තතියකුක්කුටාරාමසුත්තං
1. 2. 10.
1. 2. 10.
තතියකුක්කුටාරාමසුත්තං
තෙවන කුක්කුටාරාම සූත්රය
20. පාටලිපුත්තෙ:
20. පැළලුප්නුවර:
“බ්රහ්මචරියං බ්රහ්මචරිය”න්ති ආවුසො ආනන්ද, වුච්චති. කතමං නු ඛො ආවුසො බ්රහ්මචරියං? කතමො බ්රහ්මචාරී? කතමං බ්රහ්මචරියපරියොසානන්ති?
ආයුෂ්මත් ආනන්දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි බඹසර කවරේ ද බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ? යි.
සාධු සාධු ආවුසො භද්ද, භද්දකො ඛො තෙ ආවුසො භද්ද උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. එවං හි ත්වං ආවුසො භද්ද, පුච්ඡසි. “බ්රහ්මචරියං බ්රහ්මචරියන්ති ආවුසො ආනන්ද වුච්චති. කතමං නු ඛො, ආවුසො බ්රහ්මචරියං, කතමො බ්රහ්මචාරී, කතමං බ්රහ්මචරියපරියොසාන”න්ති? එවමාවුසොති.
ආයුෂ්මත් භද්දයෙනි, මැනවි මැනවි. ආයුෂ්මත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත් භද්දයෙනි, තෙපි “ඇවත් ආනන්දයෙනි, බඹසර බඹසරැයි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි, එසේ ය යි.
අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්රහ්මචරියං සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යො ඛො ආවුසො ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො, අයං වුච්චති බ්රහ්මචාරී. යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං බ්රහ්මචරියපරියොසානති.
ඇවැත්නි, මේ අරිඅටගි මග ම බඹසර ය. එනම් සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ඇවැත්නි, යමෙක් මේ අරිඅටගි මගින් සමන්වාගත ද, මේ තෙමේ බඹසැරි ය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් රාගක්ෂයයෙක්, ද්වේෂක්ෂයයෙක්, මෝහක්ෂයයෙක් වේ නම් මෙය බඹසර කෙළවර යි.
විහාරවග්ගො දුතියො.
දෙවෙනි විහාරවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
ද්වෙ විහාරා සෙඛො ච උප්පාදා අපරෙ දුවෙ, පරිසුද්ධෙන ද්වෙ වුත්තා කුක්කුටාරාමෙන තයොති.
විහාරසූත්ර දෙකෙකි. සේඛසුත්රයෙකි. අනෙක් උප්පාදසූත්ර දෙකෙකි. පරිසුද්ධ නමින් දෙකෙක් ද කුක්කුටාරාම නමින් තුනෙක්ද කියන ලදී. (මුළුල්ල දශයෙකි).