නන්දියසුත්තං
1. 1. 10.
1. 1. 10.
නන්දියසුත්තං
නන්දිය සූත්‍රය
10. සාවත්ථියං:
10. සැවැත්නුවර:
අථ ඛො නන්දියො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිස්සින්නො ඛො නන්දියො පරිබ්බාජකො භගවන්තං එතදවොච: කති නු ඛො භො ගොතම, ධම්මා භාවිතා බහුලීකතා නිබ්බානගමා හොන්ති නිබ්බානපරායණා නිබ්බානපරියොසානාති? අට්ඨ ඛො නන්දිය, ධම්මා භාවිතා බහුලීකතා නිබ්බානගමා හොති නිබ්බානපරායණා නිබ්බානපරියොසානා. කතමෙ අට්ඨ, සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො නන්දිය, අට්ඨ ධම්මා භාවිතා බහුලීකතා නිබ්බානගමා හොන්ති නිබ්බානපරායණා නිබ්බානපරියොසානාති.
එකල්හි නන්දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් නන්දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයෙනි, කෙතෙක් දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙද්දැ? යි. නන්දිය, අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. නන්දිය, මේ අට දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති යි.
එවං වුත්තෙ නන්දියො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං වා ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මං පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි නන්දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලද්දේ ය. වහන්ස, මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්ව යි.
අවිජ්ජාවග්ගො පඨමො.
පළමුවැනි අවිජ්ජාවර්‍ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
අවිජ්ජා ච උපඩ්ඪං ච සාරිපුත්තො ච බ්රාහ්මණො, කිමත්ථියො ච ද්වෙ භික්ඛූ විභඞ්ගො සූකනන්දියාති.
අවිජ්ජා සූත්‍රය ද උපඩ්ඪ සූත්‍රය ද සාරිපුත්ත සූත්‍රය ද බ්‍රාහ්මණ සූත්‍රය ද කිමත්ථිය සූත්‍රය ද භික්ඛු සූත්‍ර දෙක ද විභඞ්ග සූත්‍රය ද සූකනන්‍දිය සූත්‍ර දෙක දැ යි දශ සූත්‍ර කෙනෙකි.