යෙදුමෙන් කියවන්න

කිමත්‍ථියසුත‍්තං

1. 1. 5.

1. 1. 5.

කිමත්‍ථියසුත‍්තං

කිමත්‍ථිය සූත්‍රය

5. සාවත්‍ථියං:

5. සැවැත්නුවර:

අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: ඉධ නො භන‍්තෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා අම‍්හෙ එවං පුච‍්ඡන‍්ති. කිමත්‍ථියං, ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? එවං පුට‍්ඨා මයං භන‍්තෙ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරොම. දුක‍්ඛස‍්ස ඛො ආවුසො පරිඤ‍්ඤත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති. කච‍්චි මයං භන‍්තෙ එවං පුට‍්ඨා එවං ව්‍යාකරමානා වුත‍්තවාදිනො චෙව භගවතො හොම? න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛාම, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරොම, න ච කොචි සහධම‍්මිකො වාදානුවාදො ගාරය‍්හං ඨානං ආගච‍්ඡතීති?

ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ අප පුළුවුසිත්: “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි වහන්ස, මෙසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසම්හ: “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යි. වහන්ස, කිම? එසේ පුළුවුස්නා ලද අපි මෙසේ පවසන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? “භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කරමෝ ද? දහමට අනුදහමක් පවසමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ?” යි.

තග‍්ඝ තුම‍්හෙ භික‍්ඛවෙ, එවං පුට‍්ඨා එවං ව්‍යාකරමානා වුත‍්තවාදිනො චෙව මෙ හොථ, න ච මං අභූතෙන අබ‍්භාචික‍්ඛථ, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරොථ, න ච කොචි සහධම‍්මිකො වාදානුවාදො ගාරය‍්හං ඨානං ආගච‍්ඡති. දුක‍්ඛස‍්ස හි භික‍්ඛවෙ, පරිඤ‍්ඤත්‍ථං මයි බ්‍රහ‍්මචරියං වුස‍්සති. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං, අත්‍ථි පනාවුසො මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: “අත්‍ථි ඛො ආවුසො, මග‍්ගො අත්‍ථි පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤායා”ති. කතමො ච භික‍්ඛවෙ, මග‍්ගො කතමා පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාය: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. අයං භික‍්ඛවෙ, මග‍්ගො අයං පටිපදා එතස‍්ස දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.

මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ පවසන්නහු ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක් කියන්නහු වවු. මට අභූතයෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනුදහමක් පවසවු. කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොද පැමිණේ. “මහණෙනි, දුක පිරිසිඳ දැනගැනුම පිණිස මා කෙරෙහි බඹසර වෙසේ. “මහණෙනි, ඉදින් මේ දුක පිරිසිඳ දැනගනු පිණිස මඟෙක් ඇද්ද? පිළිවෙතක් ඇද්ද” යි අන්තොටු පිරිවැජියෝ මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු: “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මඟෙක් ඇත, පිළිවෙතක් ඇතැ” යි. මහණෙනි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මඟ කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමඟ ම ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙතැ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ විසඳන්නහු යි.