යෙදුමෙන් කියවන්න

2. විහාරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. විහාර වර්ගය

1. විහාරසුත‍්තවණ‍්ණනා

1. විහාර සූත්‍ර වර්ණනාව

දුතියවග‍්ගස‍්ස පඨමෙ ඉච‍්ඡාමහං, භික‍්ඛවෙ, අඩ‍්ඪමාසං පටිසල‍්ලීයිතුන‍්ති අහං, භික‍්ඛවෙ, එකං අඩ‍්ඪමාසං පටිසල‍්ලීයිතුං නිලීයිතුං එකොව හුත්‍වා විහරිතුං ඉච‍්ඡාමීති අත්‍ථො. නම‍්හි කෙනචි උපසඞ‍්කමිතබ‍්බො අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙනාති යො අත‍්තනා පයුත‍්තවාචං අකත්‍වා මමත්‍ථාය සද‍්ධෙසු කුලෙසු පටියත‍්තං පිණ‍්ඩපාතං නීහරිත්‍වා මය‍්හං උපනාමෙය්‍ය, තං පිණ‍්ඩපාතනීහාරකං එකං භික‍්ඛුං ඨපෙත්‍වා නම‍්හි අඤ‍්ඤෙන කෙනචි භික‍්ඛුනා වා ගහට‍්ඨෙන වා උපසඞ‍්කමිතබ‍්බොති.

දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - ඉච්ඡාමහං භික්‍ඛවෙ අඩ්ඪ මාසං පටිසල්ලීයිතුං = මහණෙනි මම එක් අඩමසක් විවේකීව හිඳීමට, හුදෙකලා වී වාසයට කැමැත්තෙමි යි යන අරුතයි. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්‍ර එකෙන පිණ්ඩපාත නීහාරකෙන = යමකු තමා වෙත පවරන ලද විධාන වචනය අනුව ක්‍රියා නොකොට, මා සඳහා ශ්‍රද්ධාවන්ත කුලයන්හි (නිවෙස්හි) පිළියෙළ කරන ලද පිණ්ඩපාතය ගෙනැවිත් මට පවරන්නේ ද, පිණ්ඩපාතය ගෙන එන ඒ එක භික්ෂුව හැර එහි අන්කිසි භික්ෂුවක් හෝ ගිහියෙක් හෝ නො පැමිණිය යුතු වන්නේය.

කස‍්මා පන එවමාහාති? තස‍්මිං කිර අඩ‍්ඪමාසෙ විනෙතබ‍්බො සත‍්තො නාහොසි. අථ සත්‍ථා – “ඉමං අඩ‍්ඪමාසං ඵලසමාපත‍්තිසුඛෙනෙව වීතිනාමෙස‍්සාමි, ඉති මය‍්හඤ‍්චෙව සුඛවිහාරො භවිස‍්සති, අනාගතෙ ච පච‍්ඡිමා ජනතා ‘සත්‍ථාපි ගණං විහාය එකකො විහාසි, කිමඞ‍්ගං පන මය’න‍්ති දිට‍්ඨානුගතිං ආපජ‍්ජිස‍්සති, තදස‍්සා භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛායා”ති ඉමිනා කාරණෙන එවමාහ. භික‍්ඛුසඞ‍්ඝොපි සත්‍ථු වචනං සම‍්පටිච‍්ඡිත්‍වා එකං භික‍්ඛුං අදාසි. සො පාතොව ගන්‍ධකුටිපරිවෙණසම‍්මජ‍්ජනමුඛොදකදන‍්තකට‍්ඨදානාදීනි සබ‍්බකිච‍්චානි තස‍්මිං ඛණෙ කත්‍වා අපගච‍්ඡති.

කුමක් නිසා වනාහී මෙසේ කීයේද යත් - ඒ අඩ මසෙහි වනාහී හික්මවිය යුතු සත්ත්වයෙක් නො වීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මේ අඩමස පල සමවත් සුවයෙන් කල්ගෙවන්නෙමි, මෙසේ මාගේ ද සුඛ විහරණය වන්නේය. අනාගතයෙහි ද පසු කාලීන ජනතාව “ශාස්තෲන් වහන්සේ ද සමූහයාගෙන් වෙන් ව තනිව වාසය කළහ, අපි ද එසේ කරමු” යි දුටු දේ අනුව යාමට යොමු වෙත්, එය ඔවුනට දිගු කලක් හිතසුව පිණිස වන්නේය යන මේ කරුණ නිසා මෙසේ කීය. භික්ෂු සංඝයා ද ශාස්තෲන් වහන්සේගේ වචනය පිළිගෙන එක් භික්ෂුවක (ට වගකීම් පවරා) දුන්හ. හෙතෙමෙ උදෑසන ම ගන්‍ධකුටි ආවාසය හැමදීම, මුව දොවන ජලය, දැහැටි දීම් ආදී සියළු කටයුතු එකෙණෙහිම සිදු කොට ඉවත් ව යයි.

යෙන ස‍්වාහන‍්ති යෙන සො අහං. පඨමාභිසම‍්බුද‍්ධොති අභිසම‍්බුද‍්ධො හුත්‍වා පඨමංයෙව එකූනපඤ‍්ඤාසදිවසබ‍්භන‍්තරෙ. විහරාමීති ඉදං අතීතත්‍ථෙ වත‍්තමානවචනං. තස‍්ස පදෙසෙන විහාසින‍්ති තස‍්ස පඨමාභිසම‍්බුද‍්ධවිහාරස‍්ස පදෙසෙන. තත්‍ථ පදෙසො නාම ඛන්‍ධපදෙසො ආයතනධාතුසච‍්චඉන්‍ද්‍රියපච‍්චයාකාරසතිපට‍්ඨානඣානනාමරූපපදෙසො ධම‍්මපදෙසොති නානාවිධො. තං සබ‍්බම‍්පි සන්‍ධාය – “තස‍්ස පදෙසෙන විහාසි”න‍්ති ආහ. භගවා හි පඨමබොධියං එකූනපඤ‍්ඤාසදිවසබ‍්භන‍්තරෙ යථා නාම පත‍්තරජ‍්ජො රාජා අත‍්තනො විභවසාරදස‍්සනත්‍ථං තං තං ගබ‍්භං විවරාපෙත්‍වා සුවණ‍්ණරජතමුත‍්තාමණිආදීනි රතනානි පච‍්චවෙක‍්ඛන‍්තො විහරෙය්‍ය, එවමෙව පඤ‍්චක‍්ඛන්‍ධෙ නිප‍්පදෙසෙ කත්‍වා සම‍්මසන‍්තො පච‍්චවෙක‍්ඛන‍්තො විහාසි. ඉමස‍්මිං පන අඩ‍්ඪමාසෙ තෙසං ඛන්‍ධානං පදෙසං වෙදනාක‍්ඛන්‍ධමෙව පච‍්චවෙක‍්ඛන‍්තො විහාසි. තස‍්ස “ඉමෙ සත‍්තා එවරූපං නාම සුඛං පටිසංවෙදෙන‍්ති, එවරූපං දුක‍්ඛ”න‍්ති ඔලොකයතො යාව භවග‍්ගා පවත‍්තා සුඛවෙදනා, යාව අවීචිතො පවත‍්තා දුක‍්ඛවෙදනා, සබ‍්බා සබ‍්බාකාරෙන උපට‍්ඨාසි. අථ නං “මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිත”න‍්තිආදිනා නයෙන පරිග‍්ගණ‍්හන‍්තො විහාසි.

යෙන ස්වාහං - යම් හෙයකින් මම පඨමාභි සම්බුද්ධො = අභිසම්බුද්ධත්‍වයට පැමිණ පළමු කොටම එකුන් පනස් දිනයක් අතරෙහි විහරාමි = මෙය අතීතාර්ථයෙහි වර්තමාන (රූපී) වචනයකි. තස්ස පදෙසෙන = අභිසම්බුද්ධත්‍වයට පත් වී උන්වහන්සේ පළමුව වාසය කළ පෙදෙසින් එහි “පදෙස” (ප්‍රදේශය) යනු ඛන්‍ධප්පදෙස (හෙවත් ස්කන්ධ ප්‍රදේශ) නම් වේ. ආයතන, ධාතු, සත්‍ය, ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයාකාර, සතිපට්ඨාන, ධ්‍යාන නාම රූප යන ආදී වශයෙන් “පදෙස” යන්න නානා විධ වේ. ඒ සියල්ලම සඳහා “තස්ස පදෙසෙන විහාසිං” (එයට අයත් පෙදෙස ඇසුරෙන් වාසය කළෙමි) යනුවෙන් කීය. භාග්‍යවතුන් වහන්සේ වනාහී බුද්ධත්වයෙන් පසු පළමු දින එකුන් පනස ඇතුළත, යම්සේ රජබවට පත් රජතුමකු තමාගේ අගනා සම්පත් දකිනු සඳහා ඒ ඒ ගබඩාව විවෘත කරවා රන් රිදී මුතු මැණික් ආදී රත්නයන් පරීක්ෂා කරමින් වෙසෙන්නේද, ඒ අයුරින්ම පඤ්චස්කන්ධයෙහි සියල්ල ඇතුළත් කොට විමසා බලමින් පරීක්ෂා කරමින් විසූහ. මේ අඩමසෙහි වනාහී ඒ ස්කන්ධයන්ගේ කොටසක් වන වේදනා ස්කන්ධය ම නුවණින් සලකා බලමින් වාසය කළහ. උන්වහන්සේට මේ සත්ත්වයෝ මෙබඳු නම් සුවයක් විඳගනිත්, මෙබඳු දුකක් විඳ ගනිත් යනුවෙන් දකිමින් භවාග්‍රය තෙක් පවත්නා සුඛ වින්දනයන් ද, අවීචිය තෙක් පවත්නා දුඃඛ වින්දනයන්ද යන සියල්ල හැම අයුරින්ම අවබෝධ විය. තව ද මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් ද වින්දනය ලබන බව ආදී කරුණු පිළිවෙළින් අවබෝධ කර ගනිමින් වාසය කළහ.

තථා පඨමබොධියං ද‍්වාදසායතනානි නිප‍්පදෙසානෙව කත්‍වා විහාසි, ඉමස‍්මිං පන අඩ‍්ඪමාසෙ තෙසං ආයතනානං පදෙසං වෙදනාවසෙන ධම‍්මායතනෙකදෙසං, ධාතූනං පදෙසං වෙදනාවසෙන ධම‍්මධාතුඑකදෙසං, සච‍්චානං පදෙසං වෙදනාක‍්ඛන්‍ධවසෙනෙව දුක‍්ඛසච‍්චෙකදෙසං, පච‍්චයානං පදෙසං ඵස‍්සපච‍්චයා වෙදනාවසෙන පච‍්චයෙකදෙසං ඣානානං පදෙසං වෙදනාවසෙනෙව ඣානඞ‍්ගෙකදෙසං, නාමරූපානං පදෙසං වෙදනාවසෙනෙව නාමෙකදෙසං පච‍්චවෙක‍්ඛන‍්තො විහාසි. පඨමබොධියඤ‍්හි එකූනපඤ‍්ඤාසදිවසබ‍්භන‍්තරෙ කුසලාදිධම‍්මෙ නිප‍්පදෙසෙ කත්‍වා අනන‍්තනයානි සත‍්ත පකරණානි පච‍්චවෙක‍්ඛන‍්තො විහාසි. ඉමස‍්මිං පන අඩ‍්ඪමාසෙ සබ‍්බධම‍්මානං පදෙසං වෙදනාත‍්තිකමෙව පච‍්චවෙක‍්ඛන‍්තො විහාසි. තස‍්මිං තස‍්මිං ඨානෙ සා සා ච විහාරසමාපත‍්ති වෙදනානුභාවෙන ජාතා.

එසේම බුද්ධත්වයෙන් පසු මුල් කාලයේම (ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් බෙදිය හැකි) ආයතන දොළස නිරවශේෂයෙන් විමසා බැලූහ. මේ අඩමසෙහි ඒ ආයතනයන්ගේ කොටසක් වේදනා වශයෙන් ද, ධර්මායතන කොටසක් වන ධාතූන්ගේ කොටසක් වේදනා වශයෙන් ද, ධර්මධාතූන්හි එක් කොටසක් වන සත්‍යයන් පිළිබඳ කොටස වේදනා ස්කන්ධ වශයෙන් ද, දුඃඛ සත්‍යයේ එක් කොටසක් වන (හේතු) ප්‍රත්‍යයන් පිළිබඳ කොටස ස්පර්ශය හේතුවෙන් වන වින්දනය වශයෙන් ද, (හේතු) ප්‍රත්‍යයේ එක් කොටසක් වන ධ්‍යානයන් පිළිබඳ කොටස වින්දනය වශයෙන් ද, ධ්‍යානාංගයන් හි එක් කොටසක් වන නාමරූප කොටස වින්දනය වශයෙන් ද නුවණින් සලකා බැලූහ. සම්බෝධියට පැමිණ මුල් එකුන් පනස් දින ඇතුළත කුසලාදී ධර්මයන් නිරවශේෂ කොට අනන්තනයින් (හෙවත් බොහෝ වූ ක්‍රමයගෙන්) හෙබි සප්ත ප්‍රකරණයන් මෙනෙහි කළහ. මේ අඩමසෙහි වනාහී සියළු ධර්මයන්ගේ කොටසක් වන වින්දනය අවසන් කොට ඇති තත්ත්වය ම සලකා බැලූහ. එතැන්හි වනාහී වින්දනයේ බලයෙන් උපන් ඒ ඒ සමාපත්ති විහරණ ය ද පවතී.

ඉදානි යෙනාකාරෙන විහාසි, තං දස‍්සෙන‍්තො මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාපීතිආදිමාහ. තත්‍ථ මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාපීති දිට‍්ඨිසම‍්පයුත‍්තා වෙදනාපි වට‍්ටති. දිට‍්ඨිං උපනිස‍්සයං කත්‍වා උප‍්පන‍්නා කුසලාකුසලවෙදනාපි වට‍්ටති විපාකවෙදනාපි. තත්‍ථ මිච‍්ඡාදිට‍්ඨිසම‍්පයුත‍්තා අකුසලාව හොති, දිට‍්ඨිං පන උපනිස‍්සාය කුසලාපි උප‍්පජ‍්ජන‍්ති අකුසලාපි. මිච‍්ඡාදිට‍්ඨිකා හි දිට‍්ඨිං උපනිස‍්සාය පක‍්ඛදිවසෙසු යාගුභත‍්තාදීනි දෙන‍්ති, අද‍්ධිකාදීනං වට‍්ටං පට‍්ඨපෙන‍්ති, චතුමහාපථෙ සාලං කරොන‍්ති, පොක‍්ඛරණිඤ‍්ච ඛණාපෙන‍්ති, දෙවකුලාදීසු මාලාගච‍්ඡං රොපෙන‍්ති, නදීවිදුග‍්ගාදීසු සෙතුං අත්‍ථරන‍්ති, විසමං සමං කරොන‍්ති, ඉති නෙසං කුසලවෙදනා උප‍්පජ‍්ජති. මිච‍්ඡාදිට‍්ඨිං පන නිස‍්සාය සම‍්මාදිට‍්ඨිකෙ අක‍්කොසන‍්ති පරිභාසන‍්ති, වධබන්‍ධනාදීනි කරොන‍්ති, පාණං වධිත්‍වා දෙවතානං උපහාරං උපහරන‍්ති, ඉති නෙසං අකුසලවෙදනා උප‍්පජ‍්ජති. විපාකවෙදනා පන භවන‍්තරගතානංයෙව හොති.

දැන් යම් අයුරකින් වාසය කළේ නම් එය දක්වන්නේ “මිච්ඡාදිට්ඨි පච්චයාපි” යන ආදිය කීහ. එහි මිච්ඡා දිට්ඨි පච්චයාපි = දෘෂ්ටියක් හා එක්ව යෙදුන වේදනාවක් ද පවතී. එහි මිථ්‍යාදෘෂ්ටිය හා එක්ව යෙදුන අකුසල් ද වෙයි, දෘෂ්ටිය හේතු කොට ගෙන කුසල් ද අකුසල් ද උපදී. වැරදි දෘෂ්ටි ඇත්තෝ වනාහී දෘෂ්ටිය ආශ්‍රය කොට ගෙන පක්ෂ දිනයන්හි (අඩ මසකට වරක් එන අමාවක හා පසළොස්වක දිනයන්හි) කැඳ බත් ආදිය දෙති. මගී ආදීනට පරිභෝජනයට (ආහාර පානාදිය) තබත් සතර මංසන්ධිවල සාලාවන් (ගමන්හල් කරවත් පොකුණු කැණවීම් කරවත් දේවාල ආදී ස්ථානයන්හි මල් පැල සිටුවිත්. එතෙර වීමට අපහසු ගංගා ආදියෙහි ඒ දඬු දමත්. විසම තැන් සම කරත්. (මාර්ගයන් හි වල ගොඩැලි නැති කරත්) මෙසේ ඔවුන්හට කුසල වින්දන උපදී. වැරදි දැකීම් නිසා ම තමා සම්‍යක් දෘෂ්ටිකයන් හට බැණ වදිත්, අපහාස කරත්. වධබන්‍ධනාදිය කරත්. සත්ත්වයන් මරවා දේවතාවනට උපහාර පවත්වති. මෙසේ ඔවුනට අකුසල වින්දනයක් උපදී. විපාක වින්දනය වූ කලී භවාන්තරයෙහිදී ද සිදු වෙයි.

සම‍්මාදිට‍්ඨිපච‍්චයාති එත්‍ථාපි සම‍්මාදිට‍්ඨිසම‍්පයුත‍්තා වෙදනාපි වට‍්ටති, සම‍්මාදිට‍්ඨිං උපනිස‍්සයං කත්‍වා උප‍්පන‍්නා කුසලාකුසලවෙදනාපි විපාකවෙදනාපි. තත්‍ථ සම‍්මාදිට‍්ඨිසම‍්පයුත‍්තා කුසලාව හොති, සම‍්මාදිට‍්ඨිං පන උපනිස‍්සාය බුද‍්ධපූජං දීපමාලං මහාධම‍්මස‍්සවනං අප‍්පතිට‍්ඨිතෙ දිසාභාගෙ චෙතියපතිට‍්ඨාපනන‍්ති එවමාදීනි පුඤ‍්ඤානි කරොන‍්ති, ඉති නෙසං කුසලා වෙදනා උප‍්පජ‍්ජති. සම‍්මාදිට‍්ඨිංයෙව නිස‍්සාය මිච‍්ඡාදිට‍්ඨිකෙ අක‍්කොසන‍්ති පරිභාසන‍්ති, අත‍්තානං උක‍්කංසෙන‍්ති, පරං වම‍්භෙන‍්ති, ඉති නෙසං අකුසලවෙදනා උප‍්පජ‍්ජති. විපාකවෙදනා පන භවන‍්තරගතානංයෙව හොති. මිච‍්ඡාසඞ‍්කප‍්පපච‍්චයාතිආදීසුපි එසෙව නයො. ඡන්‍දපච‍්චයාතිආදීසු පන ඡන්‍දපච‍්චයා අට‍්ඨලොභසහගතචිත‍්තසම‍්පයුත‍්තා වෙදනා වෙදිතබ‍්බා, විතක‍්කපච‍්චයා පඨමජ‍්ඣානවෙදනාව. සඤ‍්ඤා පච‍්චයා ඨපෙත්‍වා පඨමජ‍්ඣානං සෙසා ඡ සඤ‍්ඤාසමාපත‍්තිවෙදනා.

සම්මා දිට්ඨි පච්ච යා = මෙහි ද සම්‍යක් දෘෂ්ටිය හා යෙදුණ වින්දනය ද පවතී. සම්‍යක් දෘෂ්ටිය ඇසුරු කොට ගෙන උපන් කුසලා කුසල වින්දනයන් ද විපාක වින්දනයන් ද එහිදී සම්‍යක් දෘෂ්ටිය හා යෙදුන කුසල් ම වේ. සම්‍යක් දෘෂ්ටිය හේතු කොට ගෙන වනාහී බුද්ධපුජා, මල් පහන් පූජා, ධර්ම ශ්‍රවනය කිරීම් චෛත්‍යයක් නො පිහිටි පෙදෙස්හි චෛත්‍යයන් පිහිටුවීම ආදී පින්කම් කරත්. මෙසේ ඔවුන්හට කුසල වින්දන උපදී. සම්‍යක් දෘෂ්ටියම හේතු කොට ගෙන මිථ්‍යාදෘෂ්ටිකයන් හට බැණවදිත්, අපහාස කරත්, තමා උසස් කොට සලකත්, අනුන් පහත් කොට සලකත්. මෙසේ ඔවුන් හට අකුසල වින්දන උපදී. විපාක වින්දනය වනාහී භවාන්තරයෙහිම සිදු වෙයි. මිච්ඡා සඞ්කප්ප පච්චයා යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. ඡන්‍ද පච්චයාපි යන ආදියෙහි වනාහී කැමැත්ත හේතු කොට ගෙන ලෝභ සහගත අට වැදෑරුම් සිත් සමග යෙදුන වින්දන ඇතැයි දත යුත්තේය. විතර්ක හේතුවෙන් ප්‍රථම ධ්‍යාන චේතනාව ද සංඥාව හේතු කොට ගෙන, ප්‍රථම ධ්‍යානය ද අත්හැර ඉතිරි සඤ්ඤා සමාපත්ති වින්දනයන් මෙහි අදහස් කෙරේ.

ඡන්‍දො ච අවූපසන‍්තොතිආදීසු තිණ‍්ණං අවූපසමෙ අට‍්ඨලොභසහගතචිත‍්තසම‍්පයුත‍්තා වෙදනා හොති, ඡන්‍දමත‍්තස‍්ස වූපසමෙ පඨමජ‍්ඣානවෙදනාව. ඡන්‍දවිතක‍්කානං වූපසමෙ දුතියජ‍්ඣානාදිවෙදනා අධිප‍්පෙතා, තිණ‍්ණම‍්පි වූපසමෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනවෙදනා. අප‍්පත‍්තස‍්ස පත‍්තියාති අරහත‍්තඵලස‍්ස පත‍්තත්‍ථාය. අත්‍ථි ආයාමන‍්ති අත්‍ථි වීරියං. තස‍්මිම‍්පි ඨානෙ අනුප‍්පත‍්තෙති තස‍්ස වීරියාරම‍්භස‍්ස වසෙන තස‍්ස අරහත‍්තඵලස‍්ස කාරණෙ අනුප‍්පත‍්තෙ. තප‍්පච‍්චයාපි වෙදයිතන‍්ති අරහත‍්තස‍්ස ඨානපච‍්චයා වෙදයිතං. එතෙන චතුමග‍්ගසහජාතා නිබ‍්බත‍්තිතලොකුත‍්තරවෙදනාව ගහිතා.

ඡන්‍දොච අවුපසන්නො යන ආදියෙහි තුන් ආකාර දෝෂයන් නොසන්සිඳි කල්හි ලෝභ සහගත අට වැදෑරුම් සිත් සමග යෙදුන වින්දනය ඇති වේ. ඡන්‍ද මාත්‍රය (ආශාව) සන්සිඳුනු කල්හි ප්‍රථමධ්‍යාන වින්දනය ද ඡන්‍ද විතර්කයන්ගේ සන්සිඳීමෙහි දි ද්විතීය ධ්‍යාන ආදී වින්දනයන් ද, ලැබේයයි අදහස් වේ. සන්සිඳීම් තුනම සිදු වූ කල්හි නේවසඤ්ඤා නාසඤ්ඤායතන වින්දනය ලැබේ. අප්පත්තස්ස පත්තියා = අර්හත් ඵලයට පැමිණීම පිණිස. අත්‍ථිවායාමං = වීර්යය ඇත. තස්මිම්පිඨානෙ අනුප්පත්තෙ = ඔහුගේ වීර්ය වැඩීම් වශයෙන් අර්හත් ඵලය නමැති තත්ත්වයට පැමිණි කල්හි. තප්පච්චයාපි වෙදයිතං = අර්හත් භාවය හේතු කොට ගෙන ලැබෙන වින්දනය මෙයින් මාර්ග සතර සමග උපන්, ඒ සමගම ඇති වූ ලෝකෝත්තර වින්දනය අදහස් කරන ලදී.

2. දුතියවිහාරසුත‍්තවණ‍්ණනා

2. දෙවන විහාර සූත්‍ර වර්ණනාව

දුතියෙ පටිසල‍්ලානකාරණං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. මිච‍්ඡාදිට‍්ඨිවූපසමපච‍්චයාති මිච‍්ඡාදිට‍්ඨිවූපසමො නාම සම‍්මාදිට‍්ඨි. තස‍්මා යං සම‍්මාදිට‍්ඨිපච‍්චයා වෙදයිතං වුත‍්තං, තදෙව මිච‍්ඡාදිට‍්ඨිවූපසමපච‍්චයා වෙදිතබ‍්බං. ඉමස‍්මිං පන සුත‍්තෙ විපාකවෙදනං අතිදූරෙති මඤ‍්ඤමානා න ගණ‍්හන‍්තීති වුත‍්තං. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. යස‍්ස යස‍්ස හි වූපසමපච‍්චයාති වුච‍්චති, තස‍්ස තස‍්ස පටිපක‍්ඛධම‍්මපච‍්චයාව තං තං වෙදයිතං අධිප‍්පෙතං. ඡන්‍දවූපසමපච‍්චයාතිආදීසු පන ඡන්‍දවූපසමපච‍්චයා තාව පඨමජ‍්ඣානවෙදනා වෙදිතබ‍්බා. විතක‍්කවූපසමපච‍්චයා දුතියජ‍්ඣානවෙදනා. සඤ‍්ඤාපච‍්චයා ඡසමාපත‍්තිවෙදනා. සඤ‍්ඤාවූපසමපච‍්චයා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනවෙදනා. ඡන්‍දො ච වූපසන‍්තොතිආදීනි වුත‍්තත්‍ථානෙව.

දෙවැන්නෙහි - විවේකයේ හේතුව කියන ලද පිළිවෙළින් ම දත යුතුය. මිච්ඡාදිට්ඨි වූපසම පච්චයා = මිථ්‍යා දෘෂ්ටිය සන්සිඳීම නම් සම්‍යක් දෘෂ්ටියයි. ඒ නිසා සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් යමක් වින්දනය කරන ලද්දේ යයි කියවිණි ද එයම මිථ්‍යාදෘෂ්ටිය සන්සිඳීමේ හේතුව යයි දත යුතුය. මේ සූත්‍රයෙහිදී වනාහී හැඟීම් ඇතිකර ගන්නාහු විපාක වින්දනය ඉතා දුරකදී වුව ග්‍රහණය කරත් යයි කියන ලදී. මේ ක්‍රමයෙන් සියළු තන්හි අරුත් දත යුත්තේය. යම් යම් අයට සන්සිඳීමේ හේතුවක් වූයේ යයි කියන ලද්දේද, ඒ ඒ අයට ප්‍රතිපක්ෂ ධර්ම හේතුවෙන්ම ඒ ඒ වින්දනය වීයයි අදහස් කරන ලදී. ඡන්‍ද වූපසම පච්චයා යන ආදියෙහි වනාහී ආශාව සන්සිඳීමේ හේතුවෙන් ප්‍රථම ධ්‍යාන වින්දනය දත යුත්තේය විතර්ක සන්සිඳීමේ හේතුවෙන් ද්විතීය ධ්‍යාන වින්දනය ද, සංඥා හේතුවෙන් සංඥා සමාපත්ති සයක වින්දනයද සංඥා හේතුවෙන් සංඥා සමාපත්ති සයක වින්දනයද සංඥා සන්සිඳීම් හේතුවෙන් ම නේවසඤ්ඤා නාසඤ්ඤායතන වින්දනය ද වේ යයි දත යුත්තේය. ඡන්‍දොච වූපසන්තො යන ආදිය කියන ලද අරුත් ඇත්තේමය.

7. දුතියපරිසුද‍්ධසුත‍්තවණ‍්ණනා

7. දෙවන පරිසුද්ධ සූත්‍ර වර්ණනාව

තතියෙ සෙක‍්ඛොති සික‍්ඛනසීලො. කිං සික‍්ඛතීති? තිස‍්සො සික‍්ඛා. සෙක‍්ඛායාති තීහි ඵලෙහි චතූහි ච මග‍්ගෙහි සද‍්ධිං උප‍්පන‍්නාය. සාපි හි අනිට‍්ඨිතකිච‍්චත‍්තා අත‍්තනො කිච‍්චං සික‍්ඛතෙවාති සෙක‍්ඛා. චතුත්‍ථපඤ‍්චමඡට‍්ඨසත‍්තමානි උත‍්තානත්‍ථානෙවාති.

තුන් වැන්නෙහි - සෙක්ඛො = හික්මීම් ස්වභාව යයි. කුමක් පිළිබඳව හික්මෙයි ද යත්:- ත්‍රිවිධ ශික්ෂාවයි. සෙඛාය = ඵල තුන ද, මාර්ග සතර ද සමග උපන් එම නොනිමි කාර්යයන් ඇති බව නිසා තමාගේ කාර්යය අනුව තව ද ශික්ෂණයෙහි යෙදේය යන අදහසින් “සෙඛා” යයි කියනු ලැබේ. සිවුවැන්න, පස්වැන්න, සයවැන්න හා සත්වැන්න පහසු අරුත් ඇත්තේමය.

8-10. කුක‍්කුටාරාමසුත‍්තාදිවණ‍්ණනා

8-10. කුක්කුටාරාම ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමෙ උම‍්මඞ‍්ගොති පඤ‍්ඤාඋම‍්මඞ‍්ගො, පඤ‍්ඤාවීමංසනං, පඤ‍්ඤාගවෙසනන‍්ති අත්‍ථො. එවඤ‍්හි ත්‍වං ආවුසොති ඉදං තස‍්ස පුච‍්ඡාපතිට‍්ඨාපනත්‍ථාය ආහ. නවමදසමානි උත‍්තානත්‍ථාමෙවාති.

අට වැන්නෙහි - උම්මග්ගො = ප්‍රශ්න විමර්ශනය කිරීම, ප්‍රශ්න ගවේෂණය යන අරුත් ඇත්තේය. එවංහි ත්‍වං ආවුසො යන මෙය ඔහුගේ ප්‍රශ්නයෙහි පිහිටුවීම පිණිස කීය. නවවැන්න හා දසවැන්න පහසු අරුත් ඇත්තේමය.

විහාරවග‍්ගො දුතියො.

දුතිය වර්ගය නිමියේය.