යෙදුමෙන් කියවන්න

කුක‍්කුටාරාමසුත‍්තං

1. 2. 8.

1. 2. 8.

කුක‍්කුටාරාමසුත‍්තං

කුක්කුටාරාම සූත්‍රය

18. එවං මෙ සුතං, එකං සමයං ආයස‍්මා ච ආනන්‍දො ආයස‍්මා ච භද‍්දො පාටලිපුත‍්තෙ විහරන‍්ති කුක‍්කුටාරාමෙ. අථ ඛො ආයස‍්මා භද‍්දො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා භද‍්දො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “අබ්‍රහ‍්මචරියං, අබ්‍රහ‍්මචරියන‍්ති ආවුසො ආනන්‍ද, වුච‍්චති. කතමං නු ඛො ආවුසො, අබ්‍රහ‍්මචරිය”න‍්ති?

18. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝත් ආයුෂ්මත් භද්ද තෙරණුවෝත් පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් භද්ද තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටුවියයුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩ හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ. “ඇවත් ආනන්‍දයෙනි, “අබ්‍රහ්මචරිය ය අබ්‍රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි අබ්‍රහ්මචරියය කවරේදැ?” යි.

සාධු සාධු ආවුසො භද‍්ද, භද‍්දකො ඛො තෙ ආවුසො භද‍්ද, උම‍්මග‍්ගො, භද‍්දකං පටිභානං, කල්‍යාණී පරිපුච‍්ඡා. එවං හි ත්‍වං, ආවුසො භද‍්ද, පුච‍්ඡසි “අබ්‍රහ‍්මචරියං අබ්‍රහ‍්මචරිය”න‍්ති ආවුසො ආනන්‍ද, වුච‍්චති. කතමං නු ඛො, ආවුසො, අබ්‍රහ‍්මචරියන‍්ති. එවමාවුසොති. අයමෙව ඛො ආවුසො, අට‍්ඨඞ‍්ගිකො මිච‍්ඡාමග‍්ගො අබ්‍රහ‍්මචරියං. සෙය්‍යථිදං: මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවාචා මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසති මිච‍්ඡාසමාධීති.

ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති. වැටහීම යහපති. පිළිවිසීම යහපති. ඇවත් භද්දයෙනි තෙපි “ඇවත් ආනන්‍දයෙනි, අබ්‍රහ්මචරිය ය අබ්‍රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි, අබ්‍රහ්මචරිය ය කවරේදැ? යි මෙසේ පුළුවුසිවු දැ?” යි ඇවැත්නි, එසේ ය යි. ඇවැත්නි, මේ අට්ඨඞ්ගිකමිච්ඡා මාර්‍ගය ම අබ්‍රහ්මචරිය යයි. එනම් මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යි.