පාරඞ්ගමසුත්තං
1. 4. 4.
1. 4. 4.
පාරඞ්ගමසුත්තං
පාරඞ්ගම සූත්‍රය
34. සාවත්ථියං:
34. සැවැත්නුවර:
අට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අපාරා පාරඞ්ගමනාය සංවත්තන්ති. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ ධම්මා භාවිතා බහුලීකතා අපාරා පාරඞ්ගමනාය සංවත්තන්තීති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
මහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට (-සසරින් නිවනට) යෑම පිණිස පවතිත්. කවර අටෙකැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ අටදහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතරට යෑම පිණිස පවතිත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේකි:
1. අප්පකා තෙ මනුස්සෙසු යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා තීරමෙවානුධාවති.
1. යම් ජන කෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද, මිනිසුන් අතර ඔහු අල්පයහ. වැලි මේ තදන්‍ය ප්‍රජාව මෙතෙර ම (සසරෙහි ම) ධාවන කෙරෙයි.
2. යෙ ච ඛො සම්මදක්ඛාතෙ ධම්මෙ ධම්මානුවත්තිනො, තෙ ජනා පාරමෙස්සන්ති මච්චුධෙය්යං සුදුත්තරං.
2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතින සුලු වෙද්ද, ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (සසර) හැර පරතෙරට යන්නාහ.
3. කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො, ඔකා අනොකං ආගම්ම විවෙකෙ යත්ථ දූරමං. 4. තත්රාභිරතිමිච්ඡෙය්ය හිත්වා කාමෙ අකිඤ්චනො, පරියොදපෙය්ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
3-4. පණ්ඩිත තෙමේ අකුසල්දහම් දුරු කොට කුසල්දහම් වඩනේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයක දුකසේ ඇලිය යුතු වේ නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන් කෙරෙන් සිත පිරිසිදු කරන්නේ යි.
5. යෙසං සම්බොධිඅඞ්ගෙසු සම්මා චිත්තං සුභාවිතං, ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා ඛීණාසවා ජුතිමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතාති.
5. යම් කෙනකුන්ගේ සිත බෝධ්‍යඞ්ගයන්හි මැනවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද, ලෙව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.