සූකසුත‍්තං
1. 1. 9.
1. 1. 9.
සූකසුත‍්තං
සූක සූත්‍රය
9. සාවත්‍ථියං:
9. සැවැත්නුවර:
සෙය්‍යථාපි භික‍්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා මිච‍්ඡාපණිහිතං හත්‍ථෙන වා පාදෙන වා අක‍්කන‍්තං හත්‍ථං වා පාදං වා භෙච‍්ඡති ලොහිතං වා උප‍්පාදෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. තං කිස‍්ස හෙතු: මිච‍්ඡාපණිහිතත‍්තා භික‍්ඛවෙ, සූකස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ, සො වත භික‍්ඛු මිච‍්ඡාපණිහිතාය දිට‍්ඨියා මිච‍්ඡාපණිහිතාය මග‍්ගභාවනාය අවිජ‍්ජං භෙච‍්ඡති විජ‍්ජං උප‍්පාදෙස‍්සති නිබ‍්බානං සච‍්ඡිකරිස‍්සතීති. නෙතං ඨානං විජ‍්ජති. තං කිස‍්ස හෙතු: මිච‍්ඡාපණිහිතත‍්තා භික‍්ඛවෙ, දිට‍්ඨියා.
මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ වරදවා තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා වරදවා තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ වරදවා පිහිටුවන ලද දෘෂ්ටියෙන් වරදවා පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා වරදවා පිහිටුවන ලද බැවිනි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා සම‍්මාපණිහිතං, හත්‍ථෙන වා පාදෙන වා අක‍්කන‍්තං හත්‍ථං වා පාදං වා භෙච‍්ඡති ලොහිතං වා උප‍්පාදෙස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. තං කිස‍්ස හෙතු. සම‍්මාපණිහිතත‍්තා භික‍්ඛවෙ, සූකස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ, සො වත භික‍්ඛු සම‍්මාපණිහිතාය දිට‍්ඨියා සම‍්මාපණිහිතාය මග‍්ගභාවනාය අවිජ‍්ජං භෙච‍්ඡති විජ‍්ජං උප‍්පාදෙස‍්සති නිබ‍්බානං සච‍්ඡිකරිස‍්සතීති. ඨානමෙතං විජ‍්ජති. තං කිස‍්ස හෙතු. සම‍්මාපණිහිතත‍්තා භික‍්ඛවෙ, දිට‍්ඨියා.
මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ මැනවින් තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා මැනවින් පිහිටුවන ලද බැවිනි.
කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාපණිහිතාය දිට‍්ඨියා සම‍්මාපණිහිතාය මග‍්ගභාවනාය අවිජ‍්ජං භින්‍දති විජ‍්ජං උප‍්පාදෙති නිබ‍්බානං සච‍්ඡිකරොති ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවඤ‍්චෙ සො භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාපණිහිතාය දිට‍්ඨියා සම‍්මාපණිහිතාය මග‍්ගභාවනාය අවිජ‍්ජං භින්‍දති විජ‍්ජං උප‍්පාදෙති නිබ‍්බානං සච‍්ඡිකරොතීති.
මහණෙනි, මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් මහණ තෙමේ කෙසේ නම් අවිද්‍යාව බිඳී ද, විද්‍යාව උපදවා ද නිවන පසක් කෙරේ ද, මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත කොට විරාගනිස්සිත කොට නිරෝධනිස්සිත කොට වොස්සග්ගපරිණාමි කොට සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත කොට විරාගනිස්සිත කොට නිරෝධනිස්සිත කොට වොස්සග්ගපරිණාමි කොට සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේත් මේ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳියි, විද්‍යාව උපදවයි, නිවන පසක් කෙරේ යි.