දුතියපටිපදාසුත‍්තං
1. 3. 4.
1. 3. 4.
දුතියපටිපදාසුත‍්තං
දෙවන පටිපදා සූත්‍රය
24. සාවත්‍ථියං:
24. සැවැත්නුවර:
ගිහිනො වාහං භික‍්ඛවෙ, පබ‍්බජිතස‍්ස වා මිච‍්ඡාපටිපදං න වණ‍්ණෙමි. ගිහී වා භික‍්ඛවෙ, පබ‍්බජිතො වා මිච‍්ඡාපටිපන‍්නො මිච‍්ඡාපටිපත‍්තාධිකරණහෙතු නාරාධකො හොති ඤායං ධම‍්මං කුසලං. කතමා ච භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපදා. සෙය්‍යථිදං: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපදා. ගිහිනො වාහං භික‍්ඛවෙ, පබ‍්බජිතස‍්ස වා මිච‍්ඡාපටිපදං න වණ‍්ණෙමි. ගිහී වා භික‍්ඛවෙ, පබ‍්බජිතො වා මිච‍්ඡාපටිපන‍්නො මිච‍්ඡාපටිපත‍්තාධිකරණහෙතු නාරාධකො හොති ඤායං ධම‍්මං කුසලං.
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත්හි පිහිටීම හේතු කොට ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය නො සපයන්නෙක් වේ. මහණෙනි, වැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ වැරදි පිළිවෙතැ යි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ග ධර්‍මය නො සපයන්නෙක් වෙයි.
ගිහිනො වාහං භික‍්ඛවෙ, පබ‍්බජිතස‍්ස වා සම‍්මාපටිපදං වණ‍්ණෙමි. ගිහී වා භික‍්ඛවෙ, පබ‍්බජිතො වා සම‍්මාපටිපන‍්නො සම‍්මාපටිපත‍්තාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං. කතමා ච භික‍්ඛවෙ, සම‍්මාපටිපදා, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාපටිපදා. ගිහිනො වාහං භික‍්ඛවෙ, පබ‍්බජිතස‍්ස වා සම‍්මාපටිපදං වණ‍්ණෙමි. ගිහී වා භික‍්ඛවෙ, පබ‍්බජිතො වා සම‍්මාපටිපන‍්නො සම‍්මාපටිපත‍්තාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලන‍්ති.
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ග ධර්‍මය සපයන්නෙක් වේ. මහණෙනි, නිවැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ නිවැරදි පිළිවෙතැයි කියනු ලැබේ. මහණෙනි මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය සපයන්නෙක් වේ යි.