදු අබරණ ය, සුදු රිය ය, (ඇතිරිලි ඈ) සුදු පිරිවර ය, සුදු රැහැන් ය, සුදු කෙවිට ය, සුදු ඡත්‍ර ය, සුදු නළල්පට ය, සුදු වස්ත්‍ර ය, සුදු වහන් ය, සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. මොහු දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්‍රහ්මයානය වැනි යානයෙකැ”යි. වහන්ස, මෙ සස්නෙහි බ්‍රහ්මයානයක් පනවන්නට හැකි වේ දැ යි.

සක‍්කා ආනන්‍දාති භගවා අවොච. ඉමස‍්සෙව ඛො එතං ආනන්‍ද, අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස අධිවචනං. බ්‍රහ‍්මයානං ඉතිපි ධම‍්මයානං ඉතිපි අනුත‍්තරො සඞ‍්ගාමවිජයො ඉතිපි. සම‍්මාදිට‍්ඨි ආනන්‍ද භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොති. දොසවිනයපරියොසානා හොති. මොහවිනයපරියොසානා හොති. සම‍්මාසඞ‍්කප‍්පො ආනන්‍ද, භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති, මොහවිනයපරියොසානො හොති. සම‍්මාවාචා ආනන්‍ද, භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොති, දොසවිනයපරියොසානා හොති, මොහවිනයපරියොසානා හොති. සම‍්මාකම‍්මන‍්තො ආනන්‍ද, භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති,

“හැකි ය ආනන්‍දය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ආනන්‍දය, බ්‍රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු ද මේ අරිඅටඟිමඟට ම තෙල නමෙකි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාදිට්ඨිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසඞ්කප්පය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාවාචාව රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාකම්මන්තය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය,

මොහවිනයපරියොසානො හොති. සම‍්මාආජීවො ආනන්‍ද, භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති, මොහවිනයපරියොසානො හොති. සම‍්මාවායාමො ආනන්‍ද, භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති, මොහවිනයපරියොසානො හොති. සම‍්මාසති ආනන්‍ද, භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොති, දොසවිනයපරියොසානා හොති, මොහවිනයපරියොසානා හොති. සම‍්මාසමාධි ආනන්‍ද භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති, මොහවිනයපරියොසානො හොති.

වඩන ලද බහුල කරන ලද සම්මාආජීවය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාවායාමය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසතිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසමාධිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි.

ඉමිනා ඛො එතං ආනන්‍ද, පරියායෙන වෙදිතබ‍්බං යථා ඉමස‍්සෙතං අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස අධිවචනං බ්‍රහ‍්මයානං ඉතිපි ධම‍්මයානං ඉතිපි, අනුත‍්තරො සඞ‍්ගාමවිජයො ඉතිපීති. ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

“ආනන්‍දය, බ්‍රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු දැ යි යම් සේ මේ අරිඅටඟිමඟට තෙල නමෙක් වේ නම් එය මෙ නයින් දතයුතු ය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේක:

1. යස‍්ස සද‍්ධා ච පඤ‍්ඤා ච - ධම‍්මා යුත‍්තා සදා ධුරං, හිරි ඊසා මනො යොත‍්තං - සති ආරක‍්ඛසාරථි.

1. යම් ආර්‍ය්‍යමාර්‍ගයානයෙක ශ්‍රද්ධාව ද ප්‍රඥාවද යන ධර්‍මයෝ හැම කල්හි ධුරයෙහි යෙදුණාහු ද, ලජ්ජාව රියහිස වේ ද, (විදර්‍ශනා හා මාර්‍ග) සිත යොත වේ ද, සිහිය ආරක්‍ෂක රියැදුරා වේ ද,

2. රථො සීලපරික‍්ඛාරො - ඣානක‍්ඛො චක‍්කවීරියො, උපෙඛා ධුරසමාධි - අනිච‍්ඡා පරිවාරණං.

2. (ආර්‍ය) අෂ්ටාඞ්ගික මාර්‍ග නැමැති රථය ශීලය අලඞ්කාර කොට ඇත්තේ ද ධ්‍යානය අකුර කොට ඇත්තේ ද වීර්‍ය්‍යය චක්‍ර කොට ඇත්තේ ද, උපේක්‍ෂාව ධුර සමත්‍වය කොට ඇත්තේ ද, අලෝභය ආවරණය කොට ඇත්තේ ද,

3. අව්‍යාපාදො අවිහිංසා - විවෙකො යස‍්ස ආවුධං, තිතික‍්ඛා වම‍්මසන‍්නාහො - යොගක‍්ඛෙමාය වත‍්තති.

3. අව්‍යාපාද අවිහිංසා (ත්‍රිවිධ) විවේක යන පස යම් රථයයෙක ආවුධ වේ ද ඉවසීම පැළඳගත් යුද්ධ සැට්ටය වේ ද, නිවන පිණිස පවතී ද,

4. එතදත‍්තනි සම‍්භූතං - බ්‍රහ‍්මයානං අනුත‍්තරං, නිය්‍යන‍්ති ධීරා ලොකම‍්හා - අඤ‍්ඤදත්‍ථු ජයං ජයන‍්ති.

4. නිරුත්තර වූ මේ බ්‍රහ්මයානය හෙවත් ශ්‍රේෂ්ඨ යානය තමා කෙරෙහි හටගත්තේ නම් (ඒ) ප්‍රාඥයෝ ඒකාන්තයෙන් (රාගාදීන්) දිනමින් ලෝකයෙන් නික්මෙති යි.