සෙඛසුත්තං
1. 2. 3.
1. 2. 3.
සෙඛසුත්තං
සේඛ සූත්‍රය
13. සාවත්ථියං:
13. සැවැත්නුවර:
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “සෙඛො සෙඛො”ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සෙඛො හොතීති? ඉධ භික්ඛු, සෙඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති. සෙඛෙන සම්මාසඞ්කප්පෙන සමන්නාගතො හොති. සෙඛාය සම්මාවාචාය සමන්නාගතො හොති. සෙඛෙන සම්මාකම්මන්තෙන සමන්නාගතො හොති. සෙඛෙන සම්මාආජීවෙන සමන්නාගතො හොති. සෙඛෙන සම්මාවායාමෙන සමන්නාගතො හොති. සෙඛාය සම්මාසතියා සමන්නාගතො හොති. සෙඛෙන සම්මාසමාධිනා සමන්නාගතො හොති. එත්තාවතා ඛො, භික්ඛු, සෙඛො හොතීති.
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “සේඛය, සේඛ යයි කියනු ලැබේ” යි වහන්ස, කෙතෙකින් සේඛ වේ දෝ?” යි මෙසස්නෙහි මහණ සේඛ වූ සම්මාදිට්ඨීයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාසඞ්කප්පයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාවාචායෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාකම්මන්තයෙන් යුතු වූයේ වේ ද, සේඛ වූ සම්මා ආජීවයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාවායාමයෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාසතියෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාසමාධියෙන් යුතු වූයේ වේ ද, මෙතෙකින් මහණ සේඛ වේ යි.
1. 2. 4.
1. 2. 4.
උප්පාදසුත්තං
උප්පාද සූත්‍රය
14. සාවත්ථියං:
14. සැවැත්නුවර:
අට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්සාති.
මහණෙනි, මේ අටදහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ පහළවීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: එනම් සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය ... යි මහණෙනි, මේ අට දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ පහළවීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 5.
1. 2. 5.
දුතියඋප්පාදසුත්තං
දෙවන උප්පාද සූත්‍රය
15. සාවත්ථියං:
15. සැවැත්නුවර:
අට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර සුගතවිනයාති.
මහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු බුදුසසුනෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක් ද යත්: එනම් සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මහණෙනි, මේ අට දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 6.
1. 2. 6.
පරිසුද්ධසුත්තං
පරිසුද්ධ සූත්‍රය
16. සාවත්ථියං:
16. සැවැත්නුවර:
අට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨධම්මා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්සාති.
පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම් කෙනෙක් තථාගත අර්හත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 7.
1. 2. 7.
දුතියපරිසුද්ධසුත්තං
දෙවන පරිසුද්ධ සූත්‍රය
17. සාවත්ථියං:
17. සැවැත්නුවර:
අට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ ධම්මා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයාති.
මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම කෙනෙක් බුදුසන්නෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු බුදුසසුනෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.