විහාරසුත‍්තං
1. 2. 1.
1. 2. 1.
විහාරසුත‍්තං
විහාර සූත්‍රය
11. සාවත්‍ථියං:
11. සැවැත්නුවර:
ඉච‍්ඡාමහං භික‍්ඛවෙ, අඩ‍්ඪමාසං පතිසල‍්ලියිතුං. නම‍්හි කෙනචි උපසඞ‍්කමිතබ‍්බො, අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙනාති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පටිස‍්සුත්‍වා නාස‍්සුධ කොචි භගවන‍්තං උපසඞ‍්කමති, අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙන. අථ ඛො භගවා තස‍්ස අඩ‍්ඪමාසස‍්ස අච‍්චයෙන පටිසල‍්ලානා වුට‍්ඨිතො භික‍්ඛූ ආමන‍්තෙසි. යෙන ස‍්වාහං භික‍්ඛවෙ, විහාරෙන පඨමාභිසම‍්බුද‍්ධො විහරාමි, තස‍්ස පදෙසෙන විහාසිං. සො එවං පජානාමි. මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතං, සම‍්මාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාසඞකප‍්පපච‍්චයාපි වෙදයිතං, සම‍්මාසඞකප‍්පපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාවාචාපච‍්චයාපි වෙදයිතං, සම‍්මාවාචාපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාකම‍්මන‍්තපච‍්චයාපි වෙදයිතං, සම‍්මාකම‍්මන‍්තපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාආජීවපච‍්චයාපි වෙදයිතං, සම‍්මාආජීවපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාවායාමපච‍්චයාපි වෙදයිතං, සම‍්මාවායාමපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාසතිපච‍්චයාපි වෙදයිතං, සම‍්මාසතිපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාසමාධිපච‍්චයාපි වෙදයිතං, සම‍්මාසමාධිපච‍්චයාපි වෙදයිතං. ඡන්‍දපච‍්චයාපි වෙදයිතං, විතක‍්කපච‍්චයාපි වෙදයිතං, සඤ‍්ඤාපච‍්චයාපි වෙදයිතං.
මහණෙනි, මම අඩවසක් එකලා වැ වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙකු භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකසුවයෙන් නැගී සිටි සේක් භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, මම බුදු වැ පළමු කොට යම් විහරණයෙකින් විසුයෙම් නම් එහි පෙදෙසකින් යුතු ව විසුවෙමි. මම මෙසේ දනිමි; “මිච්ඡාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසඞ්කප්පහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසඞ්කප්පහේතුවෙන් ද වේදනාව වෙයි. මිච්ඡාවාචාහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාවාචාහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාකම්මන්තහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාකම්මන්තහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාආජීවහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාආජීව හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාවායාමහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාවායාමහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසතිහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසතිහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසමාධි හේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසමාධිහේතුවෙන් ද වේදනාව වෙයි, ඡන්‍දහේතුවෙන් ද වේදනාව වෙයි, විතක්කහේතුවෙන් ද වේදනාව වෙයි, සඤ්ඤාහේතුවෙන් ද වේදනාව වෙයි.
ඡන්‍දො ච අවුපසන‍්තො හොති, විතක‍්කා ච අවුපසන‍්තා හොන‍්ති, සඤ‍්ඤා ච අවුපසන‍්තා හොන‍්ති, තප‍්පච‍්චයාපි වෙදයිතං, (ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කා ච අවුපසන‍්තා හොන‍්ති, සඤ‍්ඤා ච අවුපසන‍්තා හොන‍්ති, තප‍්පච‍්චයාපි වෙදයිතං, ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කා ච වූපසන‍්තා හොන‍්ති, සඤ‍්ඤා ච අවුපසන‍්තා හොන‍්ති, තප‍්පච‍්චයාපි වෙදයිතං.) ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කා ච වූපසන‍්තා හොන‍්ති, සඤ‍්ඤා ච වූපසන‍්තා හොන‍්ති, තප‍්පච‍්චයාපි වෙදයිතං, අප‍්පත‍්තස‍්ස පත‍්තියා අත්‍ථි වායාමො, තස‍්මිම‍්පි ඨානෙ අනුප‍්පත‍්තෙ තප‍්පච‍්චයාපි වෙදයිතන‍්ති.
ඡන්‍දයත් නො සන්හුන්නේ වෙයි. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දය සන්හුන්නේ වේ. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝ නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. නො පැමිණි (රහත්බවට) පැමිණීමට වෑයමෙක් ඇත. එකරුණ ද පැමිණි කල්හි ඒ හේතුවේනුද වේදනාව වේ ය යි.