යෙදුමෙන් කියවන්න

අනුසයසුත‍්තං

1. 5. 3.

1. 5. 3.

අනුසයසුත‍්තං

අනුසය සූත්‍රය

43. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “කිමත්‍ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: අනුසයසමුග‍්ඝාතත්‍ථං ඛො ආවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති.

43. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් “මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට “මෙසේ විසඳන්නාහු ය: “ඇවැත්නි, අනුසය (නිදි ගත් කෙලෙස්) නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. මහණෙනි,

සචෙ පන වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “අත්‍ථි පනාවුසො, මග‍්ගො අත්‍ථි පටිපදා අනුසයසමුග‍්ඝාතායා”ති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: “අත්‍ථි ඛො ආවුසො මග‍්ගො, අත්‍ථි පටිපදා අනුසයසමුග‍්ඝාතායා”ති. කතමො ච භික‍්ඛවෙ මග‍්ගො, කතමා පටිපදා අනුසයසමුග‍්ඝාතාය: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං භික‍්ඛවෙ මග‍්ගො, අයං පටිපදා අනුසයසමුග‍්ඝාතායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.

ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, අනුසය නැසීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද් දැ? යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහුය: “ඇවැත්නි අනුසය නැසීම පිණිස මගෙක් ඇත පිළිවෙතක් ඇතැ”යි. මහණෙනි, අනුසය නැසීම පිණිස මඟ කවරේ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි හේ මෙසේය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, අනුසය නැසීම පිණිස මේ මග ය, මේ පිළිවෙතයි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.