යෙදුමෙන් කියවන්න

දුතිය යොනිසොසුත‍්තං

1. 6. 14.

1. 6. 14.

දුතිය යොනිසොසුත‍්තං

දුතිය යෝනිසෝ සූත්‍රය

62. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං යොනිසොමනසිකාරසම‍්පදා. යොනිසොමනසිකාරංසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති: රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති. අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.

62. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝමනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය. යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ ද්වෙෂවිනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්‍යක්දෘෂ්ටිය වඩයි … සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.

සුරියපෙය්‍යාලි.

සූරියපෙය්‍යල යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

කල්‍යාණමිත‍්තං සීලඤ‍්ච ඡන්‍දො ච අත‍්තසම‍්පදා දිට‍්ඨි ච අප‍්පමාදො ච යොනිසො භවති සත‍්තමන‍්ති.

කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.