විරාගසුත්තං
1. 5. 1.
1. 5. 1.
විරාගසුත්තං
විරාග සූත්‍රය
41. සාවත්ථියං:
41. සැවැත්නුවර:
අථ ඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො තෙ භික්ඛු භගවා එතදවොච: සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං, “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං “අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ. රාගවිරාගත්ථං ඛො ආවුසො භගවති බ්රහ්මචරියං වුස්සතී”ති.
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසෙ යි.
සචෙ පන වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා රාගවිරාගායා”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: “අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා රාගවිරාගායා”ති. කතමො ච භික්ඛවෙ, මග්ගො කතමා ච පටිපදා රාගවිරාගාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා රාගවිරාගායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇත”. “පිළිවෙතක් ඇතැ”යි මහණෙනි රාගය දුරලීම පිණිස මඟ කවරෙ යැ පිළිවෙත කවරෙ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ ය යත්: සම්මාදිට්ඨි යැ …. සම්මාසමාධි යි. මහණෙනි, රාගය දුරලීම පිණිස මේ මග යැ, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු.