සංයොජනසුත‍්තං
1. 5. 2.
1. 5. 2.
සංයොජනසුත‍්තං
සංයෝජන සූත්‍රය
42. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: ‘කිමත්‍ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: සංයොජනපහානත්‍ථං ඛො ආවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති.
42. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු: “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යයි.
සචෙ පන වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “අත්‍ථි පනාවුසො මග‍්ගො, අත්‍ථි පටිපදා සංයොජනප‍්පහානත්‍ථායා’ති, එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: “අත්‍ථි ඛො ආවුසො මග‍්ගො, අත්‍ථි පටිපදා සංයොජනප‍්පහානායා”ති. කතමො ච භික‍්ඛවෙ, මග‍්ගො, කතමා පටිපදා සංයොජනප‍්පහානාය: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං භික‍්ඛවෙ, මග‍්ගො අයං පටිපදා සංයොජනප‍්පහානායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.
මහණෙනි, ඉදින් අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහු ය. “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතක් ඇතැ යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. හේ මෙසේ ය: සම්මාදිට්ඨි යැ … සම්මාසමාධි යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහුය.