යෙදුමෙන් කියවන්න

7. එකධම‍්මපෙය්‍යාලො

සම්පූර්ණ පරිච්ඡේදය

7. ඒකධම්මපෙය්‍යාලය

1. 7. 1.

1. 7. 1.

කල්‍යාණමිත‍්තසුත‍්තං

කල්‍යාණමිත්ත සූත්‍රය

63. සාවත්‍ථියං:

63. සැවැත්නුවර:

එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො. යදිදං කල්‍යාණමිත‍්තතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.

මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක යත්: මේ කල්‍යාණමිත්‍රත්‍වය යි. මහණෙනි අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නතු වූ සම්මා දිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුලකෙරේ යයි.

1. 7. 2.

1. 7. 2.

සීලසුත‍්තං

සීල සූත්‍රය

64. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං සීලසම‍්පදා. සීලසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

64. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ සිවුපිරිසිදු සීලය යි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතුයි ... බහුල කෙරේ යයි.

1. 7. 3.

1. 7. 3.

ඡන්‍දසුත‍්තං

ඡන්‍ද සූත්‍රය

65. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං ඡන්‍දසම‍්පදා. ඡන්‍දසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

65. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය යි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.

1. 7. 4.

1. 7. 4.

අත‍්තසුත‍්තං

අත්ත සූත්‍රය

66. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං අත‍්තසම‍්පදා. අත‍්තසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

66. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් යත්: මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.

1. 7. 5.

1. 7. 5.

දිට‍්ඨිසුත‍්තං

දිට්ඨි සූත්‍රය

67. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං දිට‍්ඨිසම‍්පදා. දිට‍්ඨිසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

67. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ ඤාණසම්පත්තිය යි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.

1. 7. 6.

1. 7. 6.

අප‍්පමාදසුත‍්තං

අප්පමාද සූත්‍රය

68. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං අප‍්පමාදසම‍්පදා. අප‍්පමාදසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

68. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ අප්‍රමාද සම්පත්තිය යි. මහණෙනි, අප්පමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.

1. 7. 7.

1. 7. 7.

යොනිසොසුත‍්තං

යෝනිසෝ සූත්‍රය

69. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො. යදිදං යොනිසොමනසිකාරසම‍්පදා. යොනිසොමනසිකාරසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති, ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති, විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.

69. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යෝනිසෝමනසිකාර සම්පන්න මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්‍ය වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.

1. 7. 8.

1. 7. 8.

දුතියකල්‍යාණමිත‍්තසුත‍්තං

දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය

70. සාවත්‍ථියං:

70. සැවැත්නුවර:

එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං කල්‍යාණමිත‍්තතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති, රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම‍්මාසමාධිං භාවෙති, රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.

මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කල්‍යාණමිත්‍රත්‍වය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ දෝසවිනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ ද්වේෂ විනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.

1. 7. 9.

1. 7. 9.

දුතිය සීලසුත‍්තං

දුතිය සීල සූත්‍රය

71. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං සීලසම‍්පදා. සීලසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

71. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ සිවු පිරිසිදු සීලය යි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.

1. 7. 10.

1. 7. 10.

දුතිය ඡන්‍දසුත‍්තං

දුතිය ඡන්‍ද සූත්‍රය

72. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං ඡන්‍දසම‍්පදා. ඡන්‍දසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

72. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය යි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.

1. 7. 11.

1. 7. 11.

දුතිය අත‍්තසුත‍්තං

දුතිය අත්ත සූත්‍රය

73. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං අත‍්තසම‍්පදා. අත‍්තසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

73. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්; මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යි.

1. 7. 12.

1. 7. 12.

දුතිය දිට‍්ඨිසුත‍්තං

දුතිය දිට්ඨි සූත්‍රය

74. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං දිට‍්ඨිසම‍්පදා. දිට‍්ඨිසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

74. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උදව් ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ ඤාණසම්පත්තිය යි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.

1. 7. 13.

1. 7. 13.

දුතිය අප‍්පමාදසුත‍්තං

දුතිය අප්පමාද සූත්‍රය

75. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං අප‍්පමාදසම‍්පදා. අප‍්පමාදසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං -පෙ- බහුලීකරොතීති.

75. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ අප්‍රමාද සම්පත්තිය යි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යි.

1. 7. 14.

1. 7. 14.

දුතිය යොනිසොසුත‍්තං

දුතිය යෝනිසෝ සූත්‍රය

76. එකධම‍්මො භික‍්ඛවෙ, බහුකාරො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය. කතමො එකධම‍්මො: යදිදං යොනිසොමනසිකාරසම‍්පදා. යොනිසොමනසිකාරසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං. අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො. අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.

76. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගය දුරලීම කෙළවර කොට ද්වේෂය දුරලීම කෙළවර කොට මෝහය දුරලීම කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යි.

එකධම‍්මපෙය්‍යාලි.

ඒකධම්මපෙය්‍යාල යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

කල්‍යාණමිත‍්තං සීලඤ‍්ච ඡන්‍දො ච අත‍්තසම‍්පදා දිට‍්ඨි ච අප‍්පමාදො ච යොනිසො භවති සත‍්තමන‍්ති.

කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍රයුගල සයෙකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.