සාමඤ්ඤසුත්තං
1. 4. 5.
1. 4. 5.
සාමඤ්ඤසුත්තං
සාමඤ්ඤ සූත්‍රය
35. සාමඤ්ඤඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සාමඤ්ඤඵලානි ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, සාමඤ්ඤං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, සාමඤ්ඤං. කතමානි ච භික්ඛවෙ, සාමඤ්ඤඵලානි: සොතාපත්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත්තඵලං ඉමානි වුච්චන්ති භික්ඛවෙ, සාමඤ්ඤඵලානීති.
35. මහණෙනි, මහණුවම් ද මහණුවම්හි ඵල ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මහණුවම කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ මහණුවමැ යි කියනු ලැබේ. මහණෙනි, මහණුවම්හි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු මහණුවම්හි ඵල යැ යි කියනු ලැබේ යි.
1. 4. 6.
1. 4. 6.
දුතිය සාමඤ්ඤසුත්තං
දෙවන සාමඤ්ඤ සූත්‍රය
36. සාමඤ්ඤඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සාමඤ්ඤත්ථඤ්ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, සාමඤ්ඤං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, සාමඤ්ඤං. කතමො ච භික්ඛවෙ, සාමඤ්ඤත්ථො: යො ඛො භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති භික්ඛවෙ, සාමඤ්ඤත්ථොති.
36. මහණෙනි, ශ්රමණධර්මයත් ශ්‍රමණධර්‍මයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්රමණධර්මය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි ඒ කවරැ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්රමණධර්මය යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රමණධර්‍මයෙහි ඵල කවරෙ යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි මේ ශ්‍රමණධර්‍මයෙහි ඵලැ යි කියනු ලැබේ යි.
1. 4. 7.
1. 4. 7.
බ්රහ්මඤ්ඤසුත්තං
බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
37. බ්රහ්මඤ්ඤඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි, බ්රහ්මඤ්ඤඵලානි ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, බ්රහ්මඤ්ඤං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, බ්රහ්මඤ්ඤං. කතමානි ච භික්ඛවෙ, බ්රහ්මඤ්ඤඵලානි: සොතාපත්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත්තඵලං. ඉමානි වුච්චන්ති භික්ඛවෙ, බ්රහ්මඤ්ඤඵලානීති.
37. මහණෙනි, ශ්‍රේෂ්ඨත්වයත් ශ්රේෂ්ඨත්වයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්වය යි කියනු ලැබේ. මහණෙනි, ශ්රේෂ්ඨත්වයෙහි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු ශ්රේෂ්ඨත්වයෙහි ඵල යැ යි කියනු ලැබේ යි.
1. 4. 8.
1. 4. 8.
දුතිය බ්රහ්මඤ්ඤසුත්තං
දෙවන බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
38. බ්රහ්මඤ්ඤඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි බ්රහ්මඤ්ඤත්ථඤ්ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, බ්රහ්මඤ්ඤං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, බ්රහ්මඤ්ඤං. කතමො ච භික්ඛවෙ, බ්රහ්මඤ්ඤත්ථො: යො ඛො භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, අයං වුච්චති භික්ඛවෙ, බ්රහ්මඤ්ඤත්ථොති.
38. මහණෙනි, ශ්‍රේෂ්ඨත්වයත් ශ්රේෂ්ඨත්වයෙහි ප්‍රයෝජනත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්වය යැ යි කියනු ලැබේ. මහණෙනි, ශ්රේෂ්ඨත්වයෙහි ප්‍රයෝජන කවරෙ යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මේ ශ්රේෂ්ඨත්වයෙහි ප්රයෝජනැ යි කියනු ලැබේ යි.
1. 4. 9.
1. 4. 9.
බ්‍රහ්මචරියසුත්තං
බ්‍රහ්මචරිය සූත්‍රය
39. බ්රහ්මචරියඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි බ්රහ්මචරියඵලානි ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, බ්රහ්මචරියං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, බ්රහ්මචරියං. කතමානි ච භික්ඛවෙ, බ්රහ්මචරියඵලානි: සොතාපත්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත්තඵලං. ඉමානි වුච්චන්ති භික්ඛවෙ, බ්රහ්මචරියඵලානීති.
39. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි ඵලත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරඵල කවරෙ යත් සෝවත්ඵල සෙදගැමිඵල අනගැමිඵල රහත්ඵල යි. මහණෙනි, මොහු බඹසරඵලැ යි කියනු ලැබේ යි.
1. 4. 10.
1. 4. 10.
දුතිය බ්‍රහ්මචරියසුත්තං
දෙවන බ්‍රහ්මචරිය සූත්‍රය
40. බ්රහ්මචරියඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි බ්රහ්මචරියත්ථඤ්ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, බ්රහ්මචරියං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, බ්රහ්මචරියං. කතමො ච භික්ඛවෙ, බ්රහ්මචරියත්ථො: යො ඛො භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති භික්ඛවෙ, බ්රහ්මචරියත්ථොති.
40. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි අර්‍ත්‍ථත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරෙහි අර්ත්ථ කවරෙ යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ බඹසරෙහි අර්ත්ථ යි කියනු ලැබේ යි.
(සබ්බං සාවත්ථිනිදානමෙව)
(සියල්ල සැවැත්නුවර ම නිදාන කොට ඇත.)
පටිපත්තිවග්ගො චතුත්ථො.
සිව්වැනි පටිපත්ති වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍ර නාමමාලාව:
පටිපත්තිපටිපන්නො ච විරද්ධොච පාරඞ්ගමො සාමඤ්ඤෙන ච ද්වෙ වුත්තා බ්රහ්මඤ්ඤෙනපරෙ දුවෙ බ්රහ්මචරියෙන ද්වෙ වුත්තා වග්ගො තෙන පවුච්චතීති.
පටිපත්ති, පටිපන්න, විරද්ධ, පරඞ්ගම යි සූත්‍ර සතරෙකි. සාමඤ්ඤ නමින් දෙකෙක් ද, බ්‍රහ්මඤ්ඤ නමින් දෙකෙක් ද, බ්‍රහ්මචරිය නමින් දෙකෙක්ද කියන ලදහ. මේ සූත්‍ර දශයෙන් වර්ග යයි කියනු ලැබේ.