4. පටිපත‍්තිවග‍්ගො අට‍්ඨකථා
4. පටිපත්ති වර්ගය
1-10. පටිපත‍්තිසුත‍්තාදිවණ‍්ණනා
1-10. පටිපත්ති ආදි සූත්‍ර වර්ණනා
චතුත්‍ථෙ මිච‍්ඡාපටිපත‍්තින‍්ති අයාථාවපටිපත‍්තිං. මිච‍්ඡාපටිපන‍්නන‍්ති අයාථාවපටිපන‍්නං. ඉති එකං සුත‍්තං ධම‍්මවසෙන කථිතං, එකං පුග‍්ගලවසෙන. අපාරා පාරන‍්ති වට‍්ටතො නිබ‍්බානං. පාරගාමිනොති එත්‍ථ යෙපි පාරඞ‍්ගතා, යෙපි ගච‍්ඡන‍්ති, යෙපි ගමිස‍්සන‍්ති, සබ‍්බෙ පාරගාමිනොත්‍වෙව වෙදිතබ‍්බා.
සිවු වැන්නෙහි - මිච්ඡා පටිපත්තිං = වැරදි ප්‍රතිපත්තිය මිච්ඡා පටිපන්නං = වැරදි මගට පිළිපන්. මෙසේ එක් සූත්‍රයක් ධර්මය වශයෙන්ද, (තවත්) එක් සූත්‍රයක් පුද්ගල වශයෙන් ද දේසනා කරන ලදී. අපාරාපාරං = සසරින් නිවනට යාම. පාරගාමිතො = මෙහි පරතෙරට යමෙක් ගියාහු ද, යමෙක් යත් ද. යමෙක් (මතුවට) යන්නෝද ඒ සියල්ලෝම පාරගාමීහුය (පරතෙරට යන්නෝය) යි දත යුත්තේය.
තීරමෙවානුධාවතීති වට‍්ටමෙව අනුධාවති, වට‍්ටෙ විචරති. කණ‍්හන‍්ති අකුසලධම‍්මං. සුක‍්කන‍්ති කුසලධම‍්මං. ඔකා අනොකන‍්ති වට‍්ටතො නිබ‍්බානං. ආගම‍්මාති ආරබ‍්භ සන්‍ධාය පටිච‍්ච. පරියොදපෙය්‍යාති පරිසුද‍්ධං කරෙය්‍ය. චිත‍්තක‍්ලෙසෙහීති චිත‍්තං කිලිස‍්සාපෙන‍්තෙහි නීවරණෙහි. සම‍්බොධියඞ‍්ගෙසූති සත‍්තසු බොජ‍්ඣඞ‍්ගෙසු.
තීරමෙවානු ධාවති = සසරෙහිම දුවයි, සසරෙහි හැසිරෙයි. කණ්හං = අකුසල් දහම්ඔකා අනොකං = සසරෙහි පැවැත්මෙන් මිදී ලබන නිවන ආගම්ම = අරභයා, සඳහා හේතු කොට පරියොදපෙය්‍ය = පිරිසිදු කරන්නේය. චිත්තක්ලෙසෙහි = සිත කිලිටි කරවන්නාවූ කෙලෙස් වලින් සම්බොධියඞ්ගෙසු = සප්ත බෝධ්‍යංගයන්හි
සාමඤ‍්ඤත්‍ථන‍්ති නිබ‍්බානං. තඤ‍්හි සාමඤ‍්ඤෙන උපගන‍්තබ‍්බතො සාමඤ‍්ඤත්‍ථොති වුච‍්චති. බ්‍රහ‍්මඤ‍්ඤන‍්ති සෙට‍්ඨභාවං. බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථන‍්ති නිබ‍්බානං බ්‍රහ‍්මඤ‍්ඤෙන උපගන‍්තබ‍්බතො. යත්‍ථ යත්‍ථ පන හෙට‍්ඨා ච ඉමෙසු ච තීසු සුත‍්තෙසු “රාගක‍්ඛයො”ති ආගතං, තත්‍ථ තත්‍ථ අරහත‍්තම‍්පි වට‍්ටතියෙවාති වදන‍්ති.
සාමඤ්ඤත්‍ථං = නිවනයි. එය ද ශ්‍රමණ භාවයෙන් එළඹිය යුතු වන බැවින් “සාමඤ්ඤත්ත” යයි කියනු ලැබේ. බ්‍රහ්මඤ්ඤං ශ්‍රේෂ්ඨ භාවය බ්‍රහ්මඤ්ඤත්‍ථං = නිවන බ්‍රහ්ම ස්වභාවයෙන් (හෙවත් උත්තම ස්වභාවයෙන්) එළඹිය යුතු වන බැවින් (එසේ කියන ලදී) යට යම් යම් තන්හි වනාහී මේ සූත්‍ර තුනෙහි ද “රාගක්‍ඛයො” (රාගය ක්ෂය කිරීම) යන්නා සඳහන් වූයේ ද, ඒ ඒ තන්හි අර්හත්වය ද පිහිටන්නේම යයි කියත්.
පටිපත‍්තිවග‍්ගො චතුත්‍ථො.
චතුත්‍ථ වර්ගය නිමියේය.