පටිපත‍්තිසුත‍්තං
1. 4. 1.
1. 4. 1.
පටිපත‍්තිසුත‍්තං
පටිපත්ති සූත්‍රය
31. සාවත්‍ථියං:
31. සැවැත්නුවර:
මිච‍්ඡාපටිපත‍්තිඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි සම‍්මාපටිපත‍්තිඤ‍්ච. තං සුණාථ. කතමා ච භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපත‍්ති, සෙය්‍යථිදං: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපත‍්ති. කතමා ච, භික‍්ඛවෙ සම‍්මාපටිපත‍්ති, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාපටිපත‍්තීති.
මහණෙනි, තොපට මිථ්‍යාප්‍රතිපත්තිය ද සම්‍යක්ප්‍රතිපත්තිය ද දෙසමි. එය අසවු. මහණෙනි, මිථ්‍යාප්‍රතිපත්ති කවර යත්: මිථ්‍යාදෘෂ්ටි යැ … මිථ්‍යාසමාධි යි. මහණෙනි මේ මිථ්‍යාප්‍රතිපදා යි කියනු ලැබෙ යි. මහණෙනි, සම්‍යක්ප්‍රතිපත්ති කවර යත්: සම්‍යක්දෘෂ්ටි ... සම්‍යක්සමාධි යි. මහණෙනි, මේ සම්‍යක්ප්‍රතිපදා යි කියනු ලැබේ.
1. 4. 2.
1. 4. 2.
පටිපන‍්නසුත‍්තං
පටිපන්න සූත්‍රය
32. සාවත්‍ථියං:
32. සැවැත්නුවර:
මිච‍්ඡාපටිපන‍්නඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි සම‍්මාපටිපන‍්නඤ‍්ච. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපන‍්නො: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො මිච‍්ඡාදිට‍්ඨිකො හොති -පෙ- මිච‍්ඡාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපන‍්නො. කතමො ච භික‍්ඛවෙ, සම‍්මාපටිපන‍්නො: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො සම‍්මාදිට‍්ඨිකො හොති -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාපටිපන‍්නොති.
මහණෙනි, මිථ්‍යාප්‍රතිපත් ඇත්තහු ද සම්‍යක්ප්‍රතිපත් ඇත්තහු ද තොපට දෙසමි එය අසවු. මහණෙනි, මිථ්‍යාප්‍රතිපත් ඇත්තේ කවරෙ යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි … මිථ්‍යාසමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මිථ්‍යාප්‍රතිපත් ඇත්තේ ය යි කියනු ලැබෙ යි. මහණෙනි, සම්‍යක්ප්‍රතිපත් ඇත්තේ කවරෙ යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි මේ සම්‍යක්ප්‍රතිපත් ඇත්තේ ය යි කියනු ලැබේ.
1. 4. 3.
1. 4. 3.
විරද‍්ධසුත‍්තං
විරද්ධ සූත්‍රය
33. සාවත්‍ථියං:
33. සැවැත්නුවර:
යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො විරද‍්ධො, විරද‍්ධො තෙසං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො ආරද‍්ධො, ආරද‍්ධො තෙසං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමී. කතමො ච භික‍්ඛවෙ, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො විරද‍්ධො, විරද‍්ධො තෙසං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො ආරද‍්ධො, ආරද‍්ධො තෙසං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමීති.
මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ වරදවන ලද ද, මැනැවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනෙවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලදී. මහණෙනි, අරිඅටඟිමඟ කවරෙ යත්: හේ මෙසේ ය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ වරදවන ලද ද, මෙනෙවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලද්දේ යි.