යෙදුමෙන් කියවන්න

3. මිච‍්ඡත‍්තවග‍්ගො අට‍්ඨකථා

3. මිච්ඡත්ත වර්ගය

1-10. මිච‍්ඡත‍්තසුත‍්තාදිවණ‍්ණනා

1-10. මිච්ඡත්ත ආදි සූත්‍ර වර්ණනා

තතියවග‍්ගස‍්ස පඨමෙ මිච‍්ඡත‍්තන‍්ති මිච‍්ඡාසභාවං. සම‍්මත‍්තන‍්ති සම‍්මාසභාවං. මිච‍්ඡාපටිපත‍්තාධිකරණහෙතූති මිච‍්ඡාපටිපත‍්තිකරණහෙතු. යස‍්මා මිච‍්ඡාපටිපත‍්තිං කරොති, තස‍්මාති අත්‍ථො. නාරාධකොති න සම‍්පාදකො. ඤායං ධම‍්මන‍්ති අරියමග‍්ගධම‍්මං. මිච‍්ඡාඤාණීති මිච‍්ඡාවිඤ‍්ඤාණො මිච‍්ඡාපච‍්චවෙක‍්ඛණො. මිච‍්ඡාවිමුත‍්තීති අයාථාවවිමුත‍්ති, අනිය්‍යානිකවිමුත‍්ති. ඉමෙසු තතියාදීසු චතූසු සුත‍්තෙසු වට‍්ටවිවට‍්ටං කථිතං, පච‍්ඡිමෙසු පනෙත්‍ථ ද‍්වීසු පුග‍්ගලො පුච‍්ඡිතො ධම‍්මො විභත‍්තො, එවං ධම‍්මෙන පුග‍්ගලො දස‍්සිතොති. සුප‍්පවත‍්තියොති සුප‍්පවත‍්තනියො. යථා ඉච‍්ඡිතිච‍්ඡිතං දිසං පවත‍්තෙන‍්තො ධාවති, එවං පවත‍්තෙතුං සක‍්කා හොතීති අත්‍ථො. සඋපනිසං සපරික‍්ඛාරන‍්ති සප‍්පච‍්චයං සපරිවාරං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

තතිය වර්ගයේ පළමු වැන්නෙහි - මිච්ඡත්තං = මිථ්‍යා ස්වභාවය සම්මත්තං = යහපත් ස්වභාවය මිච්ඡා පටිපත්තාය කරණ හේතු = වැරදි ප්‍රතිපත්ති පිළිපැදීමේ හේතු යම් හේතුවකින් මිථ්‍යා ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරයි ද ඒ හේතුව නිසා යන අර්ථයයි. නාරාධකො = සපයන්නෙක් නැත. ඤායං ධම්මං = ආර්ය මාර්ග ධර්මය. මිච්ඡා ඤාණි = වැරදි නුවණ වැරදි ලෙස සිතා බලන්නා. මිච්ඡා විමුත්ති = අසත්‍ය ලෙස වටහා ගත් විමුක්තිය. තුන් වැන්න ආදියෙහි නෛර්යාණික නොවන විමුක්තිය යන අදහසයි. මේ සූත්‍ර සතරෙහිදී (සසරෙහි) පැවැත්ම හා ඉන් මිදීම (නො පැවැත්ම) කියන ලදී. මෙහි පසු කොටස් දෙකෙහි වනාහි පුද්ගලයා (ගෙන්) විමසන ලද්දේ ධර්මය බෙදන ලදී. මෙසේ ධර්මය විසින් පුද්ගලයා දක්වන ලදී. සුප්පවත්තියො = මනාව පැවැත්විය යුතු. යම්සේ කැමති කැමති දිසාවට යොමු කරවමින් දුවයි ද එසේ පැවතීමට හැකි වේය යන අර්ථයයි. සවූපනිසං සපරික්‍ඛාරං = ප්‍රත්‍ය සහිත වූයේ, පිරිවර සහිත වූයේ, සෙස්ස සියළු තන්හි පහසුවේමය.

මිච‍්ඡත‍්තවග‍්ගො තතියො.

තතිය වර්ගය නිමියේය.