යෙදුමෙන් කියවන්න

අසප‍්පුරිසසුත‍්තං

1. 3. 5.

1. 3. 5.

අසප‍්පුරිසසුත‍්තං

අසප්පුරිස සූත්‍රය

25. සාවත්‍ථියං:

25. සැවැත්නුවර:

අසප‍්පුරිසඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි, සප‍්පුරිසඤ‍්ච. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො මිච‍්ඡාදිට‍්ඨිකො හොති. මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවාචො මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසති මිච‍්ඡාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, අසප‍්පුරිසො.

මහණෙනි, අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ මිථ්‍යාසඞ්කල්ප ඇත්තේ මිථ්‍යාවචන ඇත්තේ මිථ්‍යාකර්‍මාන්ත ඇත්තේ මිථ්‍යාආජීව ඇත්තේ මිථ්‍යාව්‍යායාම ඇත්තේ මිථ්‍යාස්මෘති ඇත්තේ මිථ්‍යාසමාධි ඇත්තේ වේ. මහණෙනි මේ අසත්පුරුෂයා යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, සප‍්පුරිසො: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො සම‍්මාදිට‍්ඨිකො හොති, සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචො සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, සප‍්පුරිසොති.

මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ සම්‍යක්සඞ්කල්ප ඇත්තේ සම්‍යග්වචන ඇත්තේ සම්‍යක්කර්‍මාන්ත ඇත්තේ සම්‍යගාජීව ඇත්තේ සම්‍යක්ව්‍යායාම ඇත්තේ සම්‍යක්ස්මෘති ඇත්තේ සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ.