කල්‍යාණමිත‍්තසුත‍්තං
1. 6. 1.
1. 6. 1.
කල්‍යාණමිත‍්තසුත‍්තං
කල්‍යාණමිත්ත සූත්‍රය
සබ‍්බං සාවත්‍ථිනිදානං.
සියල්ල සැවැත් නිදාන යැ.
49. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං කල්‍යාණමිත‍්තතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං: අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සම‍්මාසඞ‍්කප‍්පං භාවෙති -පෙ- සම‍්මාවාචං භාවෙති -පෙ- සම‍්මාකම‍්මන‍්තං භාවෙති -පෙ- සම‍්මාආජීවං භාවෙති -පෙ- සම‍්මාවායාමං භාවෙති -පෙ- සම‍්මාසතිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං බහුලීකරොතීති.
49. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කලණමිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේය අරිඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරිඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යග්සඞ්කල්පය වඩයි … සම්‍යග්වචනය වඩයි … සම්‍යක්කර්‍මාන්තය වඩයි … සම්‍යගාජීවය වඩයි … සම්‍යග්ව්‍යායාමය වඩයි … සම්‍යග්ස්මෘතිය වඩයි … විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.