යෙදුමෙන් කියවන්න

දුතිය කුක‍්කුටාරාමසුත‍්තං

1. 2. 9.

1. 2. 9.

දුතිය කුක‍්කුටාරාමසුත‍්තං

දෙවන කුක්කුටාරාම සූත්‍රය

19. පාටලිපුත‍්තෙ:

19. පැළලුප්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා භද‍්දො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “බ්‍රහ‍්මචරියං, බ්‍රහ‍්මචරිය”න‍්ති ආවුසො ආනන්‍ද, වුච‍්චති. කතමං නු ඛො ආවුසො, බ්‍රහ‍්මචරියං? කතමං බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති?

එකත්පස්ව හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: “ඇවත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැ” යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසර කෙළවර කවරේ දැ? යි.

සාධු සාධු ආවුසො භද‍්ද, භද‍්දකො ඛො තෙ ආවුසො භද‍්ද, උම‍්මග‍්ගො, භද‍්දකං පටිභානං, කල්‍යාණී පරිපුච‍්ඡා. එවං හි ත්‍වං ආවුසො භද‍්ද, පුච‍්ඡසි “බ්‍රහ‍්මචරියං, බ්‍රහ‍්මචරිය”න‍්ති ආවුසො ආනන්‍ද, වුච‍්චති. කතමං නු ඛො ආවුසො බ්‍රහ‍්මචරියං, කතමං බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති? එවමාවුසොති.

ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත්නි, භද්දයෙනි තෙපි “ඇවැත්නි ආනන්‍දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේද? බඹසර කෙළවර කවරේදැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි එසේ යයි.

අයමෙව ඛො ආවුසො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො බ්‍රහ‍්මචරියං. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. යො ඛො ආවුසො රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො. ඉදං බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති.

ඇවැත්නි මේ අරි අටගි මග ම බඹසරය. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. ඇවැත්නි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බඹසර කෙළවරයි.