යෙදුමෙන් කියවන්න

දුතියවිහාරසුත‍්තං

1. 2. 2.

1. 2. 2.

දුතියවිහාරසුත‍්තං

දෙවන විහාර සූත්‍රය

12. සාවත්‍ථියං:

12. සැවැත්නුවර:

ඉච‍්ඡාමහං භික‍්ඛවෙ, තෙමාසං පතිසල‍්ලියිතුං. නම‍්හි කෙනචි උපසඞ‍්කමිතබ‍්බො අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙනා’ති. “එවං භන‍්තෙ”ති ඛො තෙ භික‍්ඛූ භගවතො පටිස‍්සුත්‍වා නාස‍්සුධ කොචි භගවන‍්තං උපසඞ‍්කමති අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙන. අථ ඛො භගවා තස‍්ස තෙමාසස‍්ස අච‍්චයෙන පටිසල‍්ලානා වුට‍්ඨිතො භික‍්ඛූ ආමන‍්තෙසි: යෙන ස‍්වාහං භික‍්ඛවෙ, විහාරෙන පඨමාභිසම‍්බුද‍්ධො විහරාමි, තස‍්ස පදෙසෙන විහාසිං. සො එවං පජානාමි, මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාදිට‍්ඨිවූපසමපච‍්චයාපි වෙදයිතං, සම‍්මාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතං, සම‍්මාදිට‍්ඨිවූපසමපච‍්චයාපි වෙදයිතං, (සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං) -පෙ- මිච‍්ඡාසමාධිපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාසමාධිවූපසමපච‍්චයාපි වෙදයිතං, සම‍්මාසමාධිපච‍්චයාපි වෙදයිතං, සම‍්මාසමාධිවූපසමපච‍්චයාපි වෙදයිතං, ඡන්‍දපච‍්චයාපි වෙදයිතං, ඡන්‍දවූපසමපච‍්චයාපි වෙදයිතං, විතක‍්කපච‍්චයාපි වෙදයිතං, විතක‍්කවූපසමපච‍්චයාපි වෙදයිතං, සඤ‍්ඤාපච‍්චයාපි වෙදයිතං, සඤ‍්ඤාවූපසමපච‍්චයාපි වෙදයිතං.

මහණෙනි, මම තෙමසක් එකලා වැ වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. (ඉක්බිති) පිණ්ඩපාතය රැගෙන එන එක් මහණෙකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඇවෑමෙන් විවේකයෙන් නැගී සිටිසේක් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම බුදු ව පළමු කොට යම් විහරණයෙකින් විසුවෙම් නම් එහි පෙදෙසකින් යුතු ව විසුවෙමි. මම මෙසේ දනිමි. මිච්ඡාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාදිට්ඨි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. සම්මාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි. සම්මාදිට්ඨි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. (සියල්ල විතර කට යුතුයි) … මිච්ඡාසමාධිහේතුවෙන් ද වේදනාව වෙයි. මිච්ඡාසමාධි වූපසම හේතුවෙන්ද වේදනාව වෙයි. සම්මාසමාධි හේතුවෙන්ද වේදනාව වෙයි. සම්මාසමාධි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. ඡන්‍ද හේතුවෙනුදු වේදනාව වෙයි, ඡන්‍ද වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. විතක්ක හේතුවෙන් ද වේදනාව වෙයි. විතක්ක වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. සඤ්ඤාහේතුවෙන් ද වේදනාව වෙයි. සඤ්ඤාවූපසම හේතුවෙනුදු වේදනාව වෙයි.

ඡන්‍දො ච අවුපසන‍්තො හොති, විතක‍්කා ච අවුපසන‍්තා හොන‍්ති, සඤ‍්ඤා ච අවුපසන‍්තා හොන‍්ති, තප‍්පච‍්චයාපි වෙදයිතං, ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කා ච අවුපසන‍්තා හොන‍්ති, සඤ‍්ඤා ච අවුපසන‍්තා හොන‍්ති, ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කා ච වූපසන‍්තා හොන‍්ති, තප‍්පච‍්චයාපි වෙදයිතං. සඤ‍්ඤා ච අවුපසන‍්තා හොන‍්ති, තප‍්පච‍්චයාපි වෙදයිතං. ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කා ච වූපසන‍්තා හොන‍්ති, සඤ‍්ඤා ච වූපසන‍්තා හොන‍්ති, තප‍්පච‍්චයාපි වෙදයිතං. අප‍්පත‍්තස‍්ස පත‍්තියා අත්‍ථි වායාමං, තස‍්මිම‍්පි ඨානෙ අනුප‍්පත‍්තෙ තප‍්පච‍්චයාපි වෙදයිතන‍්ති.

ඡන්‍දයත් නො සන්හුන්නේ වෙයි. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දය සන්හුන්නේ වේ. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝ නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන් ද වේදනාව වේ. නො පැමිණි (අර්‍හත්‍වයට) පැමිණීම පිණිස වෑයමෙක් ඇත. එකරුණ ද පැමිණි කල්හි ඒ හේතුවේනුද වේදනාව වේ යි.