යෙදුමෙන් කියවන්න

විභඞ‍්ගසුත‍්තං

1. 1. 8.

1. 1. 8.

විභඞ‍්ගසුත‍්තං

විභඞ්ග සූත්‍රය

8. සාවත්‍ථියං:

8. සැවැත්නුවර:

අරියං වො භික‍්ඛවෙ, අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං දෙසිස‍්සාමි, විභජිස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච: කතමො ච භික‍්ඛවෙ, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. කතමා ච භික‍්ඛවෙ, සම‍්මාදිට‍්ඨි? යං ඛො භික‍්ඛවෙ, දුක‍්ඛෙ ඤාණං, දුක‍්ඛසමුදයෙ ඤාණං, දුක‍්ඛනිරොධෙ ඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාදිට‍්ඨි.

මහණෙනි, අරිඅටඟිමඟ තොපට දේශනා කරන්නෙමි, බෙදා දක්වන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියමි යි. ‘වහන්ස එසේ ය’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, අරිඅටඟි මඟ කවරේ ද, ඒ මෙසේයි: ‘සම්මාදිට්ඨිය ... සම්මාසමාධි’ යි. මහණෙනි, සම්මාදිට්ඨිය කවර යත්: මහණෙනි, දුකෙහි යම් දැනීමෙක්, දුක හටගැනීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමට යන පිළිවෙතෙහි යම් දැනීමෙක් වේ නම් මහණෙනි මේ “සම්මාදිට්ඨි” යයි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, සම‍්මාසඞ‍්කප‍්පො: යො ඛො භික‍්ඛවෙ, නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පො අව්‍යාපාදසංකප‍්පො අවිහිංසාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාසඞ‍්කප‍්පො.

මහණෙනි සම්මාසඞ්කප්පය කවරේ ද යත්: මහණෙනි යම් නෛෂ්ක්‍රම්‍ය සඞ්කල්පයක්, අව්‍යාපාදසඞ්කල්පයෙක්, අවිහිංසාසඞ්කල්පයෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, සම‍්මාවාචා: යා ඛො භික‍්ඛවෙ, මුසාවාදා වෙරමණී පිසුනාය වාචාය වෙරමණී ඵරුසාය වාචාය වෙරමණී සම‍්ඵප‍්පලාපා වෙරමණී. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාවාචා.

මහණෙනි, සම්මාවාචා කවර යත්: මහණෙනි, යම් මුසාවායෙන් වැළකීමෙක්, පිසුනු වදනින් වැළකීමෙක්, රළු වදනින් වැළකීමෙක්, හිස්වදනින් වැළකීමෙක් වේ නම්, මහණෙනි මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, සම‍්මාකම‍්මන‍්තො: යා ඛො භික‍්ඛවෙ, පාණාතිපාතා වෙරමණී අදින‍්නාදානා වෙරමණී අබ්‍රහ‍්මචරියා වෙරමණී. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාකම‍්මන‍්තො.

මහණෙනි, සම්මාකම්මන්තය කවරේ ද යත්: මහණෙනි, යම් පණිවායෙන් වැළකීමෙක්, අයිනාදනින් වැළකීමෙක්, අබ්‍රම්සරින් වැළකීමෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, සම‍්මාආජීවො: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො මිච‍්ඡාආජීවං පහාය සම‍්මාආජීවෙන ජීවිතං කප‍්පෙති, අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාආජීවො.

මහණෙනි, සම්මාආජීවය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු තෙමේ වැරදි දිවිපෙවෙත හැර යහපත් දිවිපෙවෙතින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, සම‍්මාවායාමො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාවායාමො.

මහණෙනි, සම්මාවායාමය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නූපන් පවිටු අකුසල් දහම් නො ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. උපන් පවිටු අකුසල් දහම් පැහීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුසල් දහම් ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නො මුළාව පිණිස බොහෝබව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරිපුන්බව පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. මහණෙනි, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, සම‍්මාසති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, වෙදනාසු වෙදනානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාසති.

මහණෙනි, සම්මාසතිය කවර යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව කාය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (විඳුම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (සිත්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සම‍්මාසමාධි: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙඛකො ච විහරති, සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති. යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාසමාධීති.

මහණෙනි, සම්මාසමාධිය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍ක විචාර සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්වීතිය ධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතිය ද වැළකීමෙන් උපේක්‍ෂා ද ඇති ව වෙසේ. සිහි ද ඇතිව මනාදැනුමුත් ඇතිව කයින් සුවත් විඳී, උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමක් සඳහා කියත් නම් ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පෙර ම සොම්නස්දොම්නසුන්ගේ පහ ව යෑමෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සම්මාසමාධි යි කියනු ලැබේ යි.