යෙදුමෙන් කියවන්න

භික‍්ඛුසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 6.

1. 1. 6.

භික‍්ඛුසුත‍්තං

භික්‍ෂු සූත්‍රය

6. සාවත්‍ථියං:

6. සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “බ්‍රහ‍්මචරියං බ්‍රහ‍්මචරිය”න‍්ති භන‍්තෙ, වුච‍්චති. කතමන‍්නු ඛො භන‍්තෙ, බ්‍රහ‍්මචරියං? කතමං බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති? අයමෙව ඛො භික‍්ඛු, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො බ්‍රහ‍්මචරියං, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. යො ඛො භික‍්ඛු, රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො ඉමං බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති.

ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘බ්‍රහ්මචරිය ය බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. වහන්ස, බ්‍රහ්මචරියය කවරේ ද, බ්‍රහ්මචරියෙහි කෙළවර කවරේ දැ?” යි. මහණ මේ අරිඅටඟිමඟ ම බ්‍රහ්මචරිය ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණ, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යායෙහි කෙළවර යි.

1. 1. 7.

1. 1. 7.

දුතිය භික‍්ඛුසුත‍්තං

දුතිය භික්‍ෂු සූත්‍රය

7. සාවත්‍ථියං:

7. සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: රාගවිනයො දොසවිනයො මොහවිනයොති භන‍්තෙ, වුච‍්චති. කිස‍්ස නු ඛො එතං භන‍්තෙ, අධිවචනං රාගවිනයො දොසවිනයො මොහවිනයොති? නිබ‍්බානධාතුයා ඛො එතං භික‍්ඛු, අධිවචනං රාගවිනයො දොසවිනයො මොහවිනයොති. ආසවානං ඛයො තෙන වුච‍්චතීති. එවං වුත‍්තෙ සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: අමතං අමතන‍්ති භන‍්තෙ, වුච‍්චති. කතමන‍්නු ඛො භන‍්තෙ, අමතං, කතමො අමතගාමීමග‍්ගොති? යො සො භික‍්ඛු රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො ඉදං වුච‍්චති අමතං. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො අමතගාමීමග‍්ගො. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධීති.

ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය’ යි කියනු ලැබේ. වහන්ස, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල කුමකට නම් වේ දැ?” යි. “මහණ, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල නිර්‍වාණ ධාතුවට මේ නම් ය. එයින් ආස්‍රවක්‍ෂය කියනු ලැබේ” යි. මෙසේ කී කල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අමත ය අමත ය” යි කියනු ලැබේ, වහන්ස, අමෘතය කවරේ ද, අමෘතගාමී මාර්‍ගය කවරේ දැ?යි. මහණ, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ “අමෘත ය”යි කියනු ලැබේ. මේ අරිඅටඟිමඟ ම “අමෘතගාමී මාර්‍ගය යි”. ඒ මෙසේ යි: “සම්‍යග්දෘෂ්ටි ය ... සම්‍යක්සමාධි” යි.