යෙදුමෙන් කියවන්න

6. සූරියපෙය්‍යාලො අට‍්ඨකථා

6. සූරියපෙය්‍යාලය

1-14. කල්‍යාණමිත‍්තසුත‍්තාදිවණ‍්ණනා

1-14. කල්‍යාණමිත්ත ආදි සූත්‍ර වර්ණනා

සූරියපෙය්‍යාලෙ අරුණුග‍්ගං විය කල්‍යාණමිත‍්තත‍්තා, කල්‍යාණමිත‍්තතාය ඨත්‍වා නිබ‍්බත‍්තිතො සවිපස‍්සනඅරියමග‍්ගො සූරියපාතුභාවො වියාති එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. සීලසම‍්පදාති චතුපාරිසුද‍්ධිසීලං. ඡන්‍දසම‍්පදාති කුසලකත‍්තුකම්‍යතාඡන්‍දො. අත‍්තසම‍්පදාති සම‍්පන‍්නචිත‍්තතා. දිට‍්ඨිසම‍්පදාති ඤාණසම‍්පත‍්ති. අප‍්පමාදසම‍්පදාති කාරාපකඅප‍්පමාදසම‍්පත‍්ති. යොනිසොමනසිකාරසම‍්පදාති උපායමනසිකාරසම‍්පත‍්ති. පුන කල්‍යාණමිත‍්තතාතිආදීනි සම‍්මාදිට‍්ඨිආදීනං අඤ‍්ඤෙනපි ආකාරෙන භාවදස‍්සනත්‍ථං වුත‍්තානි. සබ‍්බානෙව චෙතානි සුත‍්තානි පාටියෙක‍්කං පුග‍්ගලජ‍්ඣාසයවසෙන වුත‍්තානීති.

සූරිය පෙය්‍යාලයෙහි - කල්‍යාණ මිත්‍රතාවය අරුණෝදයෙහි ආරම්භය මෙනි. කල්‍යාණ මිත්‍ර ස්වභාවයෙහි සිට උපන් බැවින් විදර්ශනා සහිත ආර්ය මාර්ගය සූර්යයාගේ පහළ වීම වැනි යයි කියනු ලැබේ. සියළු තන්හි මෙසේ අර්ථ දත යුතු වේ. සීල සම්පදා = චතු පාරිශුද්ධි ශීලය. ඡන්‍ද සම්පදා = ක්‍රියාකරනු කැමැත්ත, කුසලයෙහි කැමැත්ත අත්ත සම්පදා = සමෘද්ධ වූ සිත් ඇති බව, දිට්ඨි සම්පදා = ඥාන සම්පත්තිය. අප්පමාද සම්පදා = ක්‍රියා කරවන අප්‍රමාද සම්පත්තිය = යොනිසො මනසිකාර සම්පදා = පිළිවෙළ මෙනෙහි කිරීමේ සම්පත්තිය නැවත “කල්‍යාණ මිත්තතා” යන ආදිය සම්මා දිට්ඨි ආදියට වෙනස්වූ ආකාරයකින් ද අදහස් දැක්වීම පිණිස කියන ලදී. මේ සියළු ම සූත්‍ර වෙන් වෙන් පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලද්දේය.

සූරියපෙය්‍යාලවග‍්ගො.

සුරිය පෙය්‍යාලය නිමියේය.