සීලසුත‍්තං
1. 6. 2.
1. 6. 2.
සීලසුත‍්තං
සීල සූත්‍රය
50. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං; එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං සීලසම‍්පදා. සීලසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සීලසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. -පෙ- සම‍්මාසමාධිං භාවෙති: විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සීලසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති. අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.
50. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද උදා වන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි. මේ පූර්‍වනිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සීලසම්පදාව (සිවු පිරිසිදු සීලය) ක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මෙය පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය සීලසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, සීලසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙ සස්නෙහි මහණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිංශ්‍රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, සීලසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 3.
1. 6. 3.
ඡන්‍දසුත‍්තං
ඡන්‍ද සූත්‍රය
51. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං; එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං ඡන්‍දසම‍්පදා -පෙ- බහුලීකරොතීති.
51. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි. මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 4.
1. 6. 4.
අත‍්තසුත‍්තං
අත්ත සූත්‍රය
52. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං; එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අත‍්තසම‍්පදා -පෙ- බහුලීකරොතීති.
52. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මෙ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 5.
1. 6. 5.
දිට‍්ඨිසුත‍්තං
දිට්ඨි සූත්‍රය
53. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං; එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං දිට‍්ඨිසම‍්පදා -පෙ- බහුලීකරොතීති.
53. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මෙ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 6.
1. 6. 6.
අප‍්පමාදසුත‍්තං
අප්පමාද සූත්‍රය
54. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං; එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අප‍්පමාදසම‍්පදා -පෙ- බහුලීකරොතීති.
54. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් අප්‍රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 7.
1. 6. 7.
යොනිසොසුත‍්තං
යෝනිසෝ සූත්‍රය
55. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං; එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං යොනිසොමනසිකාරසම‍්පදා. යොනිසොමනසිකාරසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. -පෙ- සම‍්මාසමාධිං භාවෙති: විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති. අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.
55. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝ මනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මේ නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
1. 6. 8.
1. 6. 8.
දුතියකල්‍යාණමිත‍්තසුත‍්තං
දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
56. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං; එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං කල්‍යාණමිත‍්තතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම‍්මාසමාධිං භාවෙති: රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තතො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති. අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.
56. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්, මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්‍ය්‍යවසාන වූ ද්වේශවිනයෙහි පර්‍ය්‍යවසාන වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසාන වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනයෙහි පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනයෙහි පර්‍ය්‍යවසාන වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසාන වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 9.
1. 6. 9.
දුතිය සීලසුත‍්තං
දුතිය සීල සූත්‍රය
57. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිම‍්මිත‍්තං, යදිදං සීලසම‍්පදා. සීලසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති. (විත්‍ථාරෙතබ‍්බං)
57. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සිවුපිරිසිදු සීලයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතුයි. … බහුල කෙරේ යි. (විතර කට යුතු යි.)
1. 6. 10.
1. 6. 10.
දුතිය ඡන්‍දසුත‍්තං
දුතිය ඡන්‍ද සූත්‍රය
58. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං ඡන්‍දසම‍්පදා. ඡන්‍දසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.
58. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් කතතුකම්‍යතාකුසලච්ඡන්‍දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
1. 6. 11.
1. 6. 11.
දුතිය අත‍්තසුත‍්තං
දුතිය අත්ත සූත්‍රය
59. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අත‍්තසම‍්පදා. අත‍්තසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.
59. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
1. 6. 12.
1. 6. 12.
දුතිය දිට‍්ඨිසුත‍්තං
දුතිය දිට්ඨි සූත්‍රය
60. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං. එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං දිට‍්ඨිසම‍්පදා. -පෙ- බහුලීකරොතීති.
60. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. … බහුල කෙරේ යයි.
1. 6. 13.
1. 6. 13.
දුතිය අප‍්පමාදසුත‍්තං
දුතිය අප්පමාද සූත්‍රය
61. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අප‍්පමාදසම‍්පදා. අප‍්පමාදසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.
61. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් අප්‍රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මේ කැමති වියයුතු යි. … බහුල කෙරේ යයි.