යෙදුමෙන් කියවන්න

දුතියඅසප‍්පුරිසසුත‍්තං

1. 3. 6.

1. 3. 6.

දුතියඅසප‍්පුරිසසුත‍්තං

දෙවන අසප්පුරිස සූත්‍රය

26. සාවත්‍ථියං:

26. සැවැත්නුවර:

අසප‍්පුරිසඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි. අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරඤ‍්ච. සප‍්පුරිසඤ‍්ච දෙසිස‍්සාමි සප‍්පුරිසෙන සප‍්පුරිසතරඤ‍්ච. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො මිච‍්ඡාදිට‍්ඨිකො හොති -පෙ- මිච‍්ඡාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, අසප‍්පුරිසො. කතමො ච භික‍්ඛවෙ, අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො මිච‍්ඡාදිට‍්ඨිකො හොති -පෙ- මිච‍්ඡාසමාධි මිච‍්ඡාඤාණී මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො. කතමො ච භික‍්ඛවෙ, සප‍්පුරිසො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො සම‍්මාදිට‍්ඨිකො හොති -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, සප‍්පුරිසො. කතමො ච භික‍්ඛවෙ, සප‍්පුරිසෙන සප‍්පුරිසතරො: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො සම‍්මාදිට‍්ඨිකො හොති -පෙ- සම‍්මාසමාධි සම‍්මාඤාණී සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සප‍්පුරිසෙන සප‍්පුරිසතරොති.

මහණෙනි, අසත්පුරුෂයාත් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයාත් තොපට දේශනා කරන්නෙමි. සත්පුරුෂයාත් සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයාත් දේශනා කෙරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ ... මිථ්‍යා සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ ... මිත්‍යසමාධි ඇත්තේ මිථ්‍යාඥාන ඇත්තේ මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා යයි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ ... සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා කවරේ ද? යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යක්දෘෂ්ටි ඇත්තේ ... සම්‍යක්සමාධි ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ සම්‍යග්විමුක්ති අත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා යයි කියනු ලැබේ යි.