යෙදුමෙන් කියවන්න

අනුපාදාසුත‍්තං

1. 5. 8.

1. 5. 8.

අනුපාදාසුත‍්තං

අනුපාදා සූත්‍රය

48. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “කිමත්‍ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ: “අනුපාදාපරිනිබ‍්බානත්‍ථං ඛො ආවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති. සචෙ පන වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: “අත්‍ථි පනාවුසො, මග‍්ගො අත්‍ථි පටිපදා අනුපාදාපරිනිබ‍්බානායා”ති, එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ, අත්‍ථි ඛො ආවුසො, මග‍්ගො අත්‍ථි පටිපදා අනුපාදාපරිනිබ‍්බානායාති: කතමො ච භික‍්ඛවෙ, මග‍්ගො කතමා පටිපදා අනුපාදාපරිනිබ‍්බානාය, අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං භික‍්ඛවෙ, මග‍්ගො අයං පටිපදා අනුපාදාපරිනිබ‍්බානායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.

48. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි, මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, උපාදාන රහිත ව පිරිනිවීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීමට පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මඟ කවරේ ද පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ: “සම්මාදිට්ඨි … සම්මාසමාධි”යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.

(සබ‍්බං සාවත්‍ථිනිදානං.)

(සියල්ල සැවත නිදාන කොට ඇත)

අඤ‍්ඤතිත්‍ථියපෙය්‍යාලි

අඤ්ඤතිත්‍ථිය පෙය්‍යාල යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය :

විරාගසසඤ‍්ඤොජනානුසයා අද‍්ධාන ආසවක‍්ඛයා විජ‍්ජාවිමුත‍්තිඤාණඤ‍්ච අනුපාදාති අට‍්ඨිමෙති.

විරාග, සංයෝජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය, විජ්ජාවිමුත්ති, ඤාණදස්සන, අනුපාදා යී මේ සූත්‍රාන්ත අටෙකි යි.