මිච‍්ඡත‍්තසුත‍්තං
1. 3. 1.
1. 3. 1.
මිච‍්ඡත‍්තසුත‍්තං
මිච්ඡත්ත සූත්‍රය
21. සාවත්‍ථියං:
21. සැවැත්නුවර:
මිච‍්ඡත‍්තඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි සම‍්මත‍්තඤ‍්ච. තං සුණාථ. කතමඤ‍්ච භික‍්ඛවෙ, මිච‍්ඡත‍්තං, සෙය්‍යථිදං: මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාසඞ‍්කප‍්පො, මිච‍්ඡාවාචා, මිච‍්ඡාකම‍්මන‍්තො, මිච‍්ඡාආජීවො, මිච‍්ඡාවායාමො, මිච‍්ඡාසති, මිච‍්ඡාසමාධි. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, මිච‍්ඡත‍්තං.
මහණෙනි, මිථ්‍යාස්වභාවය ද සම්‍යක්ස්වභාවය ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මිථ්‍යා ස්වභාවය කවරේ ද යත්: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවාචා මිච්ඡාකම්මන්ත මිච්ඡාආජිව මිච්ඡාවායාම මිච්ඡාසති මිච්ඡාසමාධි යි. මහණෙනි, මිථ්‍යාස්වභාව යයි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, සම‍්මන‍්තං, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො, සම‍්මාවායාමො, සම‍්මාසති, සම‍්මාසමාධි. ඉදං වුච‍්චති, භික‍්ඛවෙ, සම‍්මත‍්තන‍්ති.
මහණෙනි සම්‍යක්ස්වභාවය කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්‍යක්ස්වභාව ය යි කියනු ලැබේ.
1. 3. 2.
1. 3. 2.
අකුසලධම‍්මසුත‍්තං
අකුසලධම්ම සූත්‍රය
22. සාවත්‍ථියං:
22. සැවැත්නුවර:
අකුසලෙ ච වො භික‍්ඛවෙ, ධම‍්මෙ දෙසිස‍්සාමි, කුසලෙ ච ධම‍්මෙ. තං සුණාථ. කතමෙ ච භික‍්ඛවෙ, අකුසලා ධම‍්මා, සෙය්‍යථිදං: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාසමාධි. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, අකුසලා ධම‍්මා.
මහණෙනි, අකුසල්දහම් ද කුසල් දහම් ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අකුසල් දහම්හු කවරහුද යත්. එනම් මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මොහු අකුසල්දහම්හු යි කියනු ලැබෙත්.
කතමෙ ච භික‍්ඛවෙ, කුසලා ධම‍්මා, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. ඉදං වුච‍්චන‍්ති භික‍්ඛවෙ, කුසලා ධම‍්මාති.
මහණෙනි, කුසල්දහම් කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මොහු කුසල්දහම්හු යයි කියනු ලැබෙත් යි.
1. 3. 3.
1. 3. 3.
පටිපදාසුත‍්තං
පටිපදා සූත්‍රය
23. සාවත්‍ථියං:
23. සැවැත්නුවර:
මිච‍්ඡාපටිපදඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි සම‍්මාපටිපදඤ‍්ච. තං සුණාථ. කතමා ච භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපදා, සෙය්‍යථිදං: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපදා.
මහණෙනි මිච්ඡාපටිපදාව (වැරදි පිළිවෙත) ද සම්මාපටිපදාව (නොවැරදි පිළිවෙත) ද තොපට දේශනා කරන්නෙමි එය අසවු. මහණෙනි මිච්ඡාපටිපදාව කවර යත්: මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ මිච්ඡාපටිපදා ය යි කියනු ලැබේ.
කතමා ච භික‍්ඛවෙ, සම‍්මාපටිපදා, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාපටිපදාති.
මහණෙනි, සම්මාපටිපදාව කවර යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්මාපටිපදාව යයි කියනු ලැබේ.