යෙදුමෙන් කියවන්න

අද‍්ධානසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 5. 4.

1. 5. 4.

අද‍්ධානසුත‍්තං

අද්ධාන සූත්‍රය

44. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “කිමත්‍ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: අද‍්ධානපරිඤ‍්ඤත්‍ථං ඛො ආවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති. -පෙ- කතමො ච භික‍්ඛවෙ මග‍්ගො, කතමා පටිපදා අද‍්ධානපරිඤ‍්ඤාය: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං භික‍්ඛවෙ මග‍්ගො, අයං පටිපදා අද‍්ධානපරිඤ‍්ඤායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.

44. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මේ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේය යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, සසර අදන්මඟ පිරිසිඳ දැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.

1. 5. 5.

1. 5. 5.

ආසවක‍්ඛයසුත‍්තං

ආසවක්ඛය සූත්‍රය

45. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “කිමත්‍ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: “ආසවානං ඛයත්‍ථං ඛො ආවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති. -පෙ- කතමො ච භික‍්ඛවෙ මග‍්ගො, කතමා පටිපදා ආසවානං ඛයාය: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං භික‍්ඛවෙ මග‍්ගො, අයං පටිපදා ආසවානං ඛයායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.

45. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, ආස්‍රවක්‍ෂය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි … මහණෙනි, ආස්‍රවක්‍ෂය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ආස්‍රවක්‍ෂය පිණිස මේ මගය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.

1. 5. 6.

1. 5. 6.

විජ‍්ජාවිමුත‍්තිසුත‍්තං

විජ්ජාවිමුත්ති සූත්‍රය

46. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “කිමත්‍ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියත්‍ථං ඛො ආවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති. -පෙ- කතමො ච භික‍්ඛවෙ මග‍්ගො, කතමා පටිපදා විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං භික‍්ඛවෙ මග‍්ගො, අයං පටිපදා විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.

46. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු ය: “ඇවැත්නි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අර්‍හත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධිය යි. මහණෙනි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.

1. 5. 7.

1. 5. 7.

ඤාණදස‍්සනසුත‍්තං

ඤාණදස්සන සූත්‍රය

47. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “කිමත්‍ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: “ඤාණදස‍්සනත්‍ථං ඛො ආවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති. -පෙ- කතමො ච භික‍්ඛවෙ මග‍්ගො, කතමා පටිපදා ඤාණදස‍්සනාය: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං භික‍්ඛවෙ මග‍්ගො, අයං පටිපදා ඤාණදස‍්සනායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.

47. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, ඥානදර්‍ශනය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මග කවරේද , පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ “සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.