කුම‍්භසුත‍්තං
1. 3. 7.
1. 3. 7.
කුම‍්භසුත‍්තං
කුම්භ සූත්‍රය
27. සාවත්‍ථියං:
27. සැවැත්නුවර:
සෙය්‍යථාපි භික‍්ඛවෙ, කුම‍්භො අනාධාරො සුප‍්පවත‍්තියො හොති, සාධාරො දුප‍්පවත‍්තියො හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, චිත‍්තං අනාධාරං සුප‍්පවත‍්තියං හොති. සාධාරං දුප‍්පවත‍්තියං හොති. කො ච භික‍්ඛවෙ, චිත‍්තස‍්ස ආධාරො, අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති චිත‍්තස‍්ස ආධාරො. සෙය්‍යථාපි භික‍්ඛවෙ, කුම‍්භො අනාධාරො සුප‍්පවත‍්තියො හොති, සාධාරො දුප‍්පවත‍්තියො හොති, එවමෙව ඛො භික‍්ඛවෙ, චිත‍්තං අනාධාරං සුප‍්පවත‍්තියං හොති, සාධාරං දුප‍්පවත‍්තියං හොතීති.
මහණෙනි, යම්සේ කළය ආධාර (දරනු) රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර (දරනු) සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිත ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි, ආධාර සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ. මහණෙනි, සිතට ආධාරය කිමෙක් ද යත්: මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මේ සිතට ආධාර ය යි කියනු ලැබේ. මහණෙනි, යම්සේ කළය ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිතට ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි. ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ යි.
1. 3. 8.
1. 3. 8.
සමාධිසුත‍්තං
සමාධි සූත්‍රය
28. සාවත්‍ථියං:
28. සැවැත්නුවර:
අරියං වො භික‍්ඛවෙ, සම‍්මාසමාධිං දෙසිස‍්සාමි සඋපනිසං සපරික‍්ඛාරං. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, අරියො සම‍්මාසමාධි සඋපනිසො සපරික‍්ඛාරො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො, සම‍්මාවායාමො, සම‍්මාසති යා ඛො භික‍්ඛවෙ, ඉමෙහි සත‍්තහඞ‍්ගෙහි චිත‍්තස‍්ස එකග‍්ගතා සපරික‍්ඛාරතා අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියො සම‍්මාසමාධි සඋපනිසො ඉතිපි සපරික‍්ඛාරො ඉතිපීති.
මහණෙනි, තොපට ප්‍රත්‍ය සහිත පිරිවර සහිත ආර්‍ය්‍ය වූ සම්‍යක් සමාධිය දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සප්‍රත්‍යය සපරිෂ්කාර ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය කවරේ ද යත්: “හේ මෙසේය: සම්මාදිට්ඨිය සම්මාසඞ්කප්පය සම්මාවාචා ය සම්මාකම්මන්තය සම්මාආජීව ය සම්මාවායාමය සම්මාසති” යි මහණෙනි, මේ සත්අඟින් සිතේ යම් එකඟබවෙක් වේ නම් එය සපරිෂ්කාර බවයි. මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය මෙසේ ප්‍රත්‍යය සහිත ය යි දු මෙසේ පිරිවර සහිත ය යි දු කියනු ලැබේ යි.
1. 3. 9.
1. 3. 9.
වෙදනාසුත‍්තං
වේදනා සූත්‍රය
29. සාවත්‍ථියං:
29. සැවැත්නුවර:
තිස‍්සො ඉමා භික‍්ඛවෙ, වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො වෙදනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං වෙදනානං පරිඤ‍්ඤාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං වෙදනානං පරිඤ‍්ඤාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
මහණෙනි, මේ වේදනා තුනෙකි. කවරතුනෙක් ද යත්: සුව වේදනා යැ දුක් වේදනා යැ නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, මේ තුන් වේදනා යි. මහණෙනි, මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස අරිඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත් හේ මෙසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස මේ අරිඅටඟිමඟ වැඩියයුතු යි.