උත්තියසුත්තං
1. 3. 10.
1. 3. 10.
උත්තියසුත්තං
උත්තිය සූත්‍රය
30. සාවත්ථියං:
30. සැවැත්නුවර:
අථ ඛො ආයස්මා උත්තියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උත්තියො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. පඤ්ච කාමගුණා වුත්තා භගවතා. කතමෙ නු ඛො පඤ්ච කාමගුණා වුත්තා භගවතාති.
එකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු චිත්ත විතර්කයෙක් පහළවිය: භාග්‍යවතුන් වහන්සේ විසින් පස්කම්ගුණ කෙනෙක් වදාරන ලදහ. කවර පස්කම්ගුණ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද” යි.
සාධු සාධු උත්තිය, පඤ්චඛො මෙ උත්තිය, කාමගුණා වුත්තා මයා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො උත්තිය, පඤ්ච කාමගුණා වුත්තා මයා. ඉමෙසං ඛො උත්තිය, පඤ්චන්නං කාමගුණානං පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙසං ඛො උත්තිය, පඤ්චන්නං කාමගුණානං පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
උත්තිය, මැනව මැනව. උත්තිය, මේ පස්කම්ගුණ කෙනෙක් මවිසින් පවසන ලදහ. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාම සංහිත වූ ඇලුම් කටයුතු වූ ඇසින් දැක්කයුතු රූපයෝ ය ... කනින් ඇසියයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්ධයෝ ය ... දිවෙන් දතයුතු රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්ශයෝ ය. උත්තිය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු මේ පස්කම්ගුණයෝ මා විසින් පවසන ලදහ. උත්තිය, මේ පස්කම්ගුණයන්ගේ ප්‍රහානය පිණිස අරිඅටඟිමඟ වැඩියයුතු. කවර අරිඅටඟිමගෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. උත්තිය, මේ පස්කම් ගුණයන්ගේ ප්‍රහානය පිණිස මේ අරිඅටඟිමගෙක වැඩියයුතු යි.
මිච්ඡත්තවග්ගො තතියො.
තෙවැනි මිච්ඡත්ත වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය මෙසේ ය:
මිච්ඡත්තං අකුසලධම්මං දුවෙ පටිපදා’පි ච, අසප්පුරිසෙන ද්වෙ කුම්භො සමාධි වෙදනුත්තියාති.
මිච්ඡත්ත සූත්‍රය, අකුසලධම්ම සූත්‍රය, පටිපදා සූත්‍ර දෙක ය. අසප්පුරිස සූත්‍ර දෙක ය, කුම්භ සමාධි වේදනා උත්තිය සූත්‍ර සතර යැයි සූත්‍ර දශයෙකි.